Author: LFN

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇති වේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තද සුළං ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…

Read More

දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “මහජනතාවගේ බැංකු තැන්පතුවල සහ බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් නොයෙක් අනුමාන, උපකල්පන ප්‍රචාරය වන බව දක්නට ලැබෙනවා. මහ බැංකුව පාර්ශවයෙන් අපගේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිමයි. ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිත භාවය සහතික කිරීමට අපි පියවර ගන්නවා.”

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් හෙට (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ. මේ වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්ය. එම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වන බව මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තාගේ සමීපතමයෙකු වන චමින්ද කුමාර සිල්වා හෙවත් “බඩෝවිට ලොකු මල්ලී” හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැවපාර, අත්තිඩිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක්දී සැකකරු අත්අඩංගුවට ගෙත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. අදාළ සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු වන බව සඳහන්ය. මොටර්ථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ මොටර් රථය තුළ රුපියල් ලක්ෂ 03ක පමණ වටිනාකමක්න් යුත් හෙරොයින් ග්‍රෑම් 16කට අසන්න ප්‍රමාණයක් සහ තියුණු ආයුධ දෙකක් සොයාගත්…

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පැය 24ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් නියමිත කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර තිබෙනවා. එම හේතුවෙන් අද (10) දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් මෙලෙස අවලංගු කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, අද (10) මාධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි. ස්ථානාධිපති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේනතුව පවසනවා. ඒ අනුව නානුඔය සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවන බව නිවේදනය කර තිබෙනවා. ගනේවත්ත සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා පෙ.ව 3.55ට ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය මෙන්ම…

Read More

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබේ. තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වෙයි. දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිතය. එම තරග තුනම හම්බන්තොට දී පැවැත්වෙයි. ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මැයි 29 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

පාකිස්තානය සම්බන්ධයෙන් පවතින අවම විශ්වාසය නිසා ණය මුදල් අනුමත කිරීම සඳහා තවත් සහතිකයන් ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පාකිස්තානයට දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ජුනි මාසය වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ණයක් ආපසු ගෙවීමේ සැලස්ම ඉදිරිපත් කරන ලෙස පාකිස්තානයෙන් ඉල්ලා ඇති අතර එහිදී මිත්‍ර පාර්ශ්ව රටවල ශක්තිමත් සහයෝගයක් ද පෙන්වීමට අවශ්‍ය බවය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් තහවුරු කරගැනීමේ උත්සහයක් ලෙස පාකිස්තානයට අතරමැදි අයවැයක් හරහා රුපියල් බිලියන 170ක් බදු අය කරගැනීමේ සැලසුමක් තිබූ අතර එම අයවැය පෙබරවාරි 09 වනදා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණු…

Read More

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇතිවූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි. එම සිද්ධියෙන් පසුව ඒ පිළිබඳව ක්‍රමානුකූල පරීක්ෂණ පවත්වා මේ වනවිට සාමාන්‍ය පරිදි අක්ෂි ශල්‍යකර්ම සිදුකරමින් පවතින බවද ඒ මහතා පැවසීය. අක්ෂි ශල්‍යකර්මවලින් පසුව භාවිත කරන ඖෂධයක විෂබීජ ඇති බවට පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වූ බවත් එහෙත් මේ වනවිට එම ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇති බවත් වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.

Read More

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, සමාජික ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අ‍ාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

Read More

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් බිමට වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය හමුවේ පාපෝච්චරණය සිදුකර පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන්න බවය. ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ, සීනිගම දේවාලයත් හික්කඩුව පොලීසියත් අතර ප්‍රදේශයේදීය. ඒ, කළුතර පොලීසියට ලද තොරතුරකට අනුවය. ඔහු කළුතර, ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි අයෙකි. සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිටින බවටත් ඔහු ඊයේ අලුයම මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බවටත් පොලීසියට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව, පොලිස් නිලධාරියෙකු උපායදූතයෙකු ලෙස සැරසී මෝටර් රථය ලබාදීම සඳහා අම්බලන්ගොඩ ප්‍රදේශයට ගිය ද සැකකරු අවස්ථා කිහිපයකදී විවිධ…

Read More