Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තමන්ගේ තොරතුරු කාටවත් දෙන්න එපා -පොලිසිය
    Featured

    තමන්ගේ තොරතුරු කාටවත් දෙන්න එපා -පොලිසිය

    By LFNJune 6, 2023No Comments2 Mins Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බෞද්ධ ඉගැන්වීම් විනාශ කිරීමට නොහැකි තත්ත්වයක් තුළ බුදු දහම විනාශ කර මෙරට බෞද්ධ සංස්කෘතිය හා එහි පදනම විනාශ කිරීමට බලා සිටින බටහිර බලවේගවල මීළඟ සැලසුම බවට පත්ව ඇත්තේ බෞද්ධ අනුගාමිකයන් විනාශ කිරීමට බවත්, ඒ සඳහා ඔවුන් බෙදා වෙන්කිරීමේ න්‍යාය භාවිතයට ගන්නා බවට පෙන්වා දිය හැකිය.

    මෙම ව්‍යාපෘතිය ඉතා සූක්‍ෂම ලෙස සකස් කෙරෙන්නේ සංඝයා වහන්සේට බැන වැදීමට බෞද්ධයන් දිරිමත් කිරීමටත්, බෞද්ධයා පන්සල් යාමෙන්, දන් දීමෙන්, හාමුදුරුවරුන් ළඟට ගොස් උන්වහන්සේලාගේ නැණවත් උපදෙස් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත්, ඔවුන්ගේ ගෘහ කටයුතුවලට බෞද්ධ සංඝයා ඇසුරු කිරීමට ඔවුන්ව අධෛර්යමත් කිරීමට කටයුතු කරමින් බවද, මෙම තත්වය මෙරට ජනතාව වටහාගත යුතුව ඇත.

    දැනට ඇති නවතම නැඹුරුව වන්නේ සමාජ මාධ්‍ය හරහා ප්‍රහසන / විකට / උපහාසාත්මක / යොවුන් නාට්‍ය රංගන ඉදිරිපත් කිරීමයි. තරුණයින්ට සහ තරුණ වැඩිහිටියන්ට (නව ඡන්දදායකයින් සහ පාවෙන ඡන්දවලට) බලපෑම් කිරීමට ඔවුන්ට සිතිය හැකි ඕනෑම ආකාරයක ක්‍රියා පටිපාටියක් භාවිතා කිරීම මේ මගින් කරනු ලැබේ. ඔවුන්ගේ පිටපත් සිංහල බෞද්ධයන් ඉලක්ක කර ගනිමින් සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතිය / චාරිත්‍ර වාරිත්‍ර / සම්ප්‍රදායන්ට සිනාසීම සහ මේවා හෑල්ලු කිරීම පමණක් නොව බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කිරීම විලාසිතාවක් නොවන බවට මනෝවිද්‍යාත්මක මතයක් ඉදිරිපත් කිරීම මෙම ප්‍රවනතාවය අන්වීක්ෂීය නිරීක්ෂණයට ලක් කිරීමෙන් පැහැදිලි වේ. අපිට දැන් බුදුන් වහන්සේගේ ධර්මයට පමණක් නොව බෝධිසත්වයන්ට පවා සෘජු ප්‍රහාර එල්ල කරනවා නිරීක්ෂනය කළ හැක. මේ සියල්ල ඔවුහු තම “නිර්මාණශීලිත්වය” සහ “ඉදිරිපත් කිරීමේ හැකියාව” විදහා දක්වන තාරුණ්‍යය ලෙස ඉදිරිපත් කරති. නමුත් මේ නිර්මාණශීලිත්වය එක මාතෘකාවක් වන සිංහල බෞද්ධයෝ අරමුණු කරගෙන පමණක් සීමා වෙන්නේ කුමන හේතුවක් නිසාද ?. ඒ, එම අරමුදල් එන්නේ සිංහල බෞද්ධයන් කෙලෙසීමට පමණක් වන බැවිනි. ඔවුහු හොඳින් සූදානම් වී ඇති අතර ඔවුන්ගේ නිර්මාණවලට පිටුබලය දීම සඳහා ඔවුහු සියලු ආකාරයේ උදාහරණ සහ න්‍යායන් යොදා ගනිති. ඔවුන් කණ්ඩායමක් ලෙස ගන්නා උත්සාහය, ඔවුන්ගේ වැඩ සැලැස්ම කුමක් දැයි සහ ඔවුන් පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සිංහල බෞද්ධයා දැන් කල්පනා කළ යුතුය. ඔවුන් භාවිතා කරන නවීන උපකරණ පමණක් නොව නිර්මාණාත්මක වේදිකා දෙස නිරීක්ෂණාත්මක ඇස යොමු කරන්නේ නම් ඔවුන්ට අරමුදල් සපයන්නේ කවුදැයි යන්න විමසීමට අවශ්‍ය වන කරුණු සම්බන්ධයෙන් බොහෝ දේ මතු පිටට පැමිණෙයි. ඔවුන්ට ලැබෙන ප්‍රතිපාදන කිසිවක් ස්වේච්ඡාවෙන් ලබුණු දේ නොවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.