Author: LFN

පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙ⁣දරේරැවෙකු සමග ජීවත්වූ කාන්තාවක් ඝාතනය කර පළායමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අද (09) දහවල් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසයි. ඔවුන් එම කාන්තාවගේ ගෙල කපා ඇති බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකාරිය අදාළ පෙදරේරුවාගේ දික්කාසද බිරිඳ බවත් අනෙක් සැකකරැ එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් පොලිසිය කීය. පෙදරේරුවා අද (09) උදෑසන නිවසින් පිටව ගිය පසු ඝාතනය සිදුකළ සැකකාරිය සහ සැකකරු එම නිවසට පැමිණ ඝාතනයට ලක්වූ කාන්තාවට කතාකර නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් පහරදී ඇති බව අනාවරණය වූ බව පොලිසිය කීය. මෙලෙස ඝාතනය කර ඇත්තේ වලස්මුල්ල, කටුවන…

Read More

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සැලකිලිමත් වන ලෙසය. මෙම පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 02ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් පමණ වන අතර විටින්විට එය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකිය. ඒ අනුව ඉහත මුහුදු ප්‍රදේශ ඉතා රළුවන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත…

Read More

මෙරට නිෂ්පාදිත තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද (09) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, මිල වැඩිව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල පමණක් බවය. මෙරට තිරිඟු පිටි නිෂ්පාදකයින්ගෙන් මිල ගණන් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් මේ බව සඳහන් කළ බව අමාත්‍යවරයා පැවසුවේය. ප්‍රශ්නය – පිටිවල රේගු බදු 3%කින් වැඩිවුණා. නමුත් වෙළෙඳපොළේ පිටි මිල රු 10කින් වැඩිවෙනවා. මොකද්ද මේ සූත්‍රය ? “මේ පිළිබඳ ඉතාම වැරදි සහගත ප්‍රවෘත්තියක් යන බව තමා පිටි නිෂ්පාදනය කරන සමාගම් සඳහන් කළේ. මම අදාළ සමාගම් දෙකෙන්ම ප්‍රධාන නිලධාරීන්ට දුරකථනයෙන් කතා කළා. මට වගකීමෙන්…

Read More

මැයි 09 මිනිමරු අරගල සහසිකයන්ගේ දිනයයි මුලු රටම ගිණිබත් කල ලේ විලක් කල මිලේච්ඡයන් පසු පස අරගල සාපය ලුහුබදිමින් ඇත. අට දෙනෙකු අමානුෂිකව මරා 274 දෙනකෙුට මාරාන්තික ප්‍රහාර එල්ල කර රෝහල් ගත කර, නිවාස සහා වාහාන 186 ක් ගිණිබත් කල ලේපිපාසිත අරගලකරුවන්ගේ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට වසරක් සපිරෙයි. මැයි 09 වන දින මංකොල්ලකෑම්, දේපල හානි, පහරදීම් ඇතුලු සිද්දීන් 856 සිදුවී ඇති අතර,මේ වන විට පුද්ගලයින් 2637 ක් අත්අඩංගුවට ගෙන ඇත. ගාලුමුවදොර අරගලයේදී පුලක් කෑපු කට්ටඩියාට හෙණයක් ගැසුවා. ගාලුමුවදොර අරගලයේ මුලින්ම පාරට බැස්ස ක්‍රියාකාරිකයා සිය දිවි නසාගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ඝාතනය කර බන්ධනාගර ගතව සිටි දෙදෙනෙකුට පිළිකාවක් සෑදී මිය ගියා.…

Read More

සෙල්වම් සන්නිදි මුරුගන් කෝවිලේ සිට කතරගම දේවාලය දක්වා සිදුකරන වාර්ෂික පාද යාත්‍රාව පසුගිය (06) වන දින ගමන් ආරම්භ කරන ලදී. පාද යාත්‍රාවේ බැතිමතුන් අද (09) දින උදෑසන වන විට කිලිනොච්චිය දිස්ත්‍රික්කය හරහා ගමන් කරමින් සිටී. මේ දක්වා ගමන් කල ගමන් මාර්ගයේදී බැතිමතුන්ගේ විඩාව සමනය කිරීම සඳහා බොහෝමයක් යුද්ධ හමුදා කඳවුරු අසලදී විවිධ සංග්‍රහ සහ වෛද්‍ය ආධාර වැඩසටහන් සිදුකරනු දක්නට ලැබිණ. අද (09) දින අලිමංකඩ යුද්ධ හමුදා මර්ග බාධකය හරහා බැතිමතුන් ගමන් කරමින් සිටියදී, ඔවුන්ගේ විඩාව දුරු කිරීමට තේ පැන් සංග්‍රහයක් සහ වෛද්‍ය ආධාර ලබා දීමේ වැඩ සටහනක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කර තිබුණි. යාපනය ප්‍රදේශයේ දමිළ දේශපාලන නායකයින් බෞද්ධ…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ අතර, දැනට ඉදිරිපත්ව ඇති “ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත” වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ලිපියක් භාර දී තිබේ. අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්‍රීවරු එම ලිපියට අත්සන් තබා ඇත.

Read More

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්‍යාංශයට සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම විරෝධතාකරුවන්ට තහනම් වේ. කොල්ලුපිටිය පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළ බව .

Read More

උතුරු – නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා තිබේ. අද (09) දිනය තුළ ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයට ආරාධනා ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේය. ඒ සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ පවත්වා තිබේ. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු පිරිසක් සහභාගී වූ බව එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Read More

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සිදුකිරීමට නියමිත බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් දීපව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව…

Read More

අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ දී වැටලීම කර තිබේ. ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර, කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව වාර්තා වේ. මියගිය පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 06 වනදා…

Read More