Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සැමියාට වෙඩි තැබුවේ කවුදැයි බිරිඳගෙන් හෙළිදරව්වක්
    Featured

    සැමියාට වෙඩි තැබුවේ කවුදැයි බිරිඳගෙන් හෙළිදරව්වක්

    By LFNJune 6, 2023No Comments2 Mins Read276 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බත්තරමුල්ල ප්‍රදේශයේ රක්ෂණ ආයතනයක අභිනව සභාපතිවරයා අද (05) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබුණි.

    මීගොඩ ප්‍රදේශයේදී තුවක්කුකරුවෙක් ඔහුට වෙඩි තබා තිබුණේ ඔහු නව ධුරයේ වැඩ භාරගැනීම සඳහා යමින් සිටියදීය.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ සභාපතිවරයාගේ පවුලේ ඥාතීන් පවසන්නේ ආයතනයේ හිටපු ප්‍රධානියෙකු මෙම වෙඩිතැබීම පසුපස සිටින බවට සැකයක් ඇති බවය.

    අද උදෑසන 6.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණේ මීගොඩ වල්පිට ගැමුණු මාවත ප්‍රදේශයේදීය.

    සිය නිවසේ සිට මෝටර් රථයෙන් එම පුද්ගලයා පිටව යන අවස්ථාවේදී ගැමුණු මාවත අසල රැඳී සිටි පුද්ගලයෙකු මෝටර් රථයට එක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

    පොලීසිය පැවසුවේ ඉන් නොනැවතුණු වෙඩික්කරු මෝටර් රථය ලුහුබඳිමින් තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බවය.

    ඒ අනුව වෙඩි ප්‍රහාර 4 ක් මෝටර් රථයට එල්ල කර තිබුණු බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    සිද්ධියෙන් තුවාල ලැබුවේ වල්පිට තිසර උයන ප්‍රදේශයේ පදිංචි දර්ශන සමරවික්‍රම නම් 62 හැවිරිදි පුද්ගලයෙකි.

    ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

    පොලීසිය පැවසුවේ වෙඩි ප්‍රහාර 4 ම ඔහු වෙත එල්ලවී ඇති අතර ඔහුගේ අතකට තුවාල සිදුවී ඇති බවය.

    ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් සාමාන්‍ය වාට්ටුවක මේ වන විට ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.

    ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ රක්ෂණ ආයතනයක සභාපතිවරයා වශයෙන් වැඩභාරගැනීමට යමින් සිටියදීය.

    මීට පෙරද ඔහු එම ආයතනයේම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක්‍රියාකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ මාධ්‍යට මෙලෙස අදහස් පළ කළාය.

    “එයා සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපති. එයත් එක්ක හිටපු …. කියන තැනැත්තා එකට වැඩ කළා අවුරුද්දක් විතර. ඒ අතරේ එයාගේ තිබුණු ගිණුම් ප්‍රශ්නයකට මහත්තයාට සම්බන්ධවෙන්න කිව්වාම බැහැ කියලා මහත්තයා ඒක ප්‍රතික්ෂේප කළා… ඒ 6 දෙනෙක් එක්ක. ඒ සමග එයා මේ ගොල්ලොන්ව අයින් කරන්න කියලා නඩුවක් පැවරුවා. ඒ නඩුව ගිය 02 වනදා විනිසුරුතුමා විසින් ප්‍රතික්ෂේප කළා. ඒ නඩුවේ උප සභාපති සභාපති වෙන්න තමයි තිබුණේ. එතකොට අද දිනයේ එයා වැඩභාර ගන්න වෙලාවේ තමයි මේ වෙඩි තැබීම සිදුකළේ. ඒක සම්පූර්ණයෙන්ම අපි කියනවා ….. නමැත්තා තමයි මේක කළේ කියලා. මේ පුටුවේ වාඩි වෙන්න දෙන්නේ නැහැ කියලා මීට කලිනුත් එයාට මරණ තර්ජන තිබුණා.”

    කෙසේවෙතත් වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසියෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.