Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
කළුතර ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව පළාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අදාළ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවය. එසේම අදාළ සැකකරු කළුතර ප්‍රදේශයේ පදිචි විවාහක අයෙකු බවත් අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. මේ අතර ඉදිරි අවශ්‍යතාවය අනුව සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් කටයුතු සිදුකරනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත්…
විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනක රත්නායක මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසර සඳහා ඉදිරිපත් කළ විදුලි ඉල්ලුම පිළිබඳ දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බවට ඔවුන් මේ වනවිට පිළිගෙන ඇති බවය. ඒ අනුව එම තක්සේරුව මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි මාසයේදී ක්‍රියාවට නැංවූ සියයට 66ක විදුලි ගාස්තුව වැරදි තීරණයක් බවට එමගින් තහවුරු වී ඇති බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් පවසයි. අදාළ නිවේදනය පහතින්.
යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි හෙට (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25වෙනි සැසි වාරයේදි නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. එම සැසි වාරය හෙට විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වේ. ඒ සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් එහි විදේශ ක්‍රියාකාරී සේවාවේ ආසියා පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ පවෝලා පම්පලෝනි මහත්මිය සහභාගී වේ. විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අරුණි විජේතිලක මහත්මිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරණ බව අමාත්‍යංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 03න්වන ශ්‍රේණියට බඳවා ගැනීමට අදාළ තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවන දින ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව, අදාළ සම්මුඛ පරීක්ෂණ මැයි 22 සිට ජුනි 01 දින දක්වා සිය අමාත්‍යංශයේදී පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙබ් අඩවියේ ඇතුළත් බවද එම අමාත්‍යංශය සඳහන් කළා. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 03න් වන ශ්‍රේණියට බඳවා ගැනීමට අදාළ සීමිත තරග විභාගය 2019 පෙබරවාරි 10 වනදා පැවැත්වුණා.
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා හතර සඳහා නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කර අවසන් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්වලින් පැවසේ. මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට ( 9) දහවල් 12.00 ට පැවැත්වීමට නියමිතය. කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු සෙසු කොමිෂන් සභා පත් කිරීම ප්‍රමාද කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවයි. එම කොමිෂන් සභා හැකි ඉක්මනින් පත්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය. ස්වාධීන කොමිෂන්…
“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ. ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් එම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට ආසන්න කාලයක් නතරවී තිබුණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මහා භාණ්ඩාගාරය විසින් එම මුලද ලබාදී දුන් බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාළ මුදලින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර මේ වනවිට නතරවී ඇති නිවාස 2,265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවය.…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මෙම සතිය තුළ සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එක් එක් විෂයන් හි පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ දැනුම්දීම් මේ වන විට සිදුකර ඇති බවය. එම අචාර්යවරුන්ගේ අන්‍යතාව හෙළි නොකිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන බැවින් ඒ සඳහා සහභාගී වන්නන් හෝ ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් නොකරන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. කෙසේවෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කාර්යයට අවශ්‍ය වන විශ්වවිද්‍යාල ගුරුවරුන් විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය හරහා අදාළ කටයුතු මේ වන…
විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව අද (08) පෙරවරුවේ පැවැත්වෙන බව සමගි ජනබලවේගයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබේ. කෙසේවෙතත් අදාළ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයට අමතරව සෙසු විපක්ෂයේ දේශපාලන පක්ෂ නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති බව සඳහන්ය. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවදානය යොමුකිරීමට නියමිතය. එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දි මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව විපක්ෂය කටයුතු කරන ආකාරය…
වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බව ද ඒ මහතා කියා සිටියේය. ඒ අනුව වසර 5කට වඩා එක දිගට ආදායම් බලපත්‍ර ලබානොගෙන සිටින වාහන සොයා දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත්කරන බව ද නිශාන්ත අනුරුද්ධ මහතා පැවසීය.
පිටකොටුව තොග වෙළෙදපොලෙ සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 240 දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති. ලෝක වෙළඳ පොලේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා වැඩි වීම නිසා සීනි තොග මිල මෙසේ ඉහළ යාම ට හෙතුව බව ආනයනය කරුවෝ කියති. පසුගිය කාලයේ සීනි කිලෝවක තොග මිල වූයේ රුපියල් 190ක් ලෙසිනි.