Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මෙරට දැවැන්තම දේශපාලන සන්ධානය නුදුරේදීම ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කඩා වැටුනු රට නගා සිටුවිය හැකි එකම වැඩපිළිවෙළ පවත්නිනේ සමඟි ජන සන්ධානයට බවයි විපක්ෂනායකරවරයා සඳහන් කළේ. සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම නිශ්පාදන කර්මාන්ශාලා ආරම්භ කිරීම සමඟි ජනබලවේගයේ වැඩපිළිවෙළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් ආණ්ඩු විරෝධි කණ්ඩායමක නායකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. III චාල්ස් රජගේ රාජාභිෂේකය පසුගිය (06) පැවති අතර එයට විරෝධය පළකරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්‍රයේ විරෝධාතවල නිරත විය. III චාල්ස් රජු තමන්ගේ රජු නොවන බව පවසමින් විරෝධතා පුවරු අතැතිව ඔවුන් විරෝධතාවයේ නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝධතාවයේ නිරත පිරිස් මාර්ග අවහිර වන ලෙස විරෝධතාවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනිම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙක් නොවන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං ධෝනි පවසයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං ධෝනි, “මම පෞද්ගලිකව හිතන්නේ ඔහු රතු – පන්දු තරග ගොඩක් ක්‍රීඩා කළ යුතු නැහැ. මම හිතන්නේ ඔහු ඉන් ඈත් කර තබන්න ඕන.සුදු පන්දු ක්‍රිකට්වල පවා පන්දුවාර 50 රටාව ඔහු හැකිතාක් අඩුවෙන් ක්‍රීඩා කළ යුතුයි. ICC තරගාවලි ක්‍රිඩා කළ යුතුයි.මොකද එයා ගොඩක් වෙනස් වෙන කෙනෙක් නොවෙයි.සෑම විටම තීරණාත්මක අවස්ථාවලදී ඔහුව භාවිත කරන්න පුළුවන්.නමුත් ඔහු සියලු ICC තරගාවලි සඳහා සුදුසු තත්ත්වයකින් පසුකර ගැනීමට වග බලා ගත යුතුයි. ඔහු ශ්‍රී…
කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ එම වැඩපිළිවෙළ යටතේ පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර ඇති බවය. ලබන මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය. “අපි වැඩපිළිවෙලක් විදියට අලුතින්ම පටන් ගත්තා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් පෙර පාසල් දරුවන්ට ලබා දීමට කටයුතු කරන්න. ඒ සඳහා සියල්ල සූදානම් කරමින් ලබන මාසේ වෙනකොට බෙදන්න ගන්නවා. ඊට අමතරව දරුවන්ට බිත්තරයක් වගේ පෝෂදායි ආහාර වේලකට අවශ්‍ය දේවල් අඩු මුදලකට ලබා දෙන්න…
රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. කොලොන්න ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් රැඳී සිටිය දී එලෙස අත්අඩංගුවට පත්ව තිබුණි. එම කාන්තාව විසින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් 5දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇත. මුදල් වංචාවට හසුවූ තරුණයින් විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. රුමේනියාවේ සුපිරි වෙළෙඳසැලක මාසයකට රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක වැටුපකට රැකියාවට යවන බව පවසමින් අදාළ කාන්තාව එම තරුණයින්ගෙන් මුදල් වංචාකර ඇත. මාස හතරක කාලයක් තිස්සේ මුදල් ගත් අදාළ…
තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, බදු සහනය ඉවත් කෙරුණුද පිටි මිලෙහි කිසිදු වැඩිවීමක් සිදුනොවන බවය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ (07) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “තිරිඟු පිටිවලට රුපියල් 3ක රේගු බද්දෙන් සහනයක් ලබාදීලා තිබුණා. අපි නැවත පැනවේවා ඒ රුපියල් 3. ඒකේ ප්‍රධානතම හේතුව අපේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශකය අපේ රටේ වී ගොවියා ආරක්ෂා කිරීමට විශල වගකීමක් තියෙනවා. වී ගොවීන්ගෙන් 90%ක්ම යැපුම් මට්ටමේ ගොවියෝ ඒ…
2027 සිට 2030 දක්වා ප්‍රධාන ජනන සැලසුමට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති එක් කිරීම වෙනුවෙන් වන සැලසුම ලංකා විදුලිබල මණ්ඩලය විසින් විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ පරිශ්‍රයේදී කංචන විජේසේකර අමාත්‍යවරයා අදාළ සැලසුම් වාර්තාව භාරදී ඇති බව සඳහන්ය. පසුගිය වසරේ පුනර්ජනනීය බලශක්තිය ලෙස මෙගා වොට් 211ක් පද්ධතියට එකතු කර ඇති අතර ඉන් මෙගා වොට් 146ක් වහළය මත සවි කරන ලද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 2027 – 2030 කාලය තුළ අමතර මෙගා වොට් 3075ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් (08) දිනයේ එම දිස්ත්‍රික්කයට පිටත් කර හැරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවය. එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට තීරණය කර තිබේ. මීට අමතරව රට තුළ පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් ද පත්කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය…
කීරි සම්බා උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. නිවේනදයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ, පසුගිය 02 වනදා නිකුත් කර ඇති ඇති අංක 2278/02 දරන ගැසට් නිවේදනය අනුව කිරී සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260ක් බවය. එම උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එමෙන්ම අසත්‍ය ප්‍රචාරණයන්ට නොරැවටෙන ලෙසත් කීරි සම්බා රුපියල් 260ක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි නොකළ යුතු බවටත් සියලුම සහල් මෝල්හිමියන්ට සහ ව්‍යාපාරිකයින් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී ඇත.…
කිසිදු හේතුවක් මත ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ කිහිපයකට නව බස් රථ බෙදා දීමට ඊයේ (07) එක්වෙමිනි. බස් රථ බෙදාදීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අතර වචන හුවමාරුවක් ද සිදුවුණි. රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල, බලන්ගොඩ සහ කලවාන යන ඩිපෝ සඳහා නව ලංගම බස්රථ බෙදාදීමක් රත්නපුර නව නගරයේදී අද පැවැත්වුණි. ඒ, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. රජයේ මැති ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද එම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණි. මෙහිදී බෙදාදුන් බස් රථ සංඛ්‍යාව 23කි. උත්සවයේ…