Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
රුපියල් කෝටි 3ක පමණ වන රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා තම 40 හැවිරිදි බිරිය ඝාතනය කළ 25 හැවිරිදි තරුණයා පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා තම මිත්‍රයෙකු යොදවා රිය අනතුරක් සිදුකර එම කාන්තාව ඝාතනය කර ඇති බවය. පිටිගල මානම්පිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශීය සභාව අසල මාර්ගය අයිනේ රැඳීසිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. ජීප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ අතර පසුව එය පැදවූ පුද්ගලයා ජීප් රථයත් සමග එම ස්ථානයෙන් පළාගොස් තිබුණි. අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 40 හැවිරිදි නිරෝෂා උදයංගනී නමැති කාන්තාවකි. මියගිය කාන්තාවගේ 25 හැවිරිදි සැමියා ඇය සමග අනතුර සිදුවූ ස්ථානයට යතුරුපැදියකින් පැමිණ…
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය ඊයේ (06) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය. මෙහිදී බ්‍රිතාන්‍යයේ නව රැජින ලෙස අභිෂේක ලැබුවේ, ඩයනා කුමරියගේ දික්කසාදයෙන් පසු චාල්ස් කුමරු විවාහ කරගත් කැමිලා බෝල්ස් පාකර් ය. දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග රාජ්‍යත්වයට පත්වූ තෙවන චාල්ස් රජු සහ රජ මෙහෙසිය කැමිලාගේ රාජාභිෂේක මංගල්‍යය අද පැවැත්විය. ඒ ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදීය. වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පළමු රාජාභිෂේකය වන මෙය වසර 1,000ක පැරැණි චාරිත්‍ර විධි අනුගමනය කිරීම විශේෂත්වයකි. III චාල්ස් රජුගේ රාජාභිෂේක සැමරුම් විධිමත්ව ආරම්භ වුණේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ගමන් කරනා පෙරහැරකිනි. ඒ අනුව එය ගමන් කරනා මඟ දෙපස පිහිටුවා…
දිවයින පුරා ඇති විශ්වවිද්‍යාලවල සිසුන්ට ආදර්ශයක් සපයමින් යාපනය සරසවි සිසුන් විසින් සරසවි භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කර තිබේ. එය මේ වනවිට විවෘත කිරීමට සූදානමින් ඇති බව වාර්තා විය. ඒ අනුව රජ සමයෙන් පසු යාපනය දිස්ත්‍රික්කයේ ඉදි වුණු ප්‍රථම බෞද්ධ විහාරස්ථානයද එය බව වාර්තා වෙයි. එය නම් කර ඇත්තේ සරසවි විහාරය නමිනි. ජාති, ආගම්, කුළ භේදයකින් තොරව යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුසිසුවියන් එකතුවී සම භූමි ප්‍රමාණයකින් යුක්තව මෙම ආගමික සිද්ධස්ථාන ඉදිකර තිබීම විශේෂත්වයකි. මේ සඳහා ඔවුන් මුදල් සොයාගෙන ඇත්තේ කැට ව්‍යාපාර සහ සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමිනි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දීර්ඝ කාලයක සිට පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවු රෝහල් සේවකයෙකු ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අද (06) පෙරවරුවේ සැකකරුවන් 6 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. 2020 වසරේ සිට අදාළ සොරකම සිදුවී ඇති අතර ඔවුන් විසින් සොරකම් කර ඇති ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව 210ක් බව සඳහන්ය. සොරාගත් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 25,000ත් 40,000ත් අතර මුදලකට විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට…
ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට පිටිගල පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබේ. පොලීසිය පවසන්නේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බවය. පිටිගල මානමිපිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශිය සභාව අසල මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එය ඝාතනයක් බවය. අනතුරුව සැකපිට අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා මෙම ඝාතනය කර ඇති බවය. මියගිය කාන්තාව 40 හැවිරිදි වියෙහි පසුවන අතර ඇයගේ සැමියා 25…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායක හමුවකට සහභාගීවී තිබේ. එංගලන්තයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ මෙම හමුව සිදුවී ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 56ක නායකයින් ඊට එක්වී තිබේ. එය පැවැත්වුණේ තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධානත්වයෙනි. ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද එක්වී තිබේ. මෙම වසර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණයින්ගේ වසර ලෙස නම් කිරීමට ද මෙම සමුළුවේදී තීරණය කර තිබේ. එම රාජ්‍ය නායක හමුවේදී අදහස් දක්වමින් චාර්ල්ස් රජු ප්‍රකාශ කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලය තම ජීවිතයේ ප්‍රමුඛස්ථානයක පවතින අතර එම රටවල සාරධර්ම සහ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවය. මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
කුරුණෑගල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදීමට විරෝධය පලකරමින් සංඛේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ තම සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් ක්ෂේත්‍ර රාජකාරී වලින් ඉවත් වන බවය. එමෙන්ම ඒ මහතා පැවසුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළෙඹෙන බවය. නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලක බිත්තර තොග සඟවාගෙන ඇති බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහර දීමක් සිදුව තිබුණි. අනතුරුව එම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ් 19 ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බවය. කොවිඩ් 19 ආසාධිතයින් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දී ඇත. එමෙන්ම ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. ගත වූ වසර 03 තුළ කොවිඩ් ආසාධිතයින් සීඝ්‍ර ලෙස ඉහළයාම…
ජනාධිපතිවරයෙකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්විම අගමැති ඉවත්වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර සිටියි. එහෙත් වත්මන් ජනාධිපති පත්වූ පසු එම සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරු ඉල්ලා අස්නොවීම නිසා ඔවුන් ඉල්ලා අස්වනතෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේ. එම නිසා පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී ඇත. ඒ අතරට නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් ද ඇතුළත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආණ්ඩුකාරවරු ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරු පත් කිරිම ජනාධිපතිවරයා මෙරටට පැමිණිමෙන් පසු සිදු කිරිමට නියමිතයි.