Author: LFN

පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව, රජය මගින් මෙහෙයවන සෙසු ව්‍යාපෘති තුළ සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට එලෙස පියවර ගෙන ඇති බවය. ඒ සම්බන්ධයෙන් කරච්චි පොලිස් ප්‍රධානීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වෙයි. චීන ජාතිකයින් සේවය කරන ස්ථානවල CCTV කැමරා පද්ධති සවිකිරීමට අමතරව ඔවුන්ව නිරීක්ෂණය කිරීමට වෙනම පොලිස් නිලධාරීන් යෙදවීමට ද පියවර ගන්නා ලෙසට ද මෙහිදී උපදෙස් ලබාදී ඇතැයි සඳහන් ය. එමෙන්ම තමන්ගේ පළාතේ චීන ජාතිකයින් සේවය කරන ස්ථාන වෙත නොදන්වා ගොස් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්…

Read More

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංඟාවල ජල තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රධාන ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවී නොමැති බවය. කෙසේවෙතත් නිරිතදිග සහ බස්නාහිර හරහා ගලාබසින ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට පැමිණ තිබේ. අත්තනගලු, කළු, කැලණි, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංඟාවල ජල මට්ටම් පහළ ප්‍රදේශවලදී තරමක් ඉහළ මට්ටමක පවතී. කෙසේවෙතත් ඉදිරි පැය 24ක කාලය තුළ කිසිදු ගංඟාවක ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ හැකියාව ඉතා අවම බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

Read More

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ලේ පිහිටි නිවසක් තුළ මෙම සොරකම සිදුවී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කබර සුරේශ්’ නමින් හඳුන්වන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකි. සැකකරුවන් සතුව තිබී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් අතර පිටකොටුවේ ‘බබා’ නමැති කාන්තාව ද වන බව පොලීසිය කියයි. සැකකරුවන් දෙදෙනාගෙන් සහ සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරාගෙන තිබූ දේපළවලින් රන් මාල දෙකක්, මුදු දෙකක්, පෙන්ඩන් දෙකක් හා උණු කරන ලද කැරට් 22යි ග්‍රෑම් 22ක රන් ගුලියක්, කැරට් 18යි ග්‍රෑම් 15ක රන්…

Read More

“ඩෙංගු” වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි. සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බවය. 2022 මැයි මාසය අවසන් වන විට වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206 කි. නමුත් මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවීම අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවසයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 6,953කි. දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 6,500 ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනන වර්ධනයක් පෙන්නුම්කරන අතර…

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මගී ජනතාව නොමිලේ ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. එසේම, හැටන් ප්‍රදේශයේ බස් රථ හිමිකරුවෙකු ද අද (05) මගීන් නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු කළා.

Read More

නාරම්මල ප්‍රදේශයේදී වැටලීමක් සදහා ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පහරදීමට අදාළව සත්ත්ව ගොවිපොළේ හිමිකරුද අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවය. නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළක බිත්තර තොග සගවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ඊයේ පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසක් ගොස් තිබුණි. එහිදී එය වළක්වමින් එම ස්ථානයේ සිටි පිරිසක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන්ට පහරදී තිබු අතර එහිදී නිළධාරීන් 05 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

Read More

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස ජනාධිපතිවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටී. වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසයි. ජනපතිගේ වෙසක් පණිවුඩය පහතින්. උපුටා ගැනීම, “ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලත් වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ දින දර්ශනයේ වඩාත් වැදගත් දිනයක් වන අතර එය පූජනීය වැදගත්කමකින් යුක්ත වේ. මෙම දිනය අසිරිමත් සිදුහත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් මංගල්‍යයන් සිහිපත් කරන අතර මනුෂ්‍යත්වය පෙරදැරි කර ගනිමින් හා මෛත්‍රී සංකල්පයෙන් යුතුව දානමය පුණ්‍යකර්මයන් පවත්වමින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට ගෞරවය පුද කරන අවස්ථාවකි. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට…

Read More

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් හට විශේෂ සමාවක් පිරිනමා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිත බවය. ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාර යක් ම ආවරණය වන පරිදි නිදහස් වීමට නියමිතව ඇත. ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබේ. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අද සහ හෙට දින දෙක තුළ සිරකරුවන් සඳහා…

Read More