Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ. අද (04) පැවති විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසීය. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණය හේතුවෙන් මේ වනවිට එම කටයුතු මාස 02කට අධික කාලයක් ප්‍රමාදවී තිබේ. රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා සහභාගීවීමට මීට පෙර තීරණය කර තිබුණ ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් එම ක්‍රියාමාර්ගය අත්හැර පිළිතුරු…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර තිබේ. එහිදී ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කගේ නීතිඥයින් මෙම තර්කය ඉදිරිපත් කර තිබේ. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීම තවත් සති දෙකක කාලයක් දක්වා කල්දැමීම හේතුවෙන් ඔහුගේ නීතිඥයින් මේ බව පවසා ඇත. එහිදී ඔහුගේ නීතිඥන් වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයෙකු බවත් දීර්ඝ කාලයක් තිස්සේ එරට නඩු කටයුත්තකට සම්බන්ධ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද පත් කිරීමට අනුවය. මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිතුමන් විසින් (03 වැනිදා) රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලබා දෙන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 වැනි ව්‍යවස්ථාවෙන් ගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කොට තිබේ. ඒ අනුව, ජනාධිපතිතුමාගේ විදේශීය සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන තෙක්, 2023-05-04 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම,…
වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තක්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබුණි. ඊයේ පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සදහා එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය සදහන් කළේය.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4)පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී ලබන 6 වැනිදා පැවැත්වෙයි. බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි. රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වෙනි දා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
රුසියානු ජනාධිපති පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ කළ බව ක්‍රෙම්ලිනය පවසයි. ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් මෙම ඝාතන තැත ක්‍රියාත්මක වූ බව ක්‍රෙම්ලිනය වැඩිදුරටත් පවසා තිබේ. ක්‍රෙම්ලින් මන්දිරය ආසන්නයටම පැමිණ තිබූ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට රුසියාව සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. රුසියානු බලධාරීන් පවසන්නේ විද්‍යුත් රේඩාර් පද්ධතිය උපයෝගී කරගනිමින් එම යානා බිම හෙලූ බවය. එම ප්‍රහාරක ඩ්‍රෝන යානාවල කොටස් ක්‍රෙම්ලිනය අවට ප්‍රදේශවලට වැටී ඇතිබවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ කෙසේ වෙතත් එම සුන්බුන් හේතුවෙන් කිසිදු ගොඩනැගිල්ලටකට හෝ හානියක් සිදුව නොමැති බවය. එසේම සිද්ධිය වන අවස්ථාවේ රුසියානු ජනාධිපති පුටින් ක්‍රෙම්ලිනය තුළ සිට නොමැති බවද…
උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බව හෙළිවී තිබේ. ඒ කෝප් කමිටුව හමුවේදීය. එහිදී අනාවරණ වූයේ විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බවය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි. ඒ අනුව ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ එහිදී අවධානය…
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ ගේ අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා ඊයේ (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඒ බව පැවසීය. සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ පසුගියදා ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. කුඩු අංජු මෙරට සිටි කාලය තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් වූ තොරතුරු වාර්තා එරටට ඉදිරිපත් කර ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා එම වාර්තා කැඳවා තිබේ. මීට දින කිහිපයකට ඉහතදී කුඩු අංජු නමැත්තා බිරිඳට සිදුකළ පහරදීමක් හේතුවෙන් ප්‍රංශ පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාරගත කර තිබුණි. කුඩු අංජු නමැත්තා…
ලී මෝලක් තුළ එහි හිමිකාරිනියට තියුණු ආයුධයකින් මුඛයට පහරදී සාහසික ලෙස සිදුකළ ඝාතනයක් පිළිබඳව අතුරුගිරිය ප්‍රදේශයෙන් වාර්තා විය. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි. අතුරුගිරිය ගොඩගම පාර ප්‍රදේශයේ එනම් අතුරුගිරිය පොලීසියේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි ලී මඩුවක් තුළ තියුණු ආයුධයකින් පහරදී ඊයේ පස්වරුවේ එහි හිමිකාර කාන්තාව මෙලෙස ඝාතනය කර තිබුණි. පොලීසිය පැවසුවේ අදාළ කාන්තාවගේ මුහුණට හා මුඛයට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. පොලීසියට ලද තොරතුරකට අනුව සිරුර සොයාගන්නා විටත් ඇයගේ මුඛය තුළ ඝාතනය සඳහා භාවිත කළ පිහිය සිරවී තිබී ඇති බව වාර්තා වෙයි. එම ලී මඩුවෙහි පසුපස…
ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව ඇති බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කර තිබේ. ඔහු මෙලෙස වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට පත්වුණේ 2023 වසරේදී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසුවය. ෆෝබ්ස් සඟරාව නිකුත් කළ ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ අර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක මෙසී පසුවන අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලියාන් ම්බාපේය. පසුගිය මාස 12 තුළ රොනාල්ඩෝගේ ආදායම ලෙස සටහන් වන්නේ ඩොලර් මිලියන 136කි. සුපිරි ක්‍රීඩක මෙසීගේ පසුගිය මාස 12 තුළ ආදායම ලෙස දැක්වෙන්නේ ඩොලර් මිලියන 130කි.