Author: LFN
එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසන බලමණඩලයේ සභාපති ලෙස සාගල රත්නායක මහතා තෝරාපත් කරගනු ලැබීය. ඒ, ඊයේ (23) කිරුළපනදී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණඩල රැස්වීමේදීය. හිටපු නාගරික මන්ත්රි අර්ෂාඩ් විසින් සාගල රත්නායක මහතාගේ නම යෝජනා කළ අතර සභාව විසින් එය ඒකමතිකව ස්ථිර කර තිබේ. ජනාධිපති කාර්ය මණඩල ප්රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙසද තනතුරු හොබවයි. 1999 දී මාතර – දෙනියාය ආසනයේ එජාප බලමණඩල සභාපතිවරයා ලෙස පත්වු සාගල රත්නායක මහතා, පළාත් සභා මන්ත්රිවරයෙක්, පාර්ලිමෙන්තු මන්ත්රිවරයක්, නියෝජ්ය අමාත්ය හා කැබිනට් අමාත්යවරයකු ලෙස කටයුතු කර තිබේ. ඒ අනුව සාගල…
පොසොන් උත්සවය සඳහා වෙන්කළ මුදල් ප්රතිපාදන ප්රමාණවත් නොවන නිසා පිණ්ඩපාතයේ වැඩම කර ඉතිරි මුදල සොයා ගැනීමට කටයුතු කරන බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි. ඊයේ පෙරවරුවේ මාධ්ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්රකාශ කළේය. පොසොන් උත්සවය සඳහා රජය ප්රමාණවත් ප්රතිපාදන වෙන් නොකිරීම පිළිබඳව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඉකුත් ඉරිදා සිය අප්රසාදය පළකර සිටියේය. ඒ, උතුරු මැද පළාත් වැඩබලන ආණ්ඩුකාර ලලිත්.යූ.ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක යන මහත්වරුන් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය. කෙසේ වෙතත් ඒ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙවර පොසොන් උත්සවයේදී මිහින්තලා පුදබිම වෙනුවෙන්…
නිතීවිරෝධි ලෙස රත්රන් රැගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතාගෙන් තවදුරටත් ප්රශ්න කරමින් සිටින බව ශ්රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පවසයි. නිතීවිරෝධි ලෙස රත්රන් කිලෝ 3යි ග්රෑම් 397ක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් ඊයේ පෙරවරුවේ කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැණුනි. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 74කට ආසන්න බවට ගණන් බලා ඇත. මේ අතර මන්ත්රීවරයාගේ ගමන්මල්ලේ තිබී ජංගම දුරකථන තොගයක් ද සොයාගැනීමට රේගු පරීක්ෂක නිලධාරීන් සමත්ව ඇත. එහි තිබී ස්මාට් ජංගම දුරකථන 91ක් හමුවී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 4.2ක් ලෙසට ගණන් බලා තිබේ. අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී අලි…
කැනඩාවේ විශ්වවිද්යාලයක අධ්යාපන වීසා ලබාදෙන බවට පවසා කෝටි 60කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන නුගේගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු සහ 47 හැවිරිදි වියේ පසුවන කඩුවෙල ප්රදේශයේ පදිංචිකාරිනියකි. මෙම සැකකරුවන් විසින් දිවයිනේ විවිධ ප්රදේශවල පදිංචි පුද්ගලයින් 400කට ආසන්න පිරිසක් රවටා මෙලෙස මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. එලෙස ඔවුන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් වංචා කර ඇති බවද හෙළිවී ඇත. සැකකරුවන් විසින් පුද්ගලයින් මුලා කිරීම සඳහා කොළඹ ලෝක වෙළෙඳ මධ්යස්ථානයේ 06 වන මහලේ කාර්යාලයක් ද පවත්වාගෙන ගොස් මෙම දැවැන්ත වංචාව සිදුකර තිබේ. වෛද්යවරුන්,…
රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසයි. දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්රියාත්මක වූ බවද පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩය ක්රියාත්මක කර තිබේ. සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්රව්ය ජාවාරම්කරුවන්, මනුෂ්ය ඝාතකයින්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම දියත්කර තිබූ බවද පොලීසිය පවසයි. මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 23,168 දෙනෙකු සහභාගීවී තිබේ. ඊට ත්රිවිධ හමුදා නිලධාරීන් 531කගේ සහාය ද ලැබී ඇත. රාත්රි කාලයේ, දහවල් කාලයේ සහ උදෑසන කාලයේදීත් වරින්වර මෙම…
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඒ සමබන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවය. BMICHහිදී පැවති උත්සවයක් අතරතුර මන්ත්රීවරයා තමන්ට පහරදුන් බවට ශ්රී ලංකා නිදහස් පක්ෂ මාධ්ය ඒකකයේ සේවයේ නිරත අයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
ඉන්දියන් ප්රිමියර්ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත්වුණි. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 172ක් රැස්කර ගත්තේය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් Ruturaj Gaikwad ලකුණු 60ක් රැස් කළ අතර Devon Conway ලකුණු 40ක් රැස් කළේය. පන්දු යැවීමේදී Mohit Sharma සහ Mohammed Shami කඩුලු 2ක් බැගින් දවාගත්හ. ලකුණු 173ක ජයග්රාහි ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස්…
නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයේත් අද (24) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නනේ, බස්නාහිර වෙරළබඩ ප්රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාත්යන්තර මූල්ය අරමුදල මගින් ශ්රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මෙරටට පැමිණි ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත පිරිස පැවසීය. පීටර් බෘෘවර් සහ මසහීරෝ නොසාකි ගේ ප්රධානත්වයෙන් මැයි 11 වනදා මෙරටට පැමිණි ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ (මැයි 23) සිය සංචාරය නිම කර තිබේ. මෙරටේ ආර්ථික සංවර්ධන සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහන ක්රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් මෙරටදී අදහස් හුවමාරු කර ගෙන තිබේ. ශ්රී ලංකා ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ථයක් වශයෙන් සාර්ව ආර්ථික සහ ප්රතිපත්තිමය වටපිටාව අභියෝගාත්මක බව ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පැවසීය.
මහකුඹුක්කඩවල ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ ජනතාවට නොමිලේ බෙදා දීමට රජය මගින් දුන් සහල් තොගයකින් කොටසක් සමග ජනබලවේගයේ වල්පාළුව කලාප සංවිධායකයා හොර රහසේ අලෙවි කර ඇති බවට වල්පාළුව සමෘද්ධිලාභීහු චෝදනා කරති. අඩු ආදායම්ලාභීන් වෙත බෙදාදීමට රජයෙන් කිලෝ 10 බැගින් වූ උරවල අසුරා තිබූ සහල් තොගයක් මෙසේ වල්පාළුව සජබ කලාප සංවිධායකයාගේ නිවසේ දී බෙදා දී ඇති අතර, එහිදී ඉතිරි සහල් තොගය රහසේ මෙසේ විකුණා ඇති බවත් ඔවුහු පවසති. මහකුඹුක්කඩවල ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ අංක 658 ඒ ග්රාම නිලධාරි වසමට අයත් වල්පාළුව ගම්මානයේ මෙම සිද්ධිය වී ඇති බව සමාද්ධිලාභීහු සඳහන් කරති. කෙසේ වෙතත් එම සිද්ධිය දැනගත් වල්පාළුව සමෘද්ධි නිලධාරිවරයා මේ පිළිබඳව සජබ කලාප…