Author: LFN
අප එක්සත් ජනරජ පෙරමුණ වේදිකාව බිහි කළේ බයියන්ට, ටොයියන්ට,නොව වැඩ්ඩන්ට යැයි පාර්ලිමේන්තු මන්ත්රී පාඨලි චම්පක රණවක මහතා පැවැසීය. මහරගම තරුණ සේවා සභා රඟහලේ ශ්රවණාගාරයේදී එක්සත් ජනරජ පෙරමුණ නමින් නව පක්ෂයක් එළි දැක්වීමේ පසු සභාව ඇමතූ රණවක මහතා මේ බව කියා සිටියේය. රටට නව බලයක් බිහිවන බව කීවාම නව බලයක් බිහිවන බව කීවාම චෞර ගෝචරවාදි කල්ලිවාදි පිරිස් අවලාද නගනවා. මඩ ප්රචාර ගෙන යනවා. මෙ අංශ තුනටම අයත් නැති පිරිසට වේදිකාවක් හැදීමයි අපේ අරමුණ පක්ෂ 83ක් තිබියදී ඒ ඇතුළට තවත් පක්ෂයක් ඇයි කියල සමහරු අසාවි. අපට අමැසි හරිත රටක් එසේම රටට සංස්කෘතිත විවිධත්වයක් අවශ්යයි. අප කිසි විටෙක පාවාදීම් කර නැහැ. එදි ප්රභාකරන්නට…
මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවති ගනිත සම්මන්ත්රණයකට සහභාගි වූ බණ්ඩාරවෙල නගරයේ ප්රසිද්ධ පාසල් දෙකක සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන්නැයි සැකපිට බණ්ඩාරවෙල නගරයේ ප්රසිද්ධ පාසලක සිසුන් තිදෙනකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචි නගරයේ ප්රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් තිදෙනකු යැයි පොලිසිය කීය. ගණිතය සම්මන්ත්රණය අවසන් වී සිසුන් පිරිසක් බණ්ඩාරවෙල නගරයේ දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය මාර්ගයට ගොස් මෙසේ සිසුන් දෙදෙනාට අතින් පයින් පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. එහිදී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්ය අංශය පවසයි. ජනාධිපතිවරයා එළඹෙන 25 සිට 27 දක්වා ජපානයේ රැඳී සිටීමට නියමිතය. එහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජපාන අග්රාමත්ය Fumio Kishida සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇත. මේ අතර ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී Nikkei Asia Forum වෙතද එක්වීමට නියමිතය.
ජෙරම් ප්රනාන්දු දේවගැතිවරයා මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් සිදුකරන ප්රකාශ සම්බන්ධයෙන් වහාම නිත්යානුකූල පියවර ගන්නා ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමියන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ජෙරම් ප්රනාන්දු දේවගැතිවරයා විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව, මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් ප්රසිද්ධියේ සිදුකරන ප්රකාශ සුළුකොට තැකිය නොහැකි බැවින් වහා නිසි අණ පනත් මගින් නීත්යානුකූල පියවර ගන්නා ලෙස මහ නා හිමියන් එමගින් ඉල්ලා සිටී. බුදුන් වහන්සේ හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන් ජෙරම් ප්රනාන්දු නමැති ක්රිස්තියානි දේවගැතිවරයා පසුගිය සතියේ සිදුකළ ප්රකාශය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඔහුට එරෙහිව පාර්ශ්ව කිහිපයක්ම අධිකරණය හමුවට ගිය අතර දේවගැතිවරයා රටට…
රත්මලාන ප්රදේශයේ හෝටලයක් තුළදී සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දෙදෙනෙකු අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලීසිය පවසයි. පිහි ඇනුමට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ අදාළ හෝටලයේ හිමිකරු බවට තොරතුරු වාර්තා වෙයි. මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පිටකොටුව ඕල්කට් මාවත ආශ්රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ. මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. කොළඹ මහ නගර සභාවේ ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරි විශේෂඥ වෛද්ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් පරිදි මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇත. අනතුරුව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස දැඩිලෙස අපිරිසිදු හෝටල් 05ක් වසා දමන ලෙසට අධිකරණය නියෝග කර ඇත. කොළඹ ප්රධාන මහජන සෞඛ්ය පරීක්ෂක K A අබේරත්න, කොටුව මහජන සෞඛ්ය පරීක්ෂක ඩබ්ලිව්. ඩී.ටී. වික්රමරත්න ඇතුළු මහජන සෞඛ්ය පරික්ෂකවරුන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ කටයුතු අද (22) ආරම්භ කර තිබේ. වරාය අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් එහි මුල්ගල් තැබීම සිදුකෙරුණි. එහිදී අදහස් දැක්වූ අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ පර්යන්ත ඉදිකළ පමණින් වරායක් දියුණුවට පත් නොවන බවය. එමෙන්ම නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරයේ කටයුතු බොහෝ දුරට මෙම වසර අවසන් වනවිට නිමකිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්යවරයා සඳහන් කළේය. එමගින් අනෙකුත් පුද්ගලික පර්යන්ත සමග තරග කර ඉහළ ආදායමක් ඉපැයීමට බලාපොරොත්තු වන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරත් පැවසීය.
හදිසි තත්ත්වයකට මුහුණදීම සදහා අවශ්ය වෛද්යවරුන් ඇතුළු සෞඛ්ය කාර්යය මණ්ඩලයක් පුහුණුවීම් සිදුකර අවසන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකයේ වෛද්ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, බෝවන රෝග ඒකකය සහ ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව එම කටයුතු සිදුකර ඇති බවය. “ජාතික ඩෙංගු මර්දන ඒකකය හැටියට මුළු දිවයිනේම තියෙන රෝහල් 73ක මධ්යම රාත්රියේ සිටින උණ රෝගීන් සංඛ්යාව නැත්නම් ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් සංඛ්යාව පිළිබඳව දත්ත දෛනිකව වාර්තා කිරීමක් සිද්ධවෙනවා. එය වාර්තා කිරීමේ දී IDH රෝහල නැත්නම් බෝවන රෝග විද්යාතනය, ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, මීගමුව මහ රෝහල සහ ගම්පහ කියන රෝහල්වල සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. නිරන්තරයෙන් ඩෙංගු රෝගීන්…
බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරු වන ප්රකාශ සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින ක්රිස්තියානි දේවගැති ජෙරම් ප්රනාන්දු සම්බන්ධයෙන් අද (22) පැවති මාධ්ය හමුවක දී මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා අදහස් පළ කළේය. එහිදී මාධ්යවේදීන් විසින් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්යවරයා සඳහන් කර සිටියේ, ඔහු විසින් සිදුකර ඇති ප්රකාශය සම්බන්ධයෙන් සමාව අයදින බව පැවසු පමණින් ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන නැවැත්විය නොහැකි බවය. “කවුරු හරි වැරුද්දක් කරලා, සොරි කිව්වහම අපිට පරීක්ෂණ අත්හැරලා දාන්න බෑ. ඒක වෙලත් නෑ. වෙන්නෙත් නෑ මේකේ නෙමෙයි ඕන දෙයක. මේකේ වෙලා තියෙන්නේ CIDය මේක කරන්නේ. මේ සම්බන්ධයෙන් CIDයට නොයෙකුත් පැමිණිලි ලැබිලා තියෙනවා, ඔය ප්රකාශනය ගැන…
ලොව විශාලතම ඛනිජ තෙල් සමාගම් 05 අතරට ගෙන එන චීනයේ සයිනොපෙක් සමාගම සමග ශ්රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරයි. සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එමගින් එළඹුණු බව ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කැබිනට් අනුමැතියෙන් පත් කළ විශේෂ කමිටුවක් චීන සයිනොපෙක් සමාගම සමග පැවැත් වු සාකච්ඡාවලින් අනතුරුව ලබාදුන් නිර්දේශවලට අනුව එම ගිවිසුමට එළඹී තිබේ.