Author: LFN

මැයි 06 වනදා සිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැලඹිලි ස්වාභාවයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටය. (04) දිනයේ පස්වරු කාලයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ද එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවෙමින් පවතී. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 74.8ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයෙනි. ඇද හැලෙන වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5කට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම්…

Read More

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු දහවල් 12ට නිම කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් හුවමාරුව පවසයි ඔවුන් පවසන්නේ වෙසක් පොහොය පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්යමණ්ඩලය වෙත දිනයේ ලබා දී ඇති බවය.

Read More

එළඹෙන ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. එම තීරණවලට අනුව පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වාදීමටත් සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ. ජී. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන් පත්කර තිබේ. මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ සුමිත් අබේසිංහ මහතාය. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් සෙසු සාමාජිකයින් වෙයි.

Read More

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්වී අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්වී මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි. ඒ අනුව 2022 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන අතර දිවයින පුරා කලාප කාර්යාල 100ක් ආවරණය වනපරිදි කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු බැගින් ඒ සඳහා තෝරා ගෙන තිබේ. ශිෂ්‍යත්ව ප්‍රදානය…

Read More

2023 යල කන්නයේදී වී වගාව සඳහා ගොවීන්ට තමන් කැමති පරිදි යූරියා සහ බණ්ඩි පොහොර මිලදීගැනීමට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ. වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින එම තීරණය ගෙන ඇත. රජය විසින් පොහොර මිලදීගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන සහනාධාර මුදල් තීරණය කළ පරිදිම සියලුම ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, ගොවීන්ට හෙක්ටයාර් 01කට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් 02කට රුපියල් 40,000ක් වශයෙන් පොහොර මිලදීගැනීමට සහනාධාර මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇත. එම නිසා මෙවර යල කන්නයේ යූරියා පොහොර මිලදීගැනීම ගොවි අභිමතය පරිදි සිදුකළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන්…

Read More

ගුරු සංගම් නායක ස්ටාලින්ගේ ප්‍රධාන ගොලයකු නැගෙනහිර අන්සන් උසස්බාලිකා විද්‍යාලය වෙත පත්වීමක් ගෙන පැමිණිමට විරෝධය දැක්වීමට සිසු දෙමාපියන් අද කටයුතු කර තිබු අතර අදාල පාසලේ විදුහල්පතිවරයා විසින් එම ගුරුවරයා පාසල වෙත නොගන්නා බවට සිදු කරන ලද පොරොන්දුවත් පිට විරෝධතාවය අත්හිටුවා ඇත. මෙරට දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමට ලංකා ගුරුසංගමය නමින් වෘත්තිය සමිතියක් පිහිටුවා ගනිමින් ගුරුවරුන්ට සහා දරුවන්ට බලපෑම් සිදුකරමින් සිටින ජොසප් ස්ටාර්ලින් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පාළාත් සම්බන්ධිකාරක පෙන්න දුරෙයි උදය රූපන් නැමති ගුරුවරයා මඩකලපුව අන්සන් උසස්බාලිකා විද්‍යාලය වෙත ස්ථාන මාරුවක් ලබාගෙන රාජකාරීයට වාර්තා කිරීමට පැමිණිමේදී එම විද්‍යාලයේ දෙමාපියන් සහ ආදි ශිෂයින් විසින් දැඩි විරෝධාවය දක්වා ඇත.…

Read More

ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම LP ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව එහි වැඩිදුරටත් දැක්වේ. සම්පූර්ණ නිවේදනය පහතින්,

Read More

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. එම පෙත්සම අද (03) බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වන දා කැඳවන ලෙසය. ඉකුත් මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන…

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ඇති කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් එම කටයුත්ත සිදුකරන බවය. කාර්යක්‍ෂමතාව වැඩිකිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම, ගතවන කාලය අඩු කිරීම සහ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකියාව සැලසීම එම ආයතනවල අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read More