Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු…
පවතින වැසි සහිත කාලගුණය සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුවී තිබේ. මේ වසරේ ගෙවුණු මාස 04ක කාලය තුළ ඩෙංගු රෝගීන් 29,000ක් වාර්තා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි දත්තවලට අනුව එම කාලය තුළ ඩෙංගු වැළඳීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15කි. ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140ක් පමණ සිටින අතර ඉන් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වන්නේ ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙකය. ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් දැනට සොයාගෙන ඇති අතර ඒවා හැඳින්වෙන්නේ ඩෙංගු වන් (DEN 1), ඩෙංගු ටූ (DEN 2), ඩෙංගු ත්‍රී (DEN 3) සහ ඩෙංගු ෆෝ (DEN 4)…
ප්‍රදේශ තුනක සිදුවූ රිය අනතුරුවලින් දැරියක් සහ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල සරුවත් විකුණමින් සිටි දැරියන් දෙදෙනෙකුගේ සහ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බවය. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් තිදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී 16 හැවිරිදි වෙන්නප්පුව වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියක් මියගොස් තිබේ. මේ අතර දේවාලේගම ඇදුරාපොත ස්ථාල හන්දිය අසලදී කාන්තාවක් ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටී තවත් කාන්තාවක් මියගොස් ඇත. මියගොස් ඇත්තේ 82 හැවිරිදි දේවාලේගම උරුලෑදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක බව සඳහන්ය. එමෙන්ම මීගමුව කට්ටුව ප්‍රදේශයේදී ද ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගැටී…
ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් ව්‍යාපාරිකයෙකුව කොල්ලකා තිබේ. එහිදී සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයා පැළැඳ සිටි පවුම් 28ක් බරැති රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ 02ක පමණ මුදලක් කොල්ලකා පළාගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි. තියුණු ආයුධ සමග ගල්කිස්ස පීරිස් පාරේ වෙළෙඳසලකට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ කොල්ලකා ඇති රන් භාණ්ඩ අතර පවුම් 5ක් සහ 7ක් බර අත් පළඳනා දෙකක්, පවුම් 12ක මාලයක්, පවුම් 1ක් සහ 1 1/2 බර පෙන්ඩන් දෙකක්, පවුම් 1ක් සහ පවුම් 1/2ක් බර සුර දෙකක් ද ඇති බවය. එම අවස්ථාවේදී වෙළෙඳසැලේ සේවකයින් 08 දෙනෙකු පමණ සිට ඇති අතර එකවරම වෙළෙඳසැල තුළට ඇතුළුවී…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සජීව තුයාකොන්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ, තමන්ව අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවෙහි සිය මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අසාදු ලේඛනගත කිරීම සිදුවු බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් කිසිදු අවස්ථාවක ගුවන් හමුදාවේ ගෞරවය උල්ලංඝනය කර නොමැති බවත් සඳහන් කරයි. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊට දින දෙකකට පෙර එම තරුණයාට පහරදී තුවාල සිදුකළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු බව කියන දෙදෙනෙකු බව මැදවච්චිය පොලීසිය පවසයි. මෙලෙස සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇත්තේ, ටෙලිකොම් පාර, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථාන පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි. මොවුන් දෙදෙනා අඹුසැමියන් බවද පොලීසිය පවසයි. ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් මැදවච්චියේ ප්‍රබල හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් අතර පසුගිය 26 වනදා ගැටුමක් හටගෙන තිබුණි. එහිදී මැදවච්චිය අංක 15 මන්නාරම් පාර ලිපිනයේ පදිංචි 24 හැවිරිදි රුවන් ගීත් උදිත නැමති තරුණයකු බරපතළ තුවාල…
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය. “ගිය සැරේ රුපියල් 1005කින් ගෑස් මිල අඩු කළා. හෙට දිනයේ අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් රුපියල් 100කින් පමණ ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන්න. ඒ ගැන නිල නිවේදනය අපි හෙට උදෑසන නිකුත් කරනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේක කරන්න තමා අපේ බලාපොරොත්තුව. පොඩි සිලින්ඩර දෙකේ මිලත් එයට සාපේක්ෂව අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.”
ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට රජය තීරණය කර ඇත්තේ ආර්ථික සැලසුමකට නොව හිඟනකම හේතුවෙන් නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි. ඊයේ (01) පස්වරුවේ කොළඹදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ”රට විකුණන, ජනපීඩක දූෂිත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩනගමු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ මැයි දින පෙළපාළිය ඊයේ පස්වරු 2ට පමණ කොළඹ BRC පිටියෙන් ආරම්භ විය. ඒ , ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. පා ගමන කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලට පැමිණීමෙන් පසුව මැයි දින රැලිය ආරම්භ විය. එහිදී අදහස් දැක්වූ…
ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නට වගේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමටත් හැකි දේශපාලන අත්දැකීමක් තම පක්ෂයට ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ කොළඹ කැම්බල් පිටියේ පැවති එම පක්ෂයේ මැයි දින රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඕනෑම මොහොතක නැවත නැගිටීමේ සංවිධානාත්මක ශක්තියක් තම පක්ෂයට ඇති බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය ඊයේ පස්වරු 3ට කොළඹ කැම්බල් පිටියේදි ආරම්භ වුණි. මෙවර එහි තේමාව වූයේ අභියෝග බිඳ අභිලාෂ ජයගමු යන්නය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසු රැලිය ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට එක්වුණි. එහිදී…
ඉදිරි සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (01) පැවති සමගි ජන බලවේගයේ මැයි රැලිය අමතමිනි. “වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන නමින් සමගි ජන බලවේගයේ මැයි පෙළපාලිය මාලිගාවාත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ඊයේ දහවල් ආරම්භ කෙරුණි. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වුණේ එල්ෆින්ස්ටන් රඟහල අසලදීය. අනතුරුව පෙළපාළිය ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනය වෙත පැමිණ සමගි මැයි රැළිය පැවැත්විය. රැලිය පැවැත්වෙන අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට එක්විය. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, “දෙපිටකාට්ටු වැඩ…