Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»වැරදුණු කුරුමානම – බරපතළ තුවාල ලැබූ තරුණිය රෝහලට
    International

    වැරදුණු කුරුමානම – බරපතළ තුවාල ලැබූ තරුණිය රෝහලට

    By LFNMay 21, 2023No Comments1 Min Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝටර් රථයකින් ගොස් යතුරුපැදියක සිටි යුවලක් ව හප්පා ඝාතනය කිරීමට තැත්කළ පුද්ගලයන් තිදෙනෙක් අතුරුගිරිය මයිලන්ගම ක්‍රීඩාංගණය අසලදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි.

    ගණිකා වෘතියේ යෙදෙන බවට වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් යොදා අන්තර්ජාලයේ දැන්වීමක් පළකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථයේ සිටි පිරිස එම යුවලව හප්පා ඇති බව හෙළිවෙයි.

    26 හැවිරිදි යතුරුපැදියේ පසු පැදිකාරිය බරපතළ තුවාල සහිතව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

    තුවාලකාරිය ගණිකා වෘත්තියේ යෙදෙන බවට දුරකථන අංකයක් සහ වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් සහිතව අන්තර්ජාලයේ දැන්වීමක් පළකර තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

    පසුව ඡායාරූපේ සිටින කාන්තාවගේ පෙම්වතා විසින් එම දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තුවාල ලැබූ කාන්තාවට පැමිණෙන ලෙසට කරන ලද දැනුම්දීම මත මෙම ඇය තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියෙන් පැමිණ ඇති අතර දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා මෝටර් රථයකින් තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ පැමිණ තිබුණි.

    එහිදී දෙපිරිස අතර ආරවුලක් ඇතිවී ඇති බව පොලීසිය කියයි.

    එම අවස්ථාවේ දී යතුරුපැදියේ සිටි දෙදෙනා පළායාමට උත්සාහ කිරීමේදී මෝටර් රථය ඔවුන් පසුපස හඹාගොස් හප්පා අනතුරට ලක්කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 21 හා 22 අතර පසුවන අතුරුගිරිය සහ හෝමාගම පදිංචිකරුවන්ය

    සිද්ධිය සම්බන්ධයෙන් තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.