Author: LFN
සමගි ජන බලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නම්කර තිබේ. ඊයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් පිරිසක් රවටා නිරුවත් ඡායාරූප ලබාගත් පාසල් සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යයෙකි. අදාළ සිසුවා නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මෙලෙස පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් 12 දෙනෙකු රවටා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුරුව ඔහු සිය ව්‍යාජ වට්ස්ඇප් අංකය වෙත අදාළ රැවටීමට හසුවූ පාසල් සිසුවියන් ඇතුළු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇත. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ සැකකාර සිසුවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. එම ශිෂ්‍යා වට්ස්ඇප් මෘදුකාංගය ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කරගනිමින් ප්‍රසිද්ධ…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නැමැති දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බව අල් ජසීරා රූපවාහිනිය වාර්තාමය වැඩසටහනක් ඔස්සේ අනාවරණය කර තිබේ. ඌබට් ඒන්ජල් සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවාගේ සමීපතමයෙකු වන අතර ඔහු එරට රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යාන්තර මට්ටමේ රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන ආකාරය අල් ජසීරා රූපවාහිනිය ගවේෂණාත්මකව වාර්තා කර තිබුණි. තමා ශාස්තෘවරයෙකු ලෙස හඳුන්වාගන්නා ඌබට් ඒන්ජල් පසුගිය 2020 සහ 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර මෙම වර්ෂයේ මාර්තු 19 වැනිදා කටුනායක මිරකල් ඩෝම් ශාලාවේදි ඒකාබද්ධ මෙහෙයක් පවත්වා ඇත්තේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු…
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා පත්කෙරෙන නව ආණ්ඩුකාරවරුන් පිළිබඳව මේ වනවිට තීරණය කර අවසන් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ස්ල් මහත්මියත්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් මහතාත්, වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් නව ආණ්ඩුකාවරු ලෙස පත්කිරීමට නියමිත බවය. මේ අතර එම පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද (17) දින සිදු කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වෙයි. උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල්…
කංසා භාවිතය ලෙඩ රෝග රැසක් සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් බවට ඔස්ට්‍රේලියාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම පර්යේෂණය සඳහා රෝගීන් 3000ක් යොදාගෙන ඇති බවය. එම රෝගීන් අතර පිළිකා සහ මානසික රෝගීන් සිට ඇති බවටද වාර්තා වෙයි. එම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෛද්‍ය නිර්දේශය මත පමණක් ඖෂධීය කංසා භාවිතයට ගත හැකි බවය. එසේම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන නියමිත මාත්‍රාවට අනුව එම ඖෂධ භාවිතයට ගතයුතු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියාව තුළ පළමුවරට ඖෂධීය කංසා භාවිතයට අවසර හිමිව ඇත්තේ 2016 වර්ෂයේදීය. එසේම එරට මේ වනවිට 332,000…
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානාහිමියන් ඊයේ (16) අපවත් වුණි. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන ඉරිදා (21) සවස 03ට නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී දේහය (17) සිට ඉරිදා දක්වා තපෝවනයේ තැන්පත් කර තිබේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්වහන්සේ අද පෙරවරුවේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබුණි. අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද දහවල් අපවත් වුණි.
පදවිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු බවය. වෙඩිතැබීම සිදුව ඇත්තේ පදවිය-පුල්මුඩේ පාර 06 කණුව ප්‍රදේශයේදීය. පදවිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ප්‍රදේශ කිහිපයකට අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහා හෙට දිනය සඳහා වලංගුවන පරිදි ඊයේ (16) පස්වරුවේ එම නිවේදනය නිකුත් කර ඇත. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බවට අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය. තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරළීම් සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි.…
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් සංවිධානය කළ පා ගමනට කොළඹ හෝර්ටන් පෙදෙසේදී පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.
ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දී තිබේ. ඒ අනුව එමඟින් සියයට තුනකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ. විදුලි ජනන සහ විකුණුම් දත්ත, ඉන්ධන ගල්අඟුරු සහ අනෙකුත් ද්‍රව්‍ය මිල ගණන් මෙන්ම වසරේ විදුලි ජනන සැලසුම සහ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන එම යෝජනාව සකස් කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් විදුලි නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම් පහත වැටී ඇති අවස්ථාවක විදුලි ගාස්තු සියයට 20කින් පමණ පහත දැමිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා පැවසුවේය.