Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බවය. එසේ කිරීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ෆේස්බුක් සමාගමේ මීළඟ සේවක කප්පාදුව නුදුරේදීම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ගේ විශේෂ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත. ඒ අනුව ෆේස්බුක් සමාගමේ සේවක කප්පාදුවක් මෙවර සිදුවන්නේ තුන්වන වරටය. මීට පෙර දෙවතාවක් එහි සේවක කප්පාදුවක් සිදුවූ අතර එමගින් ලොව පුරා සේවකයින් 21,000ක් පමණ සේවයෙන් ඉවත්කෙරුණි. මෙවර සේවක කප්පාදුව මැයි මාසයේ සිදුවන බව අදාළ සටහන මගින් මාර්ක් සකර්බර්ග් පවසා තිබේ. ඔහු පවසන්නේ ඒ හරහා දක්ෂයින් පමණක් ෆේස්බුක් සේවයට ඉතිරිවනු ඇති බවය. මේ අතර නුදුරේදීම ෆේස්බුක් වෙත නව අත්දැකීම් රැසක් එක්කරන බවද ඔහු අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව මෙම අයදුම්පත් කැඳවීම සිදුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. ඒ අනුව මෙතෙක් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා අයදුම් නොකළ ගුරුවරුන්ට මෙන්ම 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද අද සිට මැයි මස 02 වැනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව…
රසායනික පොහොර තහනමට එරෙහිව ප්‍රකාශ කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවට තර්ජනය කළ බව එස් එම් චන්ද්‍රෙස්න මන්ත්‍රීවරයා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ඇතැම් පිරිස් ලබා දුන් වැරදි උපදේශ හේතුවෙන් වැරදී තීරණයන්ට එළඹුන බවය.
චයිනා මර්චන්ට් සමූහය කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා දකුණු ආසියානු කලාපය තුළ තවදුරටත් ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මියාඕ ජියැන්මින් මහතා පවසයි. එහි සභාපති මියාඕ ජියැන්මින් මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක නිරත වෙමින් එහි ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකළ අතර එහිදී මේ බව පවසා තිබේ. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගබඩා පර්යන්තය, තෙල් ජැටිය, වාහන ප්‍රතිනැව්ගත කිරීමේ පර්යන්තය සහ අලුතෙන් විවෘත කරන ලද තීරුබදු රහිත සාප්පු සංකීර්ණය නැරඹීමේ අවස්ථාවටද මෙහිදී එක්වුණි. . හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය සහකරු ලෙස කටයුතු කරනු ලබන චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම රටවල් සහ කලාප 25ක් පුරා වරාය 42ක ජාලයක් සමග දකුණු…
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස සිය අප්‍රසාදය පළකර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා, “මට අද දැනගන්න ලැබුණා ඔවුන් මෙරට වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව සම්බාධක පනවලා කියලා. ඒ මානව හිමිකම් උල්ලංඝනය කළා කියන චෝදනාව යටතේ. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා. ඔබ ජීවත්වන්නේ වීදුරුවලින් සෑදු නිවසකනම් එහි සිට ගල් ගහන්න එපා කියලා. අපි බටහිර රටවල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කතා කරමු.…
නව ත්‍රස්ත විරෝධී පනත තුළද පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සේම ගැටලු පවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි. නව ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ඊයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සාලිය පීරිස් මහතා, “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරලා මම බොහෝ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියා. අපි දකිනවා මේ පනත කොහොමද දේශපාලන බලධාරින් සහ පොලිසිය අවභාවිත කරලා තියෙන්නේ කියලා ඒ පසුබිම තුළ තමයි නව පනත භයානක වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමති රැඳවුම් නියෝග දුන්නා ප්‍රසිද්ධ ගායකයෙක්ට රැඳවුම් නියෝග නිකුත් කළා මොකක්ද චෝදනාව කාන්තාවකගේ ආභරණ අයුතු ලෙස ළඟ තබා ගැනීම පසුබිම…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. මේ අතර නැගෙනහිර පළාතේත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිබඳව අමෙරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වෙත දන්වා තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳට සිය රටට ඇතුළු වීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය තහනමක් පනවනු ලැබීය. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා විශ්වාසනීය ලෙස ඉදිරිපත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. රාජ්‍ය…
විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බවය. ගුවන්තොටුපොළේ දී මේ වන විට ලබාදෙන තීරුබදු සහනට අමතර විශේෂ තීරු බදු සහන විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවුණි. ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් එම චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ. එම චක්‍රෙල්ඛය අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය…