Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොකාවිල් කඳවුර ඉදිරිපිට විරෝධතාවය සම්බන්ධයෙන් යුද්ධ හමුදාවෙන් නිවේදනයක්
    Featured

    කොකාවිල් කඳවුර ඉදිරිපිට විරෝධතාවය සම්බන්ධයෙන් යුද්ධ හමුදාවෙන් නිවේදනයක්

    By LFNMay 19, 2023Updated:June 13, 2023No Comments2 Mins Read545 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිළිනොච්චිය කොකාවිල්හි ස්ථාපිත 4 වන (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බළඇණියේ රාජකාරි නියුතු සෙබළියන්ගේ ලගම ඥාතීන් පිරිසක් රාජකාරි ස්ථාන මාරුවක් අදාල කර ගනිමින් පසුගිය 15 දින එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බවට මාධ්‍ය ඔස්සේ පළකර ඇති පුවත නිවැරදි නොවන බවට ශ්‍රීලංකා යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

    එම නිවේදනය පහතින් දැක්වේ.
    කිළිනොච්චිය කොකාවිල්හි ස්ථාපිත 4 වන (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බළඇණියේ රාජකාරි නියුතු සෙබළියන්ගේ ලගම ඥාතීන් පිරිසක් රාජකාරි ස්ථාන මාරුවක් අදාල කර ගනිමින් පසුගිය 2023 මැයි මස 15 දින එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බවට මාධ්‍ය ඔස්සේ පළකර ඇති පුවත නිවැරදි නොවන අතර මෙම උද්ඝෝෂණය අනවබෝධය හා සාවද්‍ය කරුණු මත සිදුකළ එකක් බව පළමුව සඳහන් කරනු ලැබේ.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කාළින අවශ්‍යතාවය මත මේ වන විට ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙමින් පවතින අතර ජාතිය ගොඩනැගීම හා කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඳුරාම බදවා ගන්නා ලද සහෝදර දමිළ සෙබළියන් හට ස්ථාන මාරුවීම් ලබා දීමට යුද්ධ හමුදාවේ සුදානමක් ඇති බවට ලද තොරතුරක් මුල් කර ගනිමින් ඔවුන්ගේ ළඟම ඥාතීන් 2023 මැයි මස 15 දින සවස 6.30 ට පමණ 4 වන ශ්‍රී ලංකා කාන්තා බළකා කඳවුර අසලට පැමිණ විනාඩි 30 කට ආසන්න කාලයක් රැඳෙමින් ඔවුන්ගේ ඥාති සෙබළියන් එම ප්‍රදේශයෙන් ස්ථානමාරු නොකරන ලෙස ඉල්ලා සිටිනු ලැබ තිබේ.

    කෙසේ වුවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් 4 වන (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බළකාය සේවා අවශ්‍යතාවය මත මැදවච්චිය ප්‍රදේශයේ ස්ථානගත කළත්, ප්‍රදේශියව ඉඳුරාම බදවා ගන්නා ලද එම හමුදාගත සෙබළියන් ඔවුන් මෙතෙක් රාජකාරි කටයුතු සිදු කරනු ලැබූ සේවා ප්‍රදේශ තුලින් ස්ථාන මාරු කිරිම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බව හා ඔවුන්ගේ නිවාස ආසන්නයේ පිහිටි කඳවුරු වෙත එම ස්ථානමාරු (අනුයුක්ත කිරීම) ඉදිරියේදි සිදුකෙරෙනු ඇති බව දන්වා සිටිනු ලැබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.