Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොකාවිල් කඳවුර ඉදිරිපිට විරෝධතාවය සම්බන්ධයෙන් යුද්ධ හමුදාවෙන් නිවේදනයක්
    Featured

    කොකාවිල් කඳවුර ඉදිරිපිට විරෝධතාවය සම්බන්ධයෙන් යුද්ධ හමුදාවෙන් නිවේදනයක්

    By LFNMay 19, 2023Updated:June 13, 2023No Comments2 Mins Read546 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිළිනොච්චිය කොකාවිල්හි ස්ථාපිත 4 වන (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බළඇණියේ රාජකාරි නියුතු සෙබළියන්ගේ ලගම ඥාතීන් පිරිසක් රාජකාරි ස්ථාන මාරුවක් අදාල කර ගනිමින් පසුගිය 15 දින එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බවට මාධ්‍ය ඔස්සේ පළකර ඇති පුවත නිවැරදි නොවන බවට ශ්‍රීලංකා යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

    එම නිවේදනය පහතින් දැක්වේ.
    කිළිනොච්චිය කොකාවිල්හි ස්ථාපිත 4 වන (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බළඇණියේ රාජකාරි නියුතු සෙබළියන්ගේ ලගම ඥාතීන් පිරිසක් රාජකාරි ස්ථාන මාරුවක් අදාල කර ගනිමින් පසුගිය 2023 මැයි මස 15 දින එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බවට මාධ්‍ය ඔස්සේ පළකර ඇති පුවත නිවැරදි නොවන අතර මෙම උද්ඝෝෂණය අනවබෝධය හා සාවද්‍ය කරුණු මත සිදුකළ එකක් බව පළමුව සඳහන් කරනු ලැබේ.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කාළින අවශ්‍යතාවය මත මේ වන විට ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙමින් පවතින අතර ජාතිය ගොඩනැගීම හා කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඳුරාම බදවා ගන්නා ලද සහෝදර දමිළ සෙබළියන් හට ස්ථාන මාරුවීම් ලබා දීමට යුද්ධ හමුදාවේ සුදානමක් ඇති බවට ලද තොරතුරක් මුල් කර ගනිමින් ඔවුන්ගේ ළඟම ඥාතීන් 2023 මැයි මස 15 දින සවස 6.30 ට පමණ 4 වන ශ්‍රී ලංකා කාන්තා බළකා කඳවුර අසලට පැමිණ විනාඩි 30 කට ආසන්න කාලයක් රැඳෙමින් ඔවුන්ගේ ඥාති සෙබළියන් එම ප්‍රදේශයෙන් ස්ථානමාරු නොකරන ලෙස ඉල්ලා සිටිනු ලැබ තිබේ.

    කෙසේ වුවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් 4 වන (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බළකාය සේවා අවශ්‍යතාවය මත මැදවච්චිය ප්‍රදේශයේ ස්ථානගත කළත්, ප්‍රදේශියව ඉඳුරාම බදවා ගන්නා ලද එම හමුදාගත සෙබළියන් ඔවුන් මෙතෙක් රාජකාරි කටයුතු සිදු කරනු ලැබූ සේවා ප්‍රදේශ තුලින් ස්ථාන මාරු කිරිම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බව හා ඔවුන්ගේ නිවාස ආසන්නයේ පිහිටි කඳවුරු වෙත එම ස්ථානමාරු (අනුයුක්ත කිරීම) ඉදිරියේදි සිදුකෙරෙනු ඇති බව දන්වා සිටිනු ලැබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.