Author: LFN

නිදහස් පක්ෂය යළි වෙනත් පක්ෂයක නායකත්වයක් යටතේ සන්ධානගත නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පැවති එම පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර සිය මැයි දින සැමරුම වෙනුවෙන් බෝගම්බර බස් නැවතුම්පොළ, දෙයියන්නේවෙල එඩ්මන් සිල්වා ක්‍රීඩාංගණය සහ මහනුවර උසස් බාලිකා පාලස අසළින් මහජන පෙළපාළි 3ක් ආරම්භ කර තිබුණි. අනතුරුව පෙළපාලි 3 දුම්රිය ස්ථානය අසළදී එකට එක්වී මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට ළඟාවීමෙන් පසු රැලිය ආරම්භ කළේය. එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, “මාව එල්ලුම් ගහට යවන්න මේ අයට වුවමනා වෙලා ශ්‍රී.ල.නි.ප ය…

Read More

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි. කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ අදාළ මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. අනතුරුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් පෞද්ගලික නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව…

Read More

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත්කර අවසන් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබා දී තිබේ. රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඒ අනුව ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සිය ඡන්ද කොට්ඨාසයෙන් භාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවය. ඒ අනුව ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය. “පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා සිටින සියලුම රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයා විසින් දාලා තියෙනවා. අපට මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් ලබා දුන්නා, තමන් ඡන්දය ඉල්ලන පළාත් පාලන බලප්‍රදේශයෙන් පිටත ළඟම…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකිය. බස්නාහිර සහ දකුණු පළාත්වල සහ යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

අවුරුදු 5ට අඩු දරුවන් අතර උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සැලකීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපෑමට ලක්වූ රටවල දෙවන ස්ථානයට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ 2022 වසරට අදාළව මහ බැංකුව නිතුත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇති බවය. පාසැල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් අඩාල වී ඇති බවට පාර්ලිමේන්තුවේ දී ද අනාවරණය වී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

දකුණු පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට යවන ලද ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට නියමිතව ඇත. මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් ඒකමතික තීරණයක්ගෙන තිබිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට මෙම ලිපිය ඉකුත් 25 වැනිදාය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුව ලබාදීමට කලින් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක…

Read More

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බවත්, ඒ සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා. යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අඩු ආදායම්ලාභී ජනතාවට නොමිළේ සහල් බෙදාදීමේ දෙවන අදියරේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් මෙම අදහස් පළ කළා. 2022/2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ හා වී තොග බැහැර කිරීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වුණා. එය යාපනය තෙලිප්පලෛ සහ වෙලනෙයි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ශ්‍රී ලංකා යුද…

Read More

ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 01, ස්පීල්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සිය නිවසේ සිටියදී මෙලෙස වෙඩිතබා ඇති බවය. මියගොස් ඇත්තේ 37 හැවිරිදි කුඩා ගම්මාන 01 ස්පීල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිටතින් පැමිණි පුද්ගලයෙකු නිවසේ ජනේලයක් තිබෙන ස්ථානයක සිට, නිවසේ සිටි මෙම පුද්ගලයාට වෙඩිතබා පළාගොස් ඇති බවය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 704ක් රැස් කළේය. එහිදී කුසල් මෙන්ඩිස් (245), නිශාන් මධුෂ්ක (205) ද්විත්ව ශතක රැස් කිරීම විශේෂත්වයකි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 202කට දැවී ගියේය. ඒ…

Read More