Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදු අලියෙක් වූ 2021 අය වැය යෝජනාව
    Featured

    සුදු අලියෙක් වූ 2021 අය වැය යෝජනාව

    By LFNMay 21, 2023No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වසරේ අයවැයෙන් සම්මත කර ඇතත්,එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි හා අණපනත් මෙතෙක් සම්මත කර නොගැනීම හේතුවෙන්, එය හුදු අයවැය යෝජනාවක් පමණක් බවට පත්ව ඇත

    බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් 2020 වසරේ නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කළ 2021 අයවැය යෝජනාවලියට මෙම යෝජනාව ද ඇතුළත් ව ඇත.

    යෝජනාව සම්මත කර වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්,එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි හා අණපනත් සකස් කර පාර්ලිමේන්තුවේ සම්මත කර නොගැනීමෙන්, එය තවත් සුදු අයවැය යෝජනාවක් පමණක් වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    ජනාධිපතිවරයකු මාස දෙක තුනක් හෝ වසර දෙක තුනක් ජනාධිපතිධුරය හොබවා විශ්‍රාම ගියද ,ඔහුට සහ ඔහුගේ ඇවෑමෙන් සිය බිරියට විශ්‍රාම වැටුප ඇතුළු පහසුකම් සැපයෙන අතර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසර 5 සම්පූර්ණ වීමෙන් පසුව ,පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව, විශ්‍රාම වැටුප් හිමි වෙයි.

    2021 අයවැයෙන් යෝජනා කරන ලද පරිදි ,ජනාධිපතිවරයා විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර 5ක් සම්පූර්ණ කළ යුතු අතර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපට හිමිකම් කීමට වසර දහයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු වේ.

    හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ ,මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට මෙන්ම,හිටපු ජනාධිපති රණසිංහ මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියටද විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි විශ්‍රාම වැටුප් ඇතුළු සියලු වරප්‍රසාද දැනටත් හිමිවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.