Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බොරැල්ලේදී වෙඩිවැදී මියගියේ මේජර් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිටි අයෙක්
    Featured

    බොරැල්ලේදී වෙඩිවැදී මියගියේ මේජර් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිටි අයෙක්

    By LFNMay 21, 2023No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී නාඳුනන තුවක්කරුවකු විසින් ඊයේ (20) උදෑසන සිදුකර වෙඩිතැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිට නිදහස් වූ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

    කෙසේ වෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

    අද පෙරවරු 6ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදීය.

    සිය දියණිය සමග යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණි.

    කැලණියේ සිට එම පුද්ගලයා පැමිණ ඇති අතර වෙඩිතැබීම සිදුවූ ස්ථානයෙන් ඔහුගේ දියණිය බැස ඥාතී නිවසකට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් ඔහුට වෙඩිතබා ඇති බව පොලීසිය පැවසීය.

    අනතුරුව වෙඩි වැදී බිම වැටුණු පුද්ගලයා ආසන්නයට පැමිණි වෙඩික්කරුවෙකු නැවත වතාවක් වෙඩිතබා තිබේ.

    උණ්ඩ 27ක් පමණ යොදාගනිමින් අදාළ පුද්ගලයා වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය පැවසීය.

    එම අවස්ථාවේදී අසල සිටි අයෙක් සිද්ධිය රූපගත කර තිබුණි.

    අනතුරුව තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ‍තිබේ.

    එලෙස මියගියේ 54 හැවිරිදි ඉදුරුගොල්ල විදානආරච්චිගේ සංජීව නම් කැලණියේ පදිංචිකරුවෙකි.

    මියගිය පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සබඳතා පැවැත්වීම සහ මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහාය ලබාදීම යන චෝදනාව යටතේ බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ අයෙක් බව පොලීසිය පැවසීය.

    ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.