Author: LFN

දිස්ත්‍රික්ක 03ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. කෑගල්ල, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහා මෙලෙස නායයෑමේ නිවේදන නිකුත් කර තිබේ. එම අවදානම් නිවේදනය අද (03) සවස 4 දක්වා වලංගු වේ. ‍ මේ අතර දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…

Read More

අවශ්‍ය ඕනෑම අයෙකුට කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා තිබේ.

Read More

මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බවය. “මඟ නැඟුම යටතේ තියෙන සියලු සමාගම් විසුරුවා හරිනවා. මොකද ඒවා පවත්වාගෙන යන්න පුළුවන් ආදායමක් නෑ. කරන්න වැඩක් නෑ. වැඩ කරන්න මුදල් නෑ. ඒ නිසා ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ ටික රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ විසුරුවා හරිනවා. මඟ නැඟුම හා එයට සම්බන්ධ සමාගම් 4ක්.”

Read More

චීන රජය සතු ප්‍රධාන සමාගමක් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 02 ක ආයෝජනයක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. චයිනා මර්චන්ට්ස් ගෲප් (CMG) සමාගම විසින් කොළඹ වරායේ විශාල සේවා සැපයුම් මධ්‍යස්ථාන සංකීර්ණයක ආයෝජනය කිරීමට කටයුතු කරනු ලබන අතර එහි ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 392 ක් ලෙස ගණන් බලා ඇත. පසුගිය වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග විදෙස් ණය ගෙවීමේ කටයුතු පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රධාන විදේශ ආයෝජනය ලෙසයි මෙය සලකනු ලබන්නේ. සේවා සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මගින් චයිනා මර්චන්ට්ස් ගෲප් මගින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ආයෝජනය ඇමරිකානු ඩොලර්…

Read More

සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා තවදුරටත් සමගි ජනබලවේගයේ ඉන්නවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ලංකාදීපයට පැවසූයේ විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් හෙට ⁣ආරාධනා ලැබී තිබෙන බවත් එම සාකච්ඡා වලින් පසු තීරණයක් ගන්නා බවත් ය. ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවේදී වතු ජනතාවගේ පඩි වැඩිවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බව වඩිවේල් සුරේෂ් මහතා කීය. නුවරඑළියේ මැයි දින රැළියකට සහභාගී වෙමින් වඩිවෙල් සුරේෂ් මහතා පසුගිය (1)පැවසූයේ “මගේ නායකයා යැයි කියන සජිත් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාව සිල්ලරට ගණන් ගත යුතු නැති බවත් සජිත් මීට…

Read More

රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි රටේ වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වා ගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වන නිසා වෙනත් අයකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගැනීමට ඇත. ඩුබායි රටේ මොහුට වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද තිබෙන බව ද එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඔහු කුලියට ලබා…

Read More

ගම්පොල, අම්බුළුවාව රක්ෂිතයෙ දින තුනක කාලයක් තිස්සේ සිට නිරුවතින් කෑකෝ ගසමින් සිටියේ යැයි කියන කාන්තාවක් ගම්පොල මූලස්ථාන පොලිසිය විසින් ඊයේ සොයා ගනු ලැබුවාය. දින තුනක කාලයක් තිස්සේ සිට රක්ෂිත වනාන්තරය තුළින් කාන්තාවක් වරින් වර කෑකෝ ගසන හඬ ඇසුණු ප්‍රදේශවාසීන් පිරිසක් ඒ ගැන රක්ෂිත වනාන්තරය තුළට ගොස් විපරම් කර බලා ඇත. ඇඟේ නූල් පොටක් වත් නොමැති කාන්තාවක් සිටින අයුරු දුටු එම ප්‍රදේශවාසීන් පිරිස මේ බව බව ගම්පොල මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ. ගම්පොල මූලස්ථාන පොලීසියේ කාන්තා නිලධාරිනියන් කණ්ඩායමක් පැමිණ මෙම කාන්තාවට ඇඳුම් අන්දවා ඇය එම නිලධාරිනියන්ගේ බාරයට ගෙනඇත. පොලිස් නිලධාරිනියන්ගේ බාරයට ගත් කාන්තාව ගම්පොල රෝහලට ඇතුළත් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස්…

Read More

සිය ද්විපාර්ශ්වික වෙළෙඳාමේදී රියාල් සහ රුපියල වැඩි වශයෙන් භාවිත කරන ලෙස ඉරානය, ඉන්දියාවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර පැවැති හමුවකදී එම ඉල්ලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ද්විපාර්ශ්වික වෙළෙඳාමේදී දේශීය මුදල් ඒකක භාවිත කිරීමෙන් දෙරටේ ඒකාබද්ධ ආර්ථික අරමුණු කරා ළඟාවීමට උපකාර වනු ඇති බව ඉරානයේ යෝජනාවය. මේ අතර ඉන්දියාව සමග දේශපාලන සහ ආරක්ෂක ගැටළු මෙන්ම වඩාත් වැදගත් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළ බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

Read More

යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඊයේ (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඒ පිළිබඳ කරුණු අනාවරණ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා, “නව යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත 2023” අපිට සැලැස්ම හම්බවුණා. මේක ඉතාම රහසිගත ලියවිල්ලක්.. මේ මගින් බලපොරොත්තු වෙනවා නව විදුලිබල පනතක් ඉදිරිපත් කරන්න. ජලවිදුලි බලාගාරවල අයිතිය සමාගම්වලට පවරන්න යන්නේ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය.. ඒක සමාගම් අඥා පනතේ තියෙන ආයතනයකට පැවරීමෙන් ඇතිවෙන තත්ත්වය අපිට තක්සේරු කරන්න බැරි වෙනවා. අලුතෙන් එන මේ පනතේ තියෙනවා.. ඉදිරියේදී…

Read More

මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ක්‍රියාකලාපයෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංගණය වූ බව පවසමින් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසයි. ඒ, මෙරට අමෙරිකානු තානාපතිනිය වෙත ලිපියක් යොමු කරමිනි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තමා සහ තම බිරිඳ අමෙරිකාවට ඇතුළුවීමට සුදුසුකම් නොලබන පුද්ගලයන් ලෙස නම්කළ සිද්ධියේදී එය විදේශ අමාත්‍යවරයා වෙත කල් තියා දැනුම්දීමට අමෙරිකානු තානාපතිනිය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අප්‍රසාදය පළ කරමින් කරන්නාගොඩ මහතා මේ ලිපිය යොමු කර ඇත. තමාට එවැනි තහනමක් පනවා ඇත්තේ නිසි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය නොකර බවත්, කිසිදු චෝදනාවක් පිළිබඳව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් කර නොමැති බවත් ඔහු යැවූ…

Read More