Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හදිසි තත්ත්වයකට වෛද්‍යවරු සුදානමින්
    Featured

    හදිසි තත්ත්වයකට වෛද්‍යවරු සුදානමින්

    By LFNMay 22, 2023No Comments1 Min Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හදිසි තත්ත්වයකට මුහුණදීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් පුහුණුවීම් සිදුකර අවසන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එම ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, බෝවන රෝග ඒකකය සහ ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව එම කටයුතු සිදුකර ඇති බවය.

    “ජාතික ඩෙංගු මර්දන ඒකකය හැටියට මුළු දිවයිනේම තියෙන රෝහල් 73ක මධ්‍යම රාත්‍රියේ සිටින උණ රෝගීන් සංඛ්‍යාව නැත්නම් ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව පිළිබඳව දත්ත දෛනිකව වාර්තා කිරීමක් සිද්ධවෙනවා. එය වාර්තා කිරීමේ දී IDH රෝහල නැත්නම් බෝවන රෝග විද්‍යාතනය, ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, මීගමුව මහ රෝහල සහ ගම්පහ කියන රෝහල්වල සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. නිරන්තරයෙන් ඩෙංගු රෝගීන් හැම දිනකම වැඩිවීම නිරීක්ෂණය කරනවා. මෙහෙම නිරීක්ෂණය කරන්නේ ඇත්තටම රෝහල් ධාරිතාවයේ යම් ඉක්මවා යෑමක් සිද්ධ වෙනවා කියලා නිරීක්ෂණය කරන්න.

    මේ වනවිටත් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෛද්‍යවරු සහ හෙද හෙදියන් 400කට අධික ප්‍රමාණයක් ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ බෝවන රෝග විද්‍යාතනය එක්ව පුහුණුවීම් කටයුතු කරලා යාවත්කාලීන කරලා තියෙනවා. මේ වනවිටත් එම වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඩෙංගු තත්ත්වයේ දී ඩෙංගු රෝගය කළමනාකරණය සම්බන්ධයෙන් වාට්ටුවල කටයුතු කරමින් ඉන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.