Author: LFN

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (08) පස්වරු 3 දක්වා බලපැවැත්වේ. මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇත. එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිසා උතුරු අක්ෂාංශ 5 – 10ත් අතර, නැගෙනහිර දේශාංශ 90 – 100ත් අතර සහ උතුරු අක්ෂාංශ 1 – 4ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 92ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස…

Read More

රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟාවුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවය. “අපි දැන් බංකොළොත්භාවයෙන් මිදිලා තියෙනවා. එහෙම කරනකොට මේ රටේ ජනතාවට තමයි ඒ සැහැල්ලුව වාසිය හම්බවෙලා තියෙන්නේ. බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා රටේ ආර්ථිකය සකස් කරගෙන අවසාන කාර්තුව වන විට රජයේ සේවකයින් වැටුප් වර්ධකයක් ලබාදීමට බලාපොරොත්තු වන බව. ඒ නිසා තමයි මුදල් එකතුකර ගැනීම, ආදායම් වැඩිකරගැනීමට කටයුතු කරන්නේ. රජය බලාපොරොත්තු වන ඒ ඉල්ලක්කයට ගියොත් රාජ්‍ය සේවකයාටත් ඒ සැලකිල්ල කිරීමට…

Read More

‍කොළඹ වරාය හරහා සිදුවන අන්තරාළ වෙළෙඳාම මඟින් මෙරට කීර්ති නාමයට හානිවන ආකාරයේ ජාවාරමක් පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. වෙනත් රටක සිට භාණ්ඩ ආනයනය කර රේගු ගාස්තුවලින් තොරව වරාය තුළ රඳවා යළි තවත් රටකට අපනයනය කිරීම මෙම අන්තරාළ වෙළෙඳාම මඟින් සිදුකරනු ලබයි. ආනයනය කරන භාණ්ඩය තවත් රටකට අපනයනය කිරීමේදී එය ශ්‍රී ලංකාවේ සිට එවා ඇති බවට ලිඛිතව දැනුම්දීම සිදුවන අතර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් හරහා අපනයනය සිදුවන බව වාර්තා වේ. කෙසේවෙතත් මේ වන විට මෙම අන්තරාළ වෙළෙඳාම ජාවාරම්කරුවන් පිරිසක් විසින් අවභාවිතා කිරීමේ…

Read More

පානදුර, වලාන මංසන්ධියේ අද (07) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ කොළඹ වෙසක් තොරණ නැරඹීම සඳහා පැමිණි පිරිසක් යළි නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවය. අදාළ පිරිස රැගත් ජීප් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද උදෑසන 5.30 ට පමණ ජීප් රථ මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුව තිබේ. කොළඹ සිට කළුතර දක්වා ගමන් කළ පිරිසක් එම ජීප් රථයේ සිට ඇති අතර අනතුරින් එම ස්ථානයේ තිබූ විදුලි කණුවකට සහ මාර්ගයේ යකඩ වැටකට ද හානි සිදුව ඇත. ජීප් රථය පෙරළීමෙන් තුවාල ලැබූ 10දෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අප…

Read More

අද (07) රාත්‍රී 8.30 දක්වා වලංගු වන තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මි.මි 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. ඊයේ (06) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති වෙසක් උත්සවයකදී ඇය මේ පිළිබඳව සඳහන් කළාය. අදාළ උත්සවය අමතමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා ඇත්තේ නැගෙනහිර පළාත තුළ තමන් සිදුකරන අවසන් කතාව මෙයවනු ඇති බවය. පළාත් 04ක ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත. සබරගමුව, ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. මේ අතර ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගෙන් අද දෙරණ මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ මෙතෙක්…

Read More

ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයක තරුණයෙකු සමඟ පැමිණි 16 හැවිරිදි දැරියකගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයාගෙන තිබෙනවා. කළුතර දකුණ පොලීසිය කියා සිටියේ මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියෙකි. මියගිය දැරියගේ තවත් කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ ඊයේ (06) සවස පස්මහල් හෝටලයට පැමිණ කාමර දෙකක් කුලියට ඉල්ලා ඇති බවයි මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඒ අනුව හෝටලය විසින් තෙවන මහලේ කාමර දෙකක් කුලියට ලබාදී තිබෙනවා. පොලීසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය…

Read More

වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පිරිසක් ඊයේ එක්සත් ජාතික පක්ෂයට එක්වුණා. වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයේ තරග කරන කසුන් සුමතිපාලද ඒ අතරට අයතක් බවයි වාර්තාවන්නේ. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීට පෙර තරගකර එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා තමන් එලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වන බවයි එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බංඩාර වවුනියාව දිස්ත්‍රික්කයේ ඊයේ සිදුකළ සංචාරයකදී එම පිරිස පවසා ඇත්තේ. ඒ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමරත්න සුමතිපාලද එහිදි කියා සිටියේ තමන්ද ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවයි.

Read More

ජපානයේ ඔසාකා හිදී පැවැත්වෙන C ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (06) පැවති පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේදී සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත්විය. ඒ තත්පර 45.49ක දක්ෂතාවක් වාර්තා කරමිනි. ඔහුට එම ඉසව්වේදී හිමිවූයේ දෙවන ස්ථානයයි. මීට දින කිහිපයකට පෙර ජපානයේදී පැවති තරගයකදීම අරුණ දර්ශන තත්ත්පර 45.59ක කාලයක් වාර්තා කළේය. මේ අතර ඉන්දීය විවෘත පැරා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලියේ ටී 46 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තේය. ඒ තත්පර 13 .71ක දක්ෂතාවක් වාර්තා කරමිනි. T 35/42/47/62 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක් වූ කුමුදිකා දයානී තත්පර 13.55ක…

Read More