Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»IPL අවසන් මහා තරගය අද
    Sport

    IPL අවසන් මහා තරගය අද

    By LFNMay 28, 2023Updated:May 28, 2023No Comments2 Mins Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද (28) පැවැත්වෙයි.

    ඒ, ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය.

    ඒ සිව්වතාවක් IPL ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගියවර අයි පී එල් ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරය.

    චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයේදි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

    ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ තුන්වන අවසන් පූර්ව තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමිනි.

    16 වන වරට පැවත්වෙන මෙවර IPL තරගාවලියේ චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL අවසන් මහා තරගයට එක්වන්නේ 10වන වරටය.

    ඔවුන් අවසන් මහ තරගයට පිවිසි අවස්ථා 10න් 4කදීම ශුරතාව දිනා ගැනීමට සමත්ව තිබේ.

    චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය විදෙස් ක්‍රීඩකයින් දෙපළ බවට පත්ව ඇති මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ චෙන්නායි පිලේ ප්‍රධාන තුරුම්පු බවට පත්ව තිබීමද විශේෂත්වයකි.

    එමෙන්ම නව කණ්ඩායමක් ලෙස ඉකුත් වසරේදි IPL තරගාවලියට එක්වූ ගුජරාට් කණ්ඩායම සිය පළමු නියෝජනයේදීම ඉකුත් වසරේදී ශූරතාව දිනා ගත්තේ ප්‍රබල IPL කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කරමින්ය.

    ඒ අනුව අඛණ්ඩව දෙවන වරටත් අයි පී එල් ශූරතාව දිනා ගැනීමේ අරමුණින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද පිටියට පිවිසීමට නියමිතය.

    මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.