Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ෂාෆ්ටර්ගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද
    Hot News

    ෂාෆ්ටර්ගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද

    By LFNMay 26, 2023No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සැක කටයුතු ලෙස මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ඊයේ (25) දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගනු ලැබීය.

    ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සහ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා පත්කළ විශේෂ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේදීය.

    ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙල බැඳ සිටියදී හමුවුණේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වනදාය.

    පසුව ඔහු රෝහල්ගත කළ ද එදිනම ජීවිතක්ෂයට පත්වුණි.

    මේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කළ අතර ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමයක්ද, සංවිධානාත්මක ඝාතනයක් ද යන්න ප්‍රශ්නගත වුණි.

    පළමුව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට කරුණු ඉදිරිපත් වුවත් පසුව ඉදිරිපත් වූ රසපරීක්ෂක වාර්තාවේ ඔහුගේ ජෛව සාම්පලවලට අමතරව ආගන්තුක ජෛව සම්පලයක්ද හඳුනාගෙන තිබුණි.

    ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පත්කරන ලද පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේ, ෂාෆ්ටර් මහතාගේ මරණයට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා යළිත් වරක් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවය.

    දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගන්නා අවස්ථාව සඳහා බොරැල්ල පොදු සුසාන භූමිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණි.

    එහිදි පළමුව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අවමංගල්‍ය කටයුතු සිදුකළ පෞද්ගලික මල් ශාලාවේ නියෝජිතයින් විසින් දේහය බහා තිබු පෙට්ටියේ අනන්‍යතාවය හඳුනාගනු ලැබීය.

    දේහය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ද යන්න හඳුනාගනු ලැබුවේ, ඔහුගේ පියා වන චන්ද්‍රා ෂාෆ්ටර්, සහෝදරයෙකු සහ බිරිඳගේ සහෝදරයා විසිනි.

    එමෙන්ම සොකෝ නිලධාරින් විසින් දේහය යළි ගොඩගැනීම ඡායාරූප සහ වීඩියෝ ගත කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී සාක්ෂි සටහන් කර ගත්තේය.

    අනතුරුව දේහය වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියේය.

    දේහය සම්බන්ධයෙන් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) ආරම්භ කිරීමට නියමිතය.

    මේ අතර දේහය ගොඩගැනීමෙන් පසු දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය එම ස්ථානයේදීම කැඳවූ කොටුව අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ලබන මස 20 වනදා දක්වා නීති කෘත්‍යය කල්තබනු ලැබීය.

    එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ, එදිනට වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් කරුණු දැක්විය යුතු බවය.

    මේ අතර ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගැනීමෙන් පසු පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය මරණය සිදුවූ දිනයේ ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය නවතා තිබු ස්ථානය ද නිරීක්ෂණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.