Author: LFN
අද (24) උදෑසන හබරාදූව පොලිස් වසමේ උණවටුන, හීනටිගල ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් තුවාල ලැබීය. මියගොස් තිබුණේ 37 හැවිරිදි හීනටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකාරිය මරණකරුගේ බිරිඳ වන අතර ඔවුන් ත්‍රීරෝද රථයකින් දරුවන් පාසලට රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම වෙඩිතැබීමට ලක්වී ඇත. එහිදී තුවාල ලැබූ දෙදෙනාවම කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් තිබුණි. පොලීසිය සඳහන් කළේ සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල අවියක් භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇති බවය. මරණකරු 2013 වර්ෂයේ හබරාදූව පොලිස් වසමේ හරුමල්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව මනූෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන…
බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවය. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. “දුම්රිය දෙපාර්තමේන්තුවේ 2021 මුළු ආදායම බිලියන 2.6යි. බිලියන 2.3ක් අතිකාල දීමනා. වැටුප් සඳහා බිලියන 7යි. ඒ නිසා පසුගිය වර්ෂවල බිලියන 10ක විතර අලාභයක් සිදුව තිබෙනවා. මේ අලාභය පියවා ගැනීමට නම් මේ ආයතනයේ තිබෙන අකාර්යක්ෂමතාවය නැති කරන්න එක උත්තරයයි තියෙන්නේ,මේවා ඩිජිටල්කරණය කරන්න ඕනේ.…
ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අද (24) උදෑසන 7.30ට පමණ සිදුකර ඇති එම වෙඩිතැබීමෙන් එම පුද්ගලයාගේ බිරිඳ ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය. සිය දරුවා පාසල වෙත රැගෙන ගොස් ත්‍රිරෝද රථයකින් යළි එමින් සිටි ඔවුන් දෙදෙනාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බවට පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එහිදී බරපතළ තුවාල ලැබු පිරිමි පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර කාන්තාව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බව නීතිපතිවරයා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේය. දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම දැනුම්දීම සිදුකළේය. අදාළ දේවගැතිවරයාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භකර තිබෙන බවත් ඒ පිළිබඳව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය. ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර තිබේ. එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත. මේ අතර ස්ථාවර ගාස්තුව රු 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කළ බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව පැවසු අමාත්‍යවරයා, එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවත් කියා සිටියේය. එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන බවත් ඒකක…
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි . මෙසේ පලාගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි මොරටුව ලුණාව රෝහල් වත්ත අශෝක රුක්මල් ප්‍රනාන්දු නමැති සිරකරුවෙකි. මෙම සිරකරු ඊයේ දවසේ වැඩ අංශයට අනුයුක්තකර බන්ධනාගාර භුමිය පිරිසිදු කිරිමේ කටයුතුවල යොදවා ඇත. දෛනික වැඩ අවසන්වි සිරකරුවන් නැවත සිරකුටිවලට යැවිම සඳහා පරික්ෂා කිරිමේදි මෙම සිරකරු නොමැති බව දැනගැනිමෙන් පසු සෙයා බැලුවිට තහවුරුවි ඇත්තේ ඔහු පලාගොස් ඇති බවය.
ගමන් බලපත්‍ර 02 ක් සන්තකයේ තබා ගනිමින් මෙරටට පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් චීන ජාතිකයා මෙරටින් පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබෙනවා. ඒ, අදාළ චීන ජාතිකයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුවයි. චීන ගුවන් බලපත්‍රයට අමතරව ගිනියා රාජ්‍යයෙන් නිකුත් කරන ගුවන් බලපත්‍රයක් ද සමග අදාළ චීන ජාතිකයා මෙරටට පැමිණ තිබුණේ පසුගිය 18 වන දිනයි. එහිදී ඔහු සතුව තිබූ ගමන් බලපත්‍රයක් පිළිබඳ සැක සිතී ආගමන විගමන නිලධාරීන් ඔහු ගුවන් තොටුපළ තුළ රඳවා ගෙන තිබුණා. පසුව ඔහු නිදහස් කිරීමට ආගමන විගමන නිලධාරීන් ක්‍රියාකර තිබුණේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආගමන විගමන පාලකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. අදාළ චීන…
වයඹදිග පාකිස්තානයේදී අයිඑස් සටන්කාමීන් පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් සහ පුද්ගලික ආරක්ෂක භටයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අයිඑස් සටන්කාමීන් එහිදී ස්වාභාවික ගෑස් සහ බොරතෙල් නිෂ්පාදනය කෙරෙන සංකීර්ණයක් ඉලක්ක කර ප්‍රහාර එල්ලකර තිබුණි. ඒ සඳහා 50 දෙනෙක් පමණ පැමිණ ඇති බවත් වාර්තා විය. එම සංකීර්ණය ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසන බලමණඩලයේ සභාපති ලෙස සාගල රත්නායක මහතා තෝරාපත් කරගනු ලැබීය. ඒ, ඊයේ (23) කිරුළපනදී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණඩල රැස්වීමේදීය. හිටපු නාගරික මන්ත්‍රි අර්ෂාඩ් විසින් සාගල රත්නායක මහතාගේ නම යෝජනා කළ අතර සභාව විසින් එය ඒකමතිකව ස්ථිර කර තිබේ. ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙසද තනතුරු හොබවයි. 1999 දී මාතර – දෙනියාය ආසනයේ එජාප බලමණඩල සභාපතිවරයා ලෙස පත්වු සාගල රත්නායක මහතා, පළාත් සභා මන්ත්‍රිවරයෙක්, පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයක්, නියෝජ්‍ය අමාත්‍ය හා කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ. ඒ අනුව සාගල…
පොසොන් උත්සවය සඳහා වෙන්කළ මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා පිණ්ඩපාතයේ වැඩම කර ඉතිරි මුදල සොයා ගැනීමට කටයුතු කරන බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි. ඊයේ පෙරවරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. පොසොන් උත්සවය සඳහා රජය ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකිරීම පිළිබඳව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඉකුත් ඉරිදා සිය අප්‍රසාදය පළකර සිටියේය. ඒ, උතුරු මැද පළාත් වැඩබලන ආණ්ඩුකාර ලලිත්.යූ.ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක යන මහත්වරුන් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය. කෙසේ වෙතත් ඒ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙවර පොසොන් උත්සවයේදී මිහින්තලා පුදබිම වෙනුවෙන්…