Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රිගේ ලිපිය මධ්‍යම කාරක සභාව ඉවත් කරයි
    Featured

    මෛත්‍රිගේ ලිපිය මධ්‍යම කාරක සභාව ඉවත් කරයි

    By LFNJune 7, 2023No Comments2 Mins Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු නව දෙනකුට යොමු කරන ලද ලිපිය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවට එකතුවීම පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවකට අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවටත්, විනය පරීක්ෂණයක් කරන බවටත් දැනුම් දෙමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස කීපයකට පෙර ලිපියක් නිකුත් කළ බව ද මධ්‍යම කාරක සභාව පෙරේදා රැස්වී අත්හිටුවීමට තීරණය කළේ එම ලිපිය බව ද ඔහු පැවසීය.

    එම ලිපිය අත්හිටුවීමට තීරණය කළේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිවිල් අභියාචනාධිකරණයේ පවරන ලද නඩුවකට ලැබී ඇති තීන්දුව හා සාමාජිකත්වය අත්හිටුවන ලද අනෙකුත් අය විසින් එවන ලද ලිපියක් පදනම් කරගනිමින් බව ද ඔහු කීවේය. එම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අලු‍තෙන් එකතු කරන ලද සංශෝධන පදනම් කරගනිමින් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා අභියෝගයට ලක් කර ඇත්තේ එම කරුණු බව ද කී මහලේකම්වරයා ඒ නිසා මෙම ලිපිය අත්හිටුවීමට තීරණය කළ බව ද පැවසීය.

    එහෙත් පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවත් සමග එකතුවීම පිළිබඳව ඔවුන්ට තිබෙන චෝදනා අහෝසි නොවන බව ද මහලේකම් ජයසේකර මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේ දී තීරණය කරන බව ද ඔහු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.