Author: LFN
තමන්වත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනුකළ ඉල්ලීම සඳහා ද අධිකරණය අවසර ලබා දුන්නේය.
ලොවම කම්පා කරවූ ඔඩිෂා දුම්රිය අනතුරට හේතුව මේ වනවිට විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා උපුටා දක්වමින් අදාළ වාර්තා පෙන්වා දෙන්නේ දුම්රිය ආරක්ෂක කොමසාරිස්වරයා විසින් අනතුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ලබා දී ඇති බවය. එසේම අදාළ අනතුර සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම අවාසනාවන්ත දුම්රිය අනතුර සිදුවීමට “දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක්” හේතුවී ඇති බවට හඳුනාගෙන ඇති බවය. පසුගිය සිකුරාදා…
ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි එක් පන්දුවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගැනීමට සමත්විය. ඒ අනුව ඇෆ්ගනිස්තාන සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 191ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්විය. දුෂ්මන්ත චමීර පන්දුවාර 7ක් යොමුකර ලකුණු 18ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. මහීෂ් තීක්ෂණ සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තේය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස්කරගැනීමට සමත්විය.
යාපනය විශ්වවිද්‍යාලයේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ. විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකු සඳහා මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ. පසුගිය සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණි. අදාළ ගැටුම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව එම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් දෙවන වසරේ සිසුන් 16 දෙනෙකුට සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකුට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර තිබේ. මේ අතර එම සිසුන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට ද ඇතුල්වීම තහනම් කර ඇති බව වාර්තා වෙයි.
අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැරට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී සිරුරට ගිනි ඇවිලිමෙන් පූසාරිවරයෙකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයෙක් බව පොලීසිය පවසයි. ඔහු නමින් ආශිර්වාදන් සුන්දර් කුමරන් නම් 44හැවිරිදි පුද්ගලයෙකි.
බම්බලපිටියේදී ගුවන් හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ ත්‍රිකුණාමලය අබේපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සැරයන්වරයෙකි. තවත් සෙබළුන් කිහිපදෙනෙකු සමග රාජකාරියේ නිරතව සිටියදී බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ ඉඩමක් තුළ පිහිටි පාළු නිවසක් ආසන්නයේදී අදාළ සැරයන්වරයා මෙලෙස වෙඩිතබාගෙන ඇති බවට අනාවරණය වී ඇත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
කොම්පඤ්ඤ වීදිය, නවම් මාවතේ ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ ගොඩනැගිල්ලේ දේපළවලට හානි කිරීමේ චෝදනා මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. පසුව එම සැකකරුවන්ව ඇප මත මුදාහැර තිබේ. ඔවුන් එම ගොඩනැගිල්ලට ඇතුළු වී හැසිරෙන ආකාරය ජංගම දුරකථනවලින් රූගත කර තිබුණි.
රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකිවූ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසයි. මිහින්තලා පොසොන් ආලෝක පූජාව අවසන් කරමින් ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. “අති උතුම් මිහිදු මහ රහතන් වහන්සේට ආලෝකය දෙන්න බැරි වුණා. විදුලිය දෙන්න බැරි වුණා ආණ්ඩුවට. විදුලි ආලෝකය ලිමිට් කළා. අන්ලිමිටඩ් කළා අපේ ජනතාව. ලක්ෂ 60ක් ඉල්ලුවා ආලෝක පුජාව කරන්න. ලංකාවේ මිනිස්සු එකතුවෙලා කෝටියක් දුන්නා අද වෙනකොට. සත පනහ රුපියල එකතුකළා මම මේ පාත්‍රය අරගෙන. මිනිස්සු මට මේ පූජාව කරන්න සල්ලි දුන්නා. පාත්‍රා ධාතුව පිහිටුවේ අඹතලා ගලේ. ඒක ජයග්‍රහණය කළා.…
වෝල්ට් ඩිස්නි “Walt Disney” චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ Pixar Animation Studios හි සේවය කරමින් සිට ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව සේවකයින් 75 දෙනෙකු සේවාවෙන් ඉවත් කිරීමට එම ආයතනය තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ “Lightyear” නැමැති චිත්‍රපටයෙන් බලාපොරොත්තු වූ බොක්ස් ඔෆිස් වාර්තා සිහිනය බොඳව යාමත් සමග මෙම සේවක කප්පාදුව සිදුකර ඇති බවය. මෙලෙස ඉවත් කර ඇත්තේ “Lightyear” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ එහි නිෂ්පාදකවරයාය ඇතුළු 75 දෙනෙකුය. Angus MacLane නැමැති අධ්‍යක්ෂකවරයා “Walt Disney” චිත්‍රපට ආයතනය විසින් නිර්මාණය කළ “Toy Story 4” සහ “Coco” යන චිත්‍රපට සඳහා ද දායකත්වය ලබා දුන් අතර වසර 26ක් පුරා එම ආයතනයේ සේවය කළ නිලධාරියෙකු බව…
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මහතා, “සෑම වසරකම ජුනි 5 වෙනිදා ලෙස 1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත්ත තීරණයකට අනුව පුරා වසර 50ක් තිස්සේ, පරිසර දිනය සැමරෙනවා. ලංකාවේ අපි ජගත් පරිසර දිනයේ, මෙවර තේමාව කාලීන මාතෘකාවක්. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” කියන මාතෘකාව ඔස්සේ වැඩසටහන් කිහිපයක් ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ මධ්‍යම පරිස අධිකාරිය විසින් ලංකාව තුළට පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන එන ආයතන විදිමත් කිරීම හා එක්වරක් පමණක් භාවිත…