Author: LFN
හයිටි රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 4.9ක අගයක් ගෙන ඇති බවය. මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 3 ක් ද වාර්තා වන බවය. මේ වනවිට හයිටි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13,000ක් පමණ අවතැන්ව සිටී. එසේම අධික වර්ෂාව සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ පුද්ගලයින් 42කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්ථා වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ විභාග අපේක්ෂිකාවක් තම ජංගම දුරකථනය යොදා ගනිමින් ගුරුවරයකු වෙත ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර පිළිතුරු ලබාගෙන ඇති බවය. එමෙන්ම හේනේගම මහා විද්‍යාලය හා සීදුව ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයේදී අකටයුතුකම් වාර්තා වී තිබේ. අපේක්ෂකයන් දෙදෙනෙකු ජංගම දුරකථන භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුත් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමට යාමේදී නිරීක්ෂකවරයා විසින් සිද්ධිය අනාවරණය කරගෙන තිබේ. එම සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පැවසුවේය.
දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාල ගතකිරීමේ වැඩපිළිවෙල කඩිනම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, 2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බවය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහාය ලෝක බැංකුව මඟින් විදුලිබල මණ්ඩලයට ලබාදෙමින් පවතින බව සඳහන්ය. ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙලේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා යන මහත්වරුන් සමඟ මේ සම්බන්ධයෙන් සහ පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් කංචන විජේසේකර අමාත්‍යවරයා…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින්…
ලොව ප්‍රකට බෞද්ධ හිමිනමක් වන අජාන් බ්‍රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දුන් සිදුවීම ගැන එම හිමිගෙන් සමාව ඉල්ලන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කීය. ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අද (06) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ඉහළින් දැක්වෙයි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි. එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළේ, අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන බවය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන…
නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. අද (06) පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කථානායකවරයා විසින් සඳහන් කර සිටියේ, එම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නම් කර ඇති බවය. ඒ අනුව සෙසු සාමාජිකයින් පහතින් දැක්වේ. ආචාර්ය සුරේන් රාගවන් ඩයනා ගමගේ මහාචාර්ය ජී.එල් පීරිස් නීතිඥ රවුෆ් හකීම් විජිත හේරත් ආචාර්ය සරත් වීරසේකර නිරෝෂන් පෙරේරා අජිත් මාන්නප්පෙරුම නිමල් ලාන්සා තුෂාර ඉඳුනිල් වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන අකිල එල්ලාවල නාලක බණ්ඩාර කෝට්ටේගොඩ නීතිඥ මධුර විතානගේ
නවීනත්වයට සරිලන ලෙස වැඩි දියුණුකළ හෙඩ්සෙට් එකක් නිපදවීමට ඇපල් සමාගම කටයුතු කර තිබේ. “Apple Vision Pro” ලෙස නම්කර ඇති එම උපාංගය ඇපල් සමාගම වසර 10කින් පමණ නිපදවූ පළමු ප්‍රධාන උපාංගය ලෙස සැලකෙයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටීම් කුක් පැවසුවේ නව උපාංගය මගින් යතාර්ථ ලෝකය සහ අථත්ය (virtual) ලෝකය අතර හොඳින් මිශ්‍ර කෙරෙන බවය. පැය දෙකක් පමණ කාලයක් එහි බැටරිය ක්‍රියාත්මකව පවතින අතර එහි මිල ඩොලර් 3,499කි. ලබන වසර වනවිට එය අමෙරිකාවේ වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කෙරේ.
බෞද්ධ ඉගැන්වීම් විනාශ කිරීමට නොහැකි තත්ත්වයක් තුළ බුදු දහම විනාශ කර මෙරට බෞද්ධ සංස්කෘතිය හා එහි පදනම විනාශ කිරීමට බලා සිටින බටහිර බලවේගවල මීළඟ සැලසුම බවට පත්ව ඇත්තේ බෞද්ධ අනුගාමිකයන් විනාශ කිරීමට බවත්, ඒ සඳහා ඔවුන් බෙදා වෙන්කිරීමේ න්‍යාය භාවිතයට ගන්නා බවට පෙන්වා දිය හැකිය. මෙම ව්‍යාපෘතිය ඉතා සූක්‍ෂම ලෙස සකස් කෙරෙන්නේ සංඝයා වහන්සේට බැන වැදීමට බෞද්ධයන් දිරිමත් කිරීමටත්, බෞද්ධයා පන්සල් යාමෙන්, දන් දීමෙන්, හාමුදුරුවරුන් ළඟට ගොස් උන්වහන්සේලාගේ නැණවත් උපදෙස් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත්, ඔවුන්ගේ ගෘහ කටයුතුවලට බෞද්ධ සංඝයා ඇසුරු කිරීමට ඔවුන්ව අධෛර්යමත් කිරීමට කටයුතු කරමින් බවද, මෙම තත්වය මෙරට ජනතාව වටහාගත යුතුව ඇත. දැනට ඇති නවතම නැඹුරුව වන්නේ සමාජ…
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. අදාළ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණි. එමඟින් දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීම සුදුසු නොවන බවය. එබැවින් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් මහතා පෙත්සම ගොනුකර තිබුණි. ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ පෙත්සම ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණුනි. ඒ අනුව අද තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.