Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අපොස (සාපොළ) අවසන් කල සිසුන්ගේ අභාග්‍යමත් සභ්‍යත්වය – වරද කා අතද?
    Hot News

    අපොස (සාපොළ) අවසන් කල සිසුන්ගේ අභාග්‍යමත් සභ්‍යත්වය – වරද කා අතද?

    By LFNJune 11, 2023Updated:June 11, 2023No Comments3 Mins Read521 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන් තුල රටෙි අනන්‍යතාව, සභ්‍යත්වය පුනර්ජීවනය කරවීමේ සුවිශේෂී වගකීම රදා පවතින්නේ ගුරුවරයා යන චරිතය තුලයි. ඉකුත් දා නිමාවට පත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය තුල මෙරට දරුවන් තුලින් දැක්නට ලැබුනේ නොහික්මුණු සිසුන් කොඨටාශයක අප්‍රසන්න දසුන් පෙළකි. පාසලෙන් ලබන අධ්‍යාපනය හා ශික්ෂණය දරුවන් තුල අද නොමැති බව ඉන් මොනවාට සමාජගතව ඇත.

    ගුරුවරයාට අංගුලිමාලයන් මෙන්ම යහපත් පුරවැසියන් ද බිහිකළ හැක. එහෙත් එවන් සුවිශේෂී චරිත ගැන අද අසන්නට ඉතා කලා තුරෙකිනි. විදුහල්පතිවරුන්, ගුරුවරුන් අල්ලස් ගැනීම්, රාජ්‍ය දේපළ අයථා පරිහරනය මෙන්ම පාදඩයින් මෙන් පෙළපාලි යාම,රටේ නීතියට අවනත නොවීම සුලභ සිද්ධීන්ය. දෙමාපියන්ට කළ නොහැකි, උරුම කළ නොහැකි දෙයක් ගුරුවරයාට දරුවකුගේ චරිතය සම්බන්ධයෙන් කළ හැකි බව අවබෝධ කර නොගත් ගුරු පිරිසක් මෙරට බිහි වුයේ කිනම් බල පෑමකින්ද? තවදුරටත් එසේ විය යුතුද?
    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම තුළින් පිළිඹිබු වන්නේ වෘතිය සමිති මගින් සමාජය තුළ නිර්මාණය කරන ලද ප්‍රචණ්ඩකාරී මානසිකත්වය ඔහුන් තුලට කා වැද්දී ඇති බව නොවෙිද?. රටක් ලෙස මෙවැනි තතවයන් අපේෂා කිරීම කෙබදු ඛෙිදවාචකයක්ද?

    පෙර දී ගුරුවරුන්ට වැටුප් ප්‍රශ්න පමණක් නොව වෙනත් වෘත්තීය ප්‍රශ්න තිබූ නමුත් ඔවුන් කිසිදා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා හෝ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස බල කරමින් දරුවන්ගේ අධ්‍යාපනය නොකලා හරිමින් උද්ඝෝෂණ කළ බවක් අපට අසන්නට තිබුනේ නැත. අද තත්වය එසේ නොවන්නේ ඇයිද යන්න වගේම දරුවන් මෙවැනි තත්වයකට පත්ව ඇතිතේ මක් නිසාද යන්න වත්මන් ගුරු වෘතිය සමිති ක්‍රියාකරුවන්ගේ මැදිහත් වීමෙින් සිදු වු සංසිද්දීන් ආවර්ජනය කර බැලීමෙින් ඔබට මට අවබෝධ නොවන්නක්ද?
    ඉකුත් දා ලංකා ගුරු සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් නැමැත්තා විසින් දරුවන්ගේ ප්‍රචන්ඩත්වයට අධ්‍යාපන බලධාරීන් කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ප්‍රකාශ කර සිටීම එළිපත්තේ සිටින සුනකයාගේ කෙරුම නොකර වැදි බණ කීමක් බව එවැන්නන්ට කියා දිය යුතු පාඩමකි.

    පාසල පරමාදර්ශි ආයතනයක් ලෙස ස්වයංක්‍රීයව ගොඩනැඟෙන්නේ නැත. එය පරමාදර්ශි වනුයේ හෝ නොවනුයේ එයට ලැබෙන ගුරු දායකත්වය මත යන්න අප කිවයුක්තක්ය. අද දරුවන් තුළ පවතින සදාචාරාත්මක පරිහානියට වගකිව යුත්තේ ගුරු වෘතීය සමිති යැයි නම් කර ගනිමින් මෙරට අධ්‍යාපන ක්ෂ්ත්‍රය කාබාසිකනීයා කර දමන්නන් හා ඔවුන්ගේ ගැත්තන් වී ඇති දිසා පාමොක් පරපුරය යන්නට අපි සාක්ෂි කරුවෝ නොවන්නේද? කෙසේ නමුදු අටලොස්සක් වු ගුරුවරුන් පිරිසක් තවමත් තම වෘතීයේ උත්තරීතර ගෞරවය රැකගනිමින් කටයුතු කරන බව අප කිව යුතුමය.

    විටින් විට අවස්ථා ගණනනාවක් තුල විවිධ කරුණු හුවා දක්වමින් පවත්වන වෘතීය සමිති ක්‍රියාකරකම් හි ප්‍රථිපලය අද අපි අපේ දරුවන් තුලින් අත්විදිනවා නොවෙිද? මාර්ගයන් තුල දරුවන් පලවා හැරීමට පොළිසිය යෙදවීමට තරම් අද පාසල් සමාජය පිරිහි ඇති ආකාරයට වගකිවයුත්තන්ට තවදුරටත් දැයේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට සලස්වනවාද යන්න සමාජයට භාර වගකීමකි.

    නැවත මෙවන් අසීලාචාර සිදුවීමි දැයේ දරුවන්ගෙන් සිදු නොවීමට සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් වගබලා ගතයුතු අතරම දෙවිවරුන්සේ සලකන ගුරුවරුන් ඔහුන්ගේ සේවයේ අභිමානය රැක ගනිමින්, ගුණවත් සිසු පරපුරක් දැයට දායද කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති බව මෙරට හුදී ජනතාවගේ ඒකායන විශ්වාසයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.