Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදු වෑන් නඩුවේ පළමු සාක්ෂිකරුට වරෙන්තු
    Featured

    සුදු වෑන් නඩුවේ පළමු සාක්ෂිකරුට වරෙන්තු

    By LFNJune 8, 2023Updated:June 8, 2023No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් නඩුවේ පළමුවන සාක්ෂිකරු සාක්ෂිදීම සඳහා අද (08) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

    මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පළමුවන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටින සරත් කුමාර නමැත්තා සාක්ෂිදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තා වෙයි.

    ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයෙකු අධිකරණය හමුවේ ප්‍රකාශකළේ තම සේවාදායකයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් අධිකරණය හමුවට පැමිණිය නොහැකිවූ බවය.

    මෙහිදී විනිසුරුවරයා ප්‍රශ්නයක් යොමුකරමින් සාක්ෂිකරු අධිකරණය හමුවට පැමිණි සඳහා අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ආරක්ෂාවක් දැයි විමසීය.

    ඊට අදාළ නීතිඥවරයා පැහැදිලි පිළිතුරක් ලබා දී නොමැත.

    ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව අදාළ සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තුවක් නිකුත් කළේය.

    මෙහි දී රජයේ නීතිඥවරයා ඇමතු විනිසුරුවරයා, මෙම නඩුව දිගින් දිගටම කැඳවීමෙන් ඵලක් නොවන බව පෙනීයන්නේ යැයි කියා සිටියේය.

    එම නිසා පළමුවන සාක්ෂිකරු නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමට ඇති හැකියාව සොයාබලන ලෙසත් මෙහිදී විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

    ඉන් පසුව නඩු විභාගය සැප්තැම්බර් මස 01 වනදා තෙක් කල්තැබීය.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ නොවැම්බර 10 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම ඇතුළු චෝදනා කරමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.