Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනාධිපතිගෙන් විශේෂ කමිටු දෙකක්
    Featured

    ජනාධිපතිගෙන් විශේෂ කමිටු දෙකක්

    By LFNJune 10, 2023No Comments2 Mins Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කැබිනට් තීරණයට අනුව මෙම කමිටු පත් කර ඇති බවය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකුගෙන් සමන්විතය.

    රට තුළ කොවිඩ් 19 සහ ඩෙංගු රෝගය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අමාත්‍ය කමිටුවට පැවරේ.

    මේ අතර ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කර තිබේ.

    සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම විද්වත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.කොඩිප්පිලිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ්, වසංගත රෝග විද්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රතිශක්තීකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක යන මහත්ම මහත්මීහු පත් කර සිටිති.

    එම කමිටුවේ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුද්ධිකා එස්. ගමගේ මහත්මිය පත් කර තිබේ.

    මීට අමතරව මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09ක් පත් කර ඇත.

    පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අනුකමිටුවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, පළාත් පාලන කොමසාරිස්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළත් වේ.

    මේ අතර කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළ අමාත්‍ය කමිටුව ඊයේ (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

    ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් ද එම අවස්ථාවට කැඳවා තිබූ අතර රට තුළ සෞඛ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වුවද පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරිණි.

    විද්වත් කමිටුව ලබන 13 වන අඟහරුවාදා පෙරවරුවේ රැස්වීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද ඒ සඳහා කැඳවීමටත්, පළාත් මට්ටමින් ඩෙංගු මර්ධන ක්‍රියාකාරි සැලැස්ම එහිදි සකස් කිරීමටත් තීරණය කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 202600 Views

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21)…

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.