Author: LFN

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් තනතුරු දෙකකට නව සාමාජිකයින් පත්කර තිබේ. ඊයේ (16) සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී එම තීරණය ගෙන ඇත. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට පත්කර තිබේ. කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරයට පත්කර ඇත. සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී එම පත්වීමේ ලිපි ලබාදී තිබේ.

Read More

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙසද විකිණුම් මිල රුපියල් 316.18ක් ලෙසද සඳහන් විය.

Read More

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 73වන වියේ පසු විය. ටෝනි හසන් මහතා දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

Read More

දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවත දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, අධිකරණයෙන් ඔහුට එරෙහිව සංචාරක ගමන් තහනමක් ලබාදී ඇති මොහොතක එලෙස අත්අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති බවය. එමෙන්ම ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයන්ට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු මාධ්‍ය ප්‍රකාශවරයා, “පාස්ටර් ජෙරම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. පැමිණිලි ලැබුණට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඒ අනුව තමා අධිකරණයෙන් අදාළ සාක්ෂි සටහන් කරගෙන පසුව තමා අධිකරණය නියෝග ලබාගන්නේ. පාස්ටර්…

Read More

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ සෙන්දිල් තොණ්ඩමාන් මහතාය. එමෙන්ම ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැදවූ ජිප් රථයක ගැටුණු පිය පුතු දෙපොළක මියගිය බව මහනුවර පොලිසිය කියයි. මෙසෛ් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ චන්ද්‍රික සම්පත් රුද්‍රිගු (41) සහ විමන්ත රුද්‍රිගු (11) යන දෙදෙනෙකි. කිසියම් අවශ්‍යතාවයක් සඳහා පියපුතු දෙදෙනා මාර්ගය හරහා ගමන් ගනිද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුර සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සුබසාධක ප්‍රතිලාභ දීමනාව ගෙවීම් සඳහා ප්‍රදේශීය ලේකම්කාර්යාලවලට ලැබුණු සංගනණය කරන ලද තොරතුරු නැවත පරීක්ෂා කිරීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නැවත පරීක්ෂා කළ අයදුම්පත්‍ 158,000 දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවය. “සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා වූ වැඩපිළිවෙළේ මේ වන විට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබුණු සංගනණය වූ තොරතුරු නැවත පරීක්ෂාකිරීම හා සත්‍යාපනය කිරීමේ කටයුත්ත මේ දවස්වල ලහි ලහියේ සිද්ධ වෙනවා. ඒ අනුව ඒසේ ලැබුණු අයදුම්පත නැතිනම් ගෙවල්වල විස්තර 88,000ක ප්‍රමාණයක් අපේ දත්ත පද්ධතියට ඇතුළු කරලා තියෙනවා. ඊයේ දවස තුළ 69,000ක විතර ප්‍රමාණයක්…

Read More

බිම්මට්ටමේ දී කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා අද (17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියේ, තම තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැඳීම සිදුකළ යුතු බවය. “බිම්මට්ටමේ යම් වෛරස රෝගී තත්ත්ව වගේම කොවිඩ් -19 යැයි සැකසිතිය හැකි රෝග තත්ත්වයක් විශාල වශයෙන් පැතිරෙමින් තියෙනවා. පාසල් තුළ හා ආයතන තුළ වසංගත තත්ත්වයෙන් පැතිර යමින් තියෙනවා. ඒ නිසා අපි මහජනතාව විදියට වගකීමෙන් මේ මොහොතේ වැඩකළ යුතුයි. විශේෂයෙන්ම කොවිඩ් -19 පාලනයට අදාළව අපි කලින් හඳුන්වා දුන් සෞඛ්‍ය උපදෙස්, විශේෂයෙන්ම දෑත් පිරිසිදුව තබාගැනීම, ස්වසන…

Read More

බලය බෙදීම වෙනුවෙන් පෙනී නොසිටියත් මැතිවරණයක් ලබා ගැනීම සඳහා තමන් තදින්ම ඉදිරිපත්ව සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළහ. මේ අවස්ථාවේදී තමන්ට අවශ්‍ය කරන්නේ බලය බෙදීමක් නොව ඡන්දයක් යැයි ද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියහ. ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් එම කරුණු සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදීය. ජනාධිපතිවරයා කරනු ලැබූ දැනුම් දීමකට අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු එම හමුවට සහභාගී වූහ. බලය බෙදීම තමන්ගේ කටයුත්තක් නොව එය රජයේ කටයුත්තකැයි සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරු කියා සිටියහ. ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ගේ ඉල්ලීමට…

Read More

තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවය. ඊයේ දිනට කොවිඩ් මරණ කිසිවක් වාර්තා නොවේ.

Read More