Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්වවිද්‍යාල ගැටලු විසඳන්න ජනපති‍ගෙන් දැඩි තීරණයක්
    Featured

    විශ්වවිද්‍යාල ගැටලු විසඳන්න ජනපති‍ගෙන් දැඩි තීරණයක්

    By LFNJune 12, 2023No Comments2 Mins Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපනය සම්බන්ධයෙන් පත්කර ඇති කැබිනට් කමිටුව මඟින් විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය උසස් කිරීමට අදාළ සියලු ගැටලු පිළිබඳ සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    CVCD විශිෂ්ටතා සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

    වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධාන කරනු ලබන CVCD විශිෂ්ටතා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබාදෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක්කෙරේ.

    වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

    “ශ්‍රී ලංකාවේ රැඳීඉන්න ඔබ කැමතිද කියලා මං වර්තමාන තරුණ ප්‍රජාවගෙන් විමසුවම, ඔවුන්ගෙන් වැඩිදෙනා කියන්නේ නැහැ කියලා. එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණදෙන බරපතළම අර්බුදය. ඒ වගේම ශ්‍රී ලංකාව මුහුණදිලා ඉන්න විශාල ගැටලුවේ එක කොටසක්. අපි කොහොමද අනාගතයට මුහුණදෙන්නේ ? අපි ඉන්නෙ කොතැනද ? මම විශ්වවිද්‍යාලේ යන කාලෙ, අපේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල අතර ඉහළ තැනක තිබුණා. රජයේ විශ්වවිද්‍යාල කොහොමද පවත්වාගෙන යන්නේ, ඒවායේ උප කුලපතිවරයාට පහර දෙනවා නම් ? එහෙම වෙන්න බැහැ. යම් තැනකදි අපි මේ ප්‍රශ්නෙට මුහුණදීලා එය විසඳන්න ඕන. වෙන යන්න පාරක් නැහැ. අපි මේ ගැටලුවලට විසඳුම් නොදුන්නොත් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය තුළ තව බරපතළ දේවල්වලට මුහුණදෙන්න සිදුවේවි. අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් කැබිනට් කමිටුවක් පත්කළා. එමගින් සියලු ගැටලු සලකා බලනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.