Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ෆීල්ඩ් මාෂල් කණ්නාඩියෙන් දකින නායකයා කවුද?
    Featured

    ෆීල්ඩ් මාෂල් කණ්නාඩියෙන් දකින නායකයා කවුද?

    By LFNJune 14, 2023No Comments2 Mins Read203 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිටට ගියවිට රටට නායකත්වය දිය හැකි නායකයකු තමන්ට පෙනෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ දී ඊයේ (13) දින පැවසීය.

    පූගොඩ මණ්ඩාවල රණවිරු ගම්මානයේ පැවැති රණවිරු සැමරුමකට එක් වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා එලෙස පැවසූවේය.

    ෆොන්සේකා මහතා එහිදී මෙසේද කීය.

    අද වන විට රටේ පාලකයන්ට මෙන්ම බොහෝ ජනතාවටත් රණවිරුවන් අමතක වෙමින් පවතිනවා. යුද්ධයක් තිබුණද කියලත් දැන් සමහරු දන්නේ නෑ . සමස්තයක් ලෙස ⁣වර්තමාන රජය ඇතුළු කිසිදු රජයක් රණවිරුවන් පිළිබදව බැලුවේ නෑ.

    උතුරු නැගෙනහිර සමහර ඉඩම් තියෙනවා යුද හමුදා අවශ්‍යතාවය මත කදවුරු ස්ථාන ගත කරන ලද. ලබා ගත් සමහර ඉඩම් නැවත ලබා දීමටත් හැකියාව තිබෙනවා. නමුත් දේශපාලන උවමනාවන් මත එම ඉඩම් නැවත ලබා දීම පිලි ගන්න බෑ. උතුරු නැගෙනහිර ඡන්දවලට කෑදර කමේ හමුදාවන් අඩපණ කිරීමේ සහ අස්ථාන ගත කිරීමේ ප්‍රවණතාවයක් දැන් පෙනෙනවා. එවා නිවට බියගුලු වැඩ. ඒවාට අපි විරුද්ධයි.

    වර්තමාන පාලන තන්ත්‍රයම නිවටයි. පිළිකුල් සහගතයි. දුර්වලයි. මේ රටට අවශ්‍ය කැපවීමෙන් වැඩකළ හැකි බුද්ධිමත් නායකයකු අවශ්‍යයි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි බොහෝ දෙනා අසන මුත් එය අහන්න පහසු උවත් පිළිතුරු දීම අපහසු කාරණයක්.

    රටේ ජනතාව නිවරැදි නායකත්වයක් තෝරා ගැනීම සදහා කැපකිරීම් කළහොත් ඒ වෙනුවෙන් යෝජනා ආවොත් සලකා බැලීමට හැකියාව තිබෙනවා. කොහොම වුණත් මගේ නිවසේ මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිට ට ගියාම අනාගතයේදී රටට නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක්ම මට පෙනෙනවා.

    වර්තමාන ජනාධිපතිවරයා රාජපක්ෂලා තරම් දූෂිත නොමැති නිසා මට රනිල් වික්‍රමසිංහ මහතා ට ආචාර කළහැකි වුවත් ඉදිරි ජනාධිපතිවරණයකදී කිසිදු ලෙසකින් ඔහුට සහය පළ කිරීමක් සිදු වන්නේ නෑ ඔහු දක්ෂයෙක් නෙමේ දුර්වලයෙක් යැයිද පැවසීය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.