Author: LFN

කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගම පවසයි. එම සමාගමේ සභාපති Bai Yinzhan සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අතර පැවති හමුවකදී ඒ බව පවසා තිබේ. එම හමුව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ බව සබ්රි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. France 24 සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන බවය. මේ අතර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මෙම සතියේ විදෙස් ගමන්වලින් වැළකීසිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මූලික ලැයිස්තුවට නම ඇතුළත් නොවූ පිරිසගේ අභියාචනා භාරගැනීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ඊයේ ආරම්භ කෙරුණි. එහිදී ඇතැම් ස්ථානවල ඇතිවූයේ දැඩි නොසන්සුන් තත්ත්වයකි. අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයක් මතුකර තිබේ. සමෘද්ධිලාභීන් චෝදනා කරන්නේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා සිදුකළ සමීක්ෂණ නිසි පරිදි සිදුවී නොමැති අතර තමන්ට ලැබෙමින් තිබූ සමෘද්ධි සහනාධාරය ද අහිමි වී ඇති බවය. එලෙස චෝදනා කරමින් පසුගිය දින ගණනක සිට ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වූ වාර්තාවේ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලේඛනය පිළිබඳ විරෝධතා හා අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා රජය ඊයේ සිට ජනතාවට අවස්ථාව ලබාදුන් අතර එම කාලය ජුලි 10 වනදා දක්වා…

Read More

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමටත් පෙරම සුපිරි 6 දෙනාගේ වටයේ සිය ස්ථාන තහවුරු කර ගැනීමට කණ්ඩායම් 6ක් සමත්ව තිබේ. ඒ අනුව ඒ කාණ්ඩයෙන් එම වටයට සුදුසුකම් ලබා සිටින්නේ සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තයයි. බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුදුසුකම් ලබාගත්තේය. සුපිරි 6 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතය. එම තරග පැවැත්වෙන අයුරු පහතින්, ජුනි 30 – ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ජුලි 02 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ජුලි 07 – ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…

Read More

සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකර ති‌බේ. ඊයේ (26) රාත්‍රීයේ කාලයේ කාත්තා හා පිරිමි පුද්ගලයින් පිරිසක් එලෙස හඟුරන්කෙත පොලිස් ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය පවසයි. තත්ත්වය පාලනය කිරීමට පොලීසියෙන් වෙඩි ප්‍රහාර 38ක් පමණ තබා ඇත.

Read More

ගැහැණු ළමයින් රවටා ඔවුන්ගේ නිරුවත් දර්ශන ලබා ගනිමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ලක්ෂ ගණනින් මුදල් ලබා ගත් තරුණයෙක් අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා facebook හරහා තරුණියන් හඳුනා ගනිමින් ඔවුන් සමඟ ප්‍රේම සබඳතා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පවසා සිටියේ අදාළ පුද්ගලයා එවැනි තරුණියන් රවටා හෝටල්වලට කැඳවාගෙන පැමිණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර මුදල් ලබා ගන්නා බවයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරු පරිහරණය කරන නවීන පන්නයේ ජංගම දුරකථනය ද තම භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම අදාළ ජංගම දුරකථනයේ තිබී තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ නිරුවත් ඡායාරූප…

Read More

ඉතාලියේදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ දිනේෂ් නාමල් නමැති ශ්‍රී ලාංකිකයෙකි. නාපෝලි නගරය ආසන්නයේදී අදාළ රථය මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ තිදෙනෙකු ගමන්කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. එහිදී රථයේ ඉදිරිපස ගමන්කළ දෙදෙනා airbag ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවිබේරාගැනීමට සමත්ව ඇත. වැඩිදුරටත් වාර්තා වන්නේ මියගොස් ඇති පුද්ගලයා අනතුර සිදුවන අවස්ථාවේ රථයේ පසුපස අසුනේ ගමන්කර ඇති බවත් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.

Read More

මවට අපස්මාර රෝගී තත්ත්වය වැළඳීම හේතුවෙන් කුඩා දැරියක් ආහාර උගුරේ සිරවී අවාසනාවන්ත පුවතක් වාර්තා වෙයි. අදාළ සිදුවීම වාර්තාවන්නේ බගවන්තලාව බ්‍රිඩ්වේල්වත්ත රදේශයෙනි. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුද්දක කුඩා දැරියකි. එහිදී දිවා ආහාරය පිළියෙළ කර තම සිඟිති දියණියට ලබාදෙමින් සිටියදී අදාළ 26 හැවිරිදි මවට අපස්මාරය රෝගී තත්ත්වය වැළඳී ඇති බව අනාවරණය වී තිබේ. පසුව අසල්වාසී පිරිස නිවස තුළ අදාළ කාන්තාව වැටී සිටිනු දැක සොයාබැලීමේදී කුඩා දැරියද එම ස්ථානයේ මව බදාගෙන සිටිනු දැක කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. සිඟිති දැරිය ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල්ගතකිරීමේදී අනාවරණය වී තිබේ. ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී ආහාර සිඟිති…

Read More

ඇහැළියගොඩ ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී අනතුර සිදුව තිබුණි. පෞද්ගලික බස් රථය මාර්ගයේ ලිස්සා ගොස් පසෙක තිබූ සුඛෝපභෝගී බස් රථයක පිටුපස ගැටීමෙන් අද (26) උදෑසන 10.00ට පමණ අනතුර සිදුව ඇත. අනතුරත් සමග සුඛෝපභෝගී බස් රථය ඉදිරියට තල්ලුවී ගොස් නවතා තිබූ යතුරුපැදියක හා වෑන් රථයකද ගැටී තිබුණි. අනතුරින් 20දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් 5 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

Read More