Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් විදෙස් රැකියා ජාවාරමක් වටලයි
    Featured

    තවත් විදෙස් රැකියා ජාවාරමක් වටලයි

    By LFNJune 30, 2023No Comments1 Min Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් යොදාගෙන සිදුකළ මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.

    “ජයභූමි පදනම” නමින් මෙම ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇත.

    මෙලෙස විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් රැසකගෙන් වංචනික ලෙස මුදල් අයකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පවසයි.

    එම නිලධාරීන් පැවසුවේ අමෙරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතියක රැකියා රැසක් ලබාදෙන බව පවසා මෙම ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති බවය.

    මොහාන් ද සිල්වා නම් පුද්ගලයෙකු විසින් වසර 3ට අධික කාලයක් පුරා මෙම ජාවාරම, රාජගිරිය, “ජනජය සිටි” නම් ගොඩනැගිල්ලේ 6 වන මහලේ පවත්වාගෙන ගොස් ඇති බව කාර්යාංශය පවසයි.

    එම ආයතනයේ තිබී රැකියා අපේක්ෂකයින් 636 දෙනෙකුට අදාළ ලිපිගොනු කාර්යාංශ විමර්ශන භාරයට ගෙන ඇත.

    සැකකරු විසින් අමෙරිකාවේ වීසා අයදුම් කිරීම සඳහා එක් අයදුම්කරුවෙකුගෙන් රුපියල් 75,000.00 බැගින් පුද්ගලයින් 400ක ගෙන් පමණ මුදල් ගෙන ඇති බව වාර්තා වෙයි.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී.

    විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගගත හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.