Author: LFN

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටය අද (29) ඇරඹෙයි. එහි පළමු තරගය ඕමානය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.

Read More

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ ඇය මේ වනවිට හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබේ. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව අනුමැතිය සඳහා අද (28) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණි. එහිදි අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. ඉන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කෙරුණි. මේ අතර ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සමගාමීව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමටද ශ්‍රී ලංකා රජය තීරණය කළ අතර ඒ…

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සායනයේ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. අද (28) දහවල් 2.30ට පමණ එම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අප වාර්තාකරු පැවසීය. මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා මාවනැල්ලේ පදිංචි අයකු බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. තම බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වන ලද පුද්ගලයෙකුට එම ප්‍රහාරයට එල්ලකර ඇතැයි පොලීසිය සැකකරයි. වැඩිදුරටත් වාර්තා වන්නේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වීමෙන් රෝහල වෙත පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනකු පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවය. ඇසිඩ් ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයාගේ ඇස්වලට හානි සිදුවී ඇති බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලේ…

Read More

මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස 2016 වසරේදී නම්කළ මෙරට තුළ යළිත් මැලේරියාව හිස ඔසවමින් පවතින බවට වෛද්‍යවරු අනතුරු අඟවයි. වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ මැලේරියා රෝගීන් 20 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති අතර ඒ අතරට විදේශිකයින් තිදෙනෙකුද අයත් වෙයි. සෙසු 17දෙනා ශ්‍රි ලාංකිකයින් වන අතර,ඔවුන් රුවන්ඩාව, දකුණු සුඩානය, උගන්ඩාව, ටැන්සානියාව, සියරාලියෝන් හා ගිනියාව ආදී රටවල් වල සංචාරය කර පැමිණි අය ලෙස හඳුනාගෙන තිබේ. මැලේරියා රෝගය පිළිබඳ ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් පැය 24 පුරා දැනුවත් වීමට 071 – 284 1767 සහ 0117 626626 දුරකථන අංකවලට අමතන ලෙසත් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය මහජනතාවට දැනුම්දෙයි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද අවධාරණය කළේය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, “අද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම වැදගත් කරුණක්. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහ ඔබ සියලුදෙනාගේ තැන්පතුවල සුරක්ෂිතභාවය මෙන්ම බැංකු පද්ධතියේ ඇති සියලුම මහජන තැන්පතුවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. මට ඒ පිළිබඳව ඔබට සහතික විය හැකියි. අර්ථසාධක අරමුදල් ආදිය පිළිබඳව ඇතැමුන්ගේ කුකුසක් පැවතුනත් මට කිව හැක්කේ ඔවුන්ගේ ශේෂයන්ට එයින් බලපෑමක් නොවන බවයි.”

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර වර්ග අලෙවි කරන රාත්‍රි වීදි ආහාර වෙළෙඳසැල් කොළඹ මහ නගර සභාවේ ආහාර පරීක්ෂකවරුන් විසින් වටලනු ලැබීය. මෙහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළෙඳාම් කරන ස්ථාන කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීය. කොළඹ මහ නගර සභාවේ වැල්ලවත්ත දිසා අංක 5 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ආහාර පරීක්ෂකවරුන් මෙලෙස රාත්‍රී වීදි ආහාර අලෙවිසැල් පරීක්ෂාවකට ලක්කළේ, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත යන ප්‍රදේශ ආශ්‍රිත ගාලු පාරේ මුහුදු මාර්ගයේය. මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳාම් කරන ස්ථාන රැසක් හමුවී තිබේ. ප්‍රමිතියෙන් තොර ආහාර විකුණූ වෙළෙඳසැල් 6 කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද මෙහිදී කටයුතු කෙරුණි.

Read More

බදු අය කරගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එම යෝජනාවලිය බදු අය කරගැනීමේ ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු විසඳීම වෙනුවෙන් වූ විශේෂිත කරුණු රැසකින් සමන්විත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.‍ රාජ්‍ය ආදායම වැඩිකිරීම රටේ ආර්ථිකමය වශයෙන් ප්‍රධාන කාරණයක් බවත්, එසේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමෙහිලා බදු අය කරගැනීම විධිමත්ව සිදුකිරීම තීරණාත්මක වන බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ඒ අනුව මේ වනවිටත් බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දින 14ක් ඇතුළත අදාළ මුදල් ගෙවන ලෙස විශේෂ…

Read More

ලෝක කුසලාන තරග කාලසටහන ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙරට හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කියා සිටියේ මෙවර ලෝක කුසලානය ඉන්දියාව හෝ එංගලන්තය දිනා ගනු ඇති බවය. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මුම්බායි නුවරදී ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් ද එක්වී සිටියේය. කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා පැවැත්වීමට නියමිතය. මූලික වටයේදී සියලු කණ්ඩායම් එක් එක් කණ්ඩායම් සමග තරග වැදීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හිමි කරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. ලෝක කුසලාන…

Read More

කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරිටා බලා පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 454 දරණ ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02 කට පසු යළි කොළඹට පැමිණ තිබේ.

Read More