Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිරිඳගේ අනියම් සැමියාගේ ඝාතකයා වසර හයකට පසු අත්අඩංගුවට
    Featured

    බිරිඳගේ අනියම් සැමියාගේ ඝාතකයා වසර හයකට පසු අත්අඩංගුවට

    By LFNJuly 8, 2023No Comments2 Mins Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කර රහසිගත ජීවිතයක් ගත කළ හිටපු හමුදා උපලුතිතන්වරයකු වසර හයකට පසු ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.

    ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළ දී ඔහු මෙම ඝාතනය සිදුකර තිබුණි.

    සැකකරු යුද හමුදා පාබල බළකායේ වෙන්නකේනි කඳවුරේ සේවය කර ඇති නිලධාරියකු වන අතර, ඔහු ඝාතනය සිදු කළ සමයේ ම හමුදාවෙන් පළාගිය අයෙකි.

    සැකකරු විවාහයන් දෙකක් කරගෙන ඇති බවත් ඝාතනය කර ඇත්තේ, දෙවැන විවාහයේ බිරිඳගේ අනියම් සැමියා ව බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත.

    2017 වර්ෂයේ මාර්තු 26 වනදා සැකකරුගේ දෙවැන බිරිඳ, ඇයගේ අනියම් සැමියා සමඟ ආපන ශාලාවක ආහාර ගනිමින් සිට ඇති අතර, එම ස්ථානයට පැමිණි සැකකරු, මිය ගිය තැනැත්තාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

    මිය ගොස් ඇත්තේ, ආණමඩුව-තෝනිගල-කුමාරගම පදිංචිව සිටි සේනාධීරගේ දුමින්ද ප්‍රදීප් නමැති බස් රථ රියදුරෙකි.

    මිය යන විට ඔහු 36 වන වියේ පසු වූ අයකු බව සඳහන් ය.

    සැකකරුගේ බිරිඳ මෙම මිය ගිය පුද්ගලයා සමඟ කලක පටන් අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, සැකකරු එම සබඳතාව නවතා දැමීමට දැඩි වෙහෙසක් ගෙන ඇති බව වාර්තා වෙයි.

    නමුත් බිරිඳ දිගින් දිගට ම එම ඇසුර පැවැත්වීම ඉවසාගත නොහැකිව සැකකරු මෙම ඝාතනය කර ඇති බව සඳහන් ය.

    කෙසේ වෙතත් සැකකරු පොලීසියෙන් මිදී පළාගොස් ඇති අතර, ඔහු කලක සිට ව්‍යාජ නම්වලින් පෙනී සිට ව්‍යාපාර ද රැසක් කර ඇති බව වාර්තා වෙයි.

    සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ආණමඩුව පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.