Author: LFN

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 33 දෙනෙකු සමග පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද (01) අළුයම මෙලෙස ගිනිගෙන ඇති බවය. අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අනතුරින් දිවි ගලවාගත් බස් රථයේ රියදුරා පවසා ඇත්තේ ටයරය පුපුරා යාමෙන් පසු බස්රථය කණුවක ගැටුණු බවය. බස් රථ රියදුරු ඇතුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකර තිබුණි.

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. මෙරට වේලාවෙන් අද (01) දහවල් 12.59ට ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 1,260ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය. රිච්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්වී ඇති භූ කම්පනය මෙරට ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවද සඳහන්ය. ඒ අනුව කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට භූ කම්පනය දැනී ඇති බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය. කෙසේවෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසීය.

Read More

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවය. ඊට අමතරව බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා තිබේ.

Read More

‍තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු සක් සුරින් හෙවත් මුතු රාජා හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින් මෙම හස්තියා යළි රැගෙන යාමට නියමිත බවය. 2001 වසරේදී මෙම සක් සුරීන් නැමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණි. එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කළේය. අලුත්ගම කන්දේ විහාරයේ රඳවා සිටි මෙම සක් සුරින් නැමැති හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබුණි.…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත ණය ප්‍රතිව්‍යුගත වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. උන්වහන්සේ පවසන්නේ නව ලිබරල්වාදී ක්‍රමවේදය තුළින් සිදුවන්නේ රට තවදුරටත් බංකොලොත් වීම පමණක් බවයි. ඒ පිළිබඳ තවදුරටත් අදහස් දක්වූ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, “මේ රටේ තියන සම්පත් සූරා කාලා. මේ රටේ තියන සම්පත්වලින් පෝෂණය කරලා පෝසත් කරන්නේ නැතුව විදේශීය රටවලින් කන බොන හැමදෙයක්ම ලංකාවට ගෙන ආර්ථික ක්‍රමවේදයක් ඇති කරලා කොම්පැණිවල අතරමැදියෝ හම්බකරන මුදල් ප්‍රමාණය කෝටි ගණන්. විදේශීය බැංකුවලින් ණය අරන් දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා කියලා මොකක්දෝ හොර වැඩපිළිවෙලක් යනවා මේ දවස්වල. මොකක්ද මේ ක්‍රමවේදය. මේ රට ඇතුළෙම තියෙන දෙවල් වලින් රට පෝෂණය…

Read More

මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු ලෙස සැලකෙන මහා පරිමාණ අපරාධකරුවකු ලෙස සැකකෙරෙන රොටුඹ රසිකගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී ඒ කේ 47 වර්ගයේ ගිනිඅවියක් සහ විදේශ රටක නිෂ්පාදිත අති නවීන පිස්තොලයක් සහ මැගසින් එකක් සොයාගත් බවය. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාවරල සහ දෙයියන්දර පොලිස් වසමේ මුලටියන සහ මාකඳුර ප්‍රදේශවලදී මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඔවුන් මුලටියන සහ මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස්…

Read More

අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ. සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි. ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.

Read More

අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430ක් අහෝසි කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය සහ එහි සාමාජිකයින් 28 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළව අතුරු නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වෙයි. අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 28 වන දා පවත්වන බව දැනුම් දුන් අභියාචනාධිකරණය එදින ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් තිස් තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර තිබේ. මෙම ගැටළුව අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විසඳුමක් සෙවීමට උත්සාහ…

Read More

සතොස සිය භාණ්ඩ වර්ග තුනක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙලෙස සතොස සහල් වර්ග 3 ක මිල පහළ දමා ඇත. දේශීය සුදු කැකුළු මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165කි. දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 168කි. එසේම රතු කැකුළු කිලෝවක මිල ද රුපියල් 2කින් සතොස පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 137කි.

Read More

ICC ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද පැවැත්වීමට නියමිතය. තරගය අද දහවල් 12.30ට බුලවායෝ හිදී ආරම්භ වෙයි. සුපිරි 6 දෙනාගේ කාණ්ඩයේ සිම්බාබ්වේ කණ්ඩායම පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ එහි දෙවන ස්ථානයේය.

Read More