Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිත්තර පාලන මිලෙන් ගිලිහෙයි
    Featured

    බිත්තර පාලන මිලෙන් ගිලිහෙයි

    By LFNJuly 7, 2023No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාලන මිලක් නියම කර තිබුණ ද දේශීය බිත්තර අධික මිලකට අලෙවි කිරීම නැවැත්වීමට අපහසු වී ඇති බව වාර්තා වෙයි.

    සුදු බිත්තර සඳහා රුපියල් 44ක පාලන මිලක් සහ රතු බිත්තර සඳහා රුපියල් 48ක පාලන මිලක් මේ වනවිටත් පැනවීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

    කෙසේවෙතත් ඊයේ (06) දිනය වනවිට ඇතැම් වෙළෙඳසැල්වල බිත්තර රුපියල් 60ක් වැනි අධික මුදලකට අලෙවි වන බව පාරිභෝගිකයින් සඳහන් පෙන්වා දෙයි.

    බිත්තර සඳහා පාලන මිලක් පැනවීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරිය විසින් අඛණ්ඩව වැටලීම් සිදුකළ අතර ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළ බිත්තර හිඟයක් ද ඇතිවිය.

    පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගැනීමත් සමග යළිත් වරක් දේශීය බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරිමට තොඟ ව්‍යාපාරිකයින් පියවර ගෙන තිබුණි.

    ආනයනික බිත්තර බේකරි සඳහා පමණක් ලබාදීමට තීරණය කිරීමත් සමඟ මේ වනවිට යළිත් වරක් වෙළෙඳපොළ තුළ බිත්තර අධික මිල ගණන් යටතේ අලෙවි වන බව වාර්තා වෙයි.

    ආනයනික බිත්තර දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තේ නම් දේශීය බිත්තර මෙලෙස අධික මිල ගණන් යටතේ අලෙවි නොකෙරෙන බවද සඳහන් ය.

    එමෙන්ම පාලන මිල පනවා මාස කිහිපයක් ගතවීම හේතුවෙන් ද මෙලෙස බිත්තර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

    පාලන මිලක් නියම කරනු ලබන්නේ උපරිම මාස තුනක් සඳහා පමණ වන අතර එම කාලය ඉක්මවා යාමත් සමඟ පාලන මිල නියම කරනු ලැබු භාණ්ඩයේ මිලද ඉහළ යනු ලබයි.

    කෙසේවෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික අධිකාරියෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ වැඩිමිලට බිත්තර අලෙවිකරන ව්‍යාපාරිකයින් සොයා දිගින් දිගටම වැටලීම් සිදුකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.