Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මනම්පිටිය මාරක බස් අනතුරේ අලුත්ම කතාව
    Hot News

    මනම්පිටිය මාරක බස් අනතුරේ අලුත්ම කතාව

    By LFNJuly 10, 2023No Comments2 Mins Read310 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් ඔයට පෙරළී අනතුරට ලක්වූ බස් රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බව වාර්තා වේ.

    ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, එසේ වුවත් පළාත් අධිකාරියකින් යම් බලපත්‍රයක් ලබා දී ඇත්දැයි මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අවිධිමත්ව ධාවනය වන බස්රථ සඳහා විශාල දඩ මුදලක් නියම කිරීම සඳහා මේ වනවිට නීති සකස් කරමින් සිටින බවය.

    ඒ අනුව ඉදිරියේ දී නීති තද කරන බවත් ඊයේ රාත්‍රීයේ අනතුරට පත්වූ බස්රථයට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ශෂී වෙල්ගම මහතා තවදුරටත් පැවසීය.

    “අපිට තොරතුරු ලැබුණාහම ජංගම පරීක්ෂණ කණ්ඩායම් යොදවලා පරීක්ෂා කරනවා. මෙම කණ්ඩායම් යෙදෙන දවස්වලට සමහර වෙලාවට මෙම බස්රථ ධාවනය කරන්නෙත් නෑ. එවැනි බස් ගැන තොරතුරු ලබාගෙන ඒවා උසාවියට ඉදිරිපත් කරලා දඬුවම් දුන්න අවස්ථාත් තියෙනවා. ඊට අමතරව තමා මෙයාලා මේ කිසිම අවසරයක් නැතුව ධාවනය කරලා තියෙන්නේ.”

    පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

    කදුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වු මෙම බස් රථය කොටලීය ඔයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

    බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අනතුරින් මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබුවන් 41දෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.