Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩබාරගත් වෛද්‍යවරිය මාස තුනක් තිස්සේ වාෂ්ප වෙලා
    Featured

    වැඩබාරගත් වෛද්‍යවරිය මාස තුනක් තිස්සේ වාෂ්ප වෙලා

    By LFNJuly 10, 2023No Comments2 Mins Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාහල්කඩ ගොවි ජනපදයේ ඇති ප්‍රාදේශීය රෝහලේ වැඩ භාරගත් වෛද්‍යවරියක වැඩ බාරගත් දා සිට මේ දක්වාම මාස තුනක් තිස්සේ, රෝහල “පැත්ත පලාතෙවත්” ඇය නොපැමිණි බව වාහල්කඩ රෝහල් කමිටුව කියයි.

    පසුගිය අප්‍රේල් මස 25 වැනි දා වාහල්කඩ රෝහලට පැමිණි මෙම වෛද්‍යවරිය, මැයි මස එකොළොස් වැනි දින රෝහලේ වැඩ නිල වශයෙන් භාර ගෙන, එදිනම “ලෙඩ නිවාඩු ” දමා රෝහලෙන් පිටව ගිය බවත්,මේ හේතුව නිසා දැනට ස්ථාන මාරුවක් ලබා වාහල්කඩ රෝහලෙන් නික්ම යාමට බලා සිටින එම රෝහලේ සිටින වෛද්‍යවරියට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවද ,රෝහල් කමිටුව සඳහන් කරයි.

    දැනට වෛද්‍යවරියන් දෙදෙනකු පමණක් සිටින වාහල්කඩ රෝහලේ එක් වෛද්‍යවරියක ට ස්ථාන මාරුවක් ලැබී ඇතත්, ඇය වෙනුවට සේවයට වාර්තා කළ වෛද්‍යවරිය දීර්ඝ කාලීනව නොපැමිණීම හේතුවෙන්, 12,000 අධික ජනතාවකට පිහිටවන වාහල්කඩ රෝහල දැඩි අවදානමකට ලක්වී ඇතැයි ද රෝහල් කමිටු නියෝජිතයෝ අවධාරණය කළහ.

    වාහල්කඩ ඩි 01,ඩි 02,මල්පෝරැව,ඩි08,ඩි 07,ඩි 06,ඩි 05,ඩි 04,ගල්කඩවල, රඹාවැව, කහටගොල්ලෑව, මාවතවැව, කදුරුවැව,සහ පුංචි මුදා ගම යන ගම්මාන රාශියකින් දිනකට රෝගීන් දෙසීයක් පමණ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා පැමිණෙන බවත්,ළමා සායන ,ගර්භනී සායන, වකුගඩු සහ පෙූෂර් සායන ඇතුළු සායනික ප්‍රතිකාර සඳහා ,රෝගීන් හත්සියයක් පමණ මෙම රෝහලේ ලියාපදිංචි වී ප්‍රතිකාර ලබා ගන්නා බවත්,වාහල්කඩ රෝහල් කමිටුවේ ලේකම් පී.අමරසිංහ මහතා පැවසීය.‍ෙ

    මේ සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එන්.සි.ඩි ආරියරත්න මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී මෙසේ ෙ සඳහන් කළේය.

    මෙලෙස සේවයට වාර්තා නොකර සිටින වෛද්‍යවරිය වාහල්කඩ රෝහලේ වැඩ බාර අරගෙන පැය භාගයක්වත් නොඉඳ පිටවී ගොස් තිබෙවා. එය නීති විරෝධී ක්‍රියාවක් , ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපි හතරක් යවා තිබෙනවා. තවමත් එයට ප්‍රතිචාරයක් නැහැ.

    දැනට ස්ථාන මාරු ලබා සිටින වෛද්‍යවරිය නිදහස් කිරීමට තමා කටයුතු නෑ. වාහල්කඩ රෝහලට වෛද්‍යවරයකු ලබා දෙන තුරු රෝහලේ සිටින වෛද්‍යවරියන් දෙදෙනාගෙන් කිසිවකුත් නිදහස් කරන්න බැහැ.

    වාහල්කඩ වැනි අතිදුෂ්කර පළාතක රෝගීන් සහ ජනතාවගේ සුබසෙත පිණිස රෝහලට වෛද්‍යවරයකු ලබා දෙන තුරු තම ස්ථාවරය වෙනස් නොකරන බවද ආරියරත්න මහතා අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.