Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රිවිල් හිමිකරුවන්ට RMVයෙන් විශේෂ දැනුම්දීමක්
    Featured

    ත්‍රිවිල් හිමිකරුවන්ට RMVයෙන් විශේෂ දැනුම්දීමක්

    By LFNJuly 16, 2023No Comments2 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රීරෝද රථ සඳහා සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    එහි සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කෙසේවෙතත් සෙසු වාහනවලට හෝ පදිකයින්ට අවහිරයක් වන ආකාරයට සකස් කළ කිසිදු ත්‍රීරෝද රථයකට ධාවනයට ඉඩ ලබානොදෙන අතර දැඩි නියාමනයක් සිදුකරන බවය.

    මිලියන 08ක් පමණ වන සමස්ත ලියාපදිංචි වාහනවලින් මිලියන 02ක් පමණ ත්‍රීරෝද රථ වීම විශේෂත්වයකි.

    තම තමන්ගේ ආශාවන් මත ත්‍රීරෝද රථය විවිධ වෙනස්කම්වලට ලක්කිරීම් අද සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.

    ඒ අනුව ත්‍රීරෝද රථ සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ පිළිබඳව අදහස් දැක්වු එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) සුජීව තෙන්නකෝන් මහතා,

    “ත්‍රීවිල් හිමිකරුවන් මේ මොඩිෆිකේෂන් කරලා තියෙනවා. හැබැයි මෝටර් ප්‍රවාහන පනතට අනුව ත්‍රීවිල් රථයක් එනකොට තිබුණු ආකාරය මොන විදියෙන්වත් වෙනස් කරන්න බැහැ කියලා. වෙනස් කරන්න බැහැ කියලා තියෙද්දි මේවා වෙනස් කරලා තියෙද්දි මේ වාහනයක් පාරේ දි ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම නැත්නම් වෙන පරීක්ෂාවක දී මේවා හම්බවුණොත් ඒ වාහනවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පාරේ යන අනෙකුත් වාහනවලට හෝ පදිකයින්ට අනතුරක් නොවෙන විදියට කරන්න පුළුවන් පොඩි පොඩි මොඩිෆිකේෂන් තියෙනවා. යම්කිසි වෙනස්කමක් කරලා තියෙනවා නම්, තමන්ගේ ප්‍රදේශයේ තියෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, ඉන්න මෝටර් රථ පරීක්ෂකට මේක පෙන්නලා වාර්තාවක් ගන්න ඕනේ. ඒ වාර්තාව තියෙන විදියට ඒ අයකරන ගණන් ටික අයින් කරලා එයාගේ ලියාපදිංචි සහතිකයේ අපි ගහලා දෙනවා. මේකේ තියෙන මොඩිෆිකේෂන් එක අපි ගහලා තිබුණට ඒක අනතුරුදායක විදියට කරලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම පොලීසියට පුළුවන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට 0112 203 3333 හෝ 0112 203 3371 යන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්.”

    කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එළැඹුණු මෙම තීරණයට එකඟ නොවන බවය.

    එම සංගමයේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.

    “ත්‍රීවිල් රියදුරන් තමන්ගේ ත්‍රීරෝද රථය අලංකාර කරන ආසාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව තමන්ගේ ආදායම වැඩිකර ගන්න, ආණ්ඩුවේ උවමනාව ඉටුකරන්න, ත්‍රීවිල් රියදුරාගේ කරේ කෑලි එල්ලලා ඒකෙන් ගාණ හොයා ගන්න උත්සාහ කරනවා…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202604 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.