Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පේරාදේණියේ ප්‍රශ්නගත එන්නත ගැන ගත් තීරණය
    Featured

    පේරාදේණියේ ප්‍රශ්නගත එන්නත ගැන ගත් තීරණය

    By LFNJuly 16, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමට හේතුවූ වූ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ පේරාදෙණිය රෝහලට සහ මහනුවර රෝහලට ලබාදුන් එම එන්නත් කාණ්ඩ තාවකාලිකව භාවිතය අත්හිටුවන බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

    “පේරාදෙණිය රෝහලේ Ceftriaxone ඖෂධය ලබාදීම නිසා මියගිය දරුවාගේ ඒ මියයෑම පිළිබඳව මා වෙතින් ප්‍රශ්න කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී එම ඖෂධය භාවිතයෙන් ඉවත්කරනවාද නැද්ද යන්න මා විසින් ප්‍රශ්නයක් නැගුවා. ඒ අවස්ථාව වන විට ඒ මියගිය දරුවාට ලබාදුන් ඒ Ceftriaxone ඖෂධය ඒ වේලාවේදී අපිට වෙනත් නැත්වලින් එම ඖෂධය ලබාදීම නිසා අසාත්මිකතාවයන් වාර්තා වී නොතිබුණ නිසා අපි ඒ වෙලාවේදී එම ඖෂධය භාවිතයෙන් ඉවත්‌ නොකිරීමට තීරණය කර තිබුණේ. නමුත් මේ වනවිට නැවතවරක් මහනුවර රෝහලේ දී තවත් ඒ ඖෂධයම පාවිච්චි කරන විට රෝගීන් දෙදෙනෙකුට ආසාත්මික තාවයන් පැමිණ තියෙනවා. ඒ ආසාත්මික තාවයන්ට අපි අවශ්‍ය ප්‍රතිකා ලබාදීලා ඒ රෝගීන් සියලුදෙනාම ප්‍රකෘති තත්ත්වයේ ඉන්නවා. ඔවුන්ට කිසිම හානියක් නැහැ. නමුත් පේරාදෙණිය රෝහලට සහ මහනුවර රෝහල ඇතුළු ලංකාවේ අනෙක් රෝහල්වලට මෙම ඖෂධයේ කාණ්ඩය 10කට වැඩිය අපි බෙදාහැරලා තියෙනවා. මේ වනවිටත් එම ඖෂධය එම රෝහල්වල දිගටම භාවිතා කරනවා. ඉතින් මහනුවර රෝහලේ ඒ ඇතිවූ සිද්ධියත් සමගම මහනුවර රෝහලටත් පේරාදෙණිය රෝහලටත් ලබාදී තිබූ කාණ්ඩවලට අයත් ඒ ඖෂධ තොගය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කළා. මේ පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියත්, අමාත්‍යවරයාත්, ඖෂධ භාරව ඉන්න අතිරේක ලේකම්වරයාත්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාත් සමග සාකච්ඡා කරලා රෝගීන්ගේ සුරක්ෂිත තාවය සඳහා තාවකාලිකව මෙම ඖෂධය තත්ත්ව රසායනාගාරයකට යවලා පරික්ෂාකරන තෙක්. මහනුවර රෝහලටත්, පේරාදෙණිය රෝහලටත් ලබාදී ඇති එම කාණ්ඩ තාවකාලිකව භාවිතය නතර කරන්න අපි තීරණය කරලා තියෙනවා. නමුත් අනෙක් කාණ්ඩ තවදුරටත් එසේම භාවිත කරන්න තීරණය කරලා තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202604 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.