Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව කැලණි පාලමේ ඇණ ගැලවීමක් නෑ – ආමාත්‍ය බන්දුල ගුණවර්ධන
    Featured

    නව කැලණි පාලමේ ඇණ ගැලවීමක් නෑ – ආමාත්‍ය බන්දුල ගුණවර්ධන

    By LFNJuly 20, 2023No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නොමැති බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසු (18) දිනයේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද මෙම අදහස් පළ කළේය.

    කෙසේ වෙතත් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට ඇතැම් පුද්ගලයන් සිදුකර ඇති හානි සම්බන්ධයෙන් ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කරන ලදි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

    ”යකඩ පාලමේ නිරීක්ෂණ හා නඩත්තු කටයුතු සඳහා පාලමේ යටි පැත්තේ ඉදිකර ඇති පදික පාලමේ ආරක්ෂක ඇඳිවලට යොදා ඇති ජී.අයි බට හොරකම් කරලා තියනවා. පාලමේ එකතු වෙන වැසි ජලය ප්‍රවාහනය සඳහා යොදා ඇති අපවාහන නළ පද්ධතියේ ඇති අධික ඝනකමකින් යුත් පී.වී.සී බට හොරකම් කරලා තියනවා. නව කැලණි පාලමේ සන්නිවේදන ගොඩනැඟිල්ලේ තොරතුරු පරිගණක පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිරින් සවිකරන කොටස් හොරකම් කරලා තියනවා. නව කැලණි පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික හොරකම් කරලා තියනවා. එතකොට කැලණි පාලමට වෙලා තියන අලාභය මෙහෙමයි. ජී.අයි බට හොරකම් කිරීමෙන් මිලියන 4.4යි. වායු සමීකරන කොටස් හොරකම් කිරීමෙන් මිලියන 0.5යි. දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් හොරකම් කිරීමෙන් මිලියන 1යි. මුළු අලාභය මිලියන 5.9යි. නව කැලණි පාලමේ කෝටි ගාණක අලාභයක් වෙලා නෑ. ඇණ ගලවලා නෑ. ඒ ඇණ ගලවන්ඩ බෑ. ඒ ඇණ ගලවන්න විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගමෙන් ගේන්න ඕනේ. එහෙම නැත්තං පාලං අනතුරට ලක් වෙනවා. ඒ නිසා ඇණ ගැලවීමක් නෑ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.