Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංශෝධන 193ක් සමඟ දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වේ
    Featured

    සංශෝධන 193ක් සමඟ දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වේ

    By LFNJuly 20, 2023No Comments3 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත ඊ (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන 193ක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

    ඒ අනුව පිහිටුවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මෙමගින් නෛතික ප්‍රතිපාදන සැලසේ.

    නව දූෂණ විරෝධි පනතින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගල ලැයිස්තුවට, මෙතෙක් ඇතුළත්ව නොසිටි ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

    දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඉකුත් අප්‍රේල් 27 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, ජුනි 21 වනදා සහ ජුලි 07 වනදා එය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි.

    පනත් කෙටුම්පත තුන් වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව අද පැවති අතර, එහිදී කෙටුම්පතට නව සංශෝධන රැසක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගනු ලැබීය.

    පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු නව දූෂණ විරෝධි පනතින් අල්ලස් සහ දූෂණ වැරදි පිළිබඳ චෝදනා අනාවරණය සහ විමර්ශනය කිරීමට, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආශ්‍රිත වැරදි සඳහා නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට විධිවිධාන සලසා තිබේ.

    මේ යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කෙරෙනු ඇත.

    කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් තිදෙනා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති අතර, එය සිදුකෙරෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අතර, එම තනතුරට මෙතෙක් පැවති බලයට වඩා වැඩි ක්‍රියාකාරී බලයක් නව පනතින් ලබා දී තිබේ.

    එමෙන්ම නව පනතින් එක් එක් ක්ෂේත්‍රවල සුදුසුකම් ඇති විමර්ශන නිලධාරින් කොමිසමට සෘජුව බඳවාගැනීමේ අවස්ථාවද හිමි වේ.

    එමෙන්ම නව පනත ඔස්සේ කොමිසමට නඩු පැවරීමේ බලය හිමිව ඇති අතර, අවශ්‍ය අවස්ථාවකදී ඊට නීතිපතිවරයාගේ සහාය ද ලබාගත හැකිය.

    නව පනතින් අල්ලස් සහ දූෂණය යන වචන සඳහා පුළුල් අර්ථයක් ලබා දී ඇති අතර, ලිංගික අල්ලස් ලබාගැනීමද මෙමගින් සාපරාධි වරදක් ලෙස අර්ථ දක්වා තිබේ.

    රාජ්‍ය ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම් මෙන්ම රාජ්‍ය ආයතන හා බැඳුණු පෞද්ගලික ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම්ද නව පනත යටතේ වරදක් ලෙස සලකනු ඇත.

    නව දූෂණ විරෝධි පනතින් මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් නොවුණු ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, මහ ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

    ඔවුන් වාර්ෂිකව සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව කොමිසමට හිමිවෙයි.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආදායම්වල අස්වාභාවික ඉහළ යාමක් දකින්නට ලැබෙන්නේ නම්, ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ බලයද කොමිෂන් සභාවට හිමිය.

    නව දූෂණ විරෝධි පනත තුළින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංගම් ආශ්‍රිතව සිදුවන්නා වූ දූෂණ හා වංචාවලට අදාළවද නීති සම්පාදනය කර තිබේ.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා,

    “මෙම පනත ක්‍රියාත්මකවීමත් සමග අල්ලස් පනත, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත, වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනත කියන පනත් 03ම අහෝසි වෙනවා.”

    “ඒවා අහෝසීවීමට පෙර කාලයේ සිටම යම් වරදක් සිදුකර තිබෙනවා නම් නව පනතේ විධිවිධාන යටතේ කරන වරදක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙනවා.”

    “ඒ අනුව අතීතයේ සිදුකරන ලද වැරදි සම්බන්ධවත් මේ පනත ක්‍රියාත්මවීමෙන් පසුව නීතිය ක්‍රියාත්මක වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.