Author: LFN

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් 08 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (08) මෙම අනතුරු සිදුව තිබුණේ මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල පොලිස් වසම්වලදීය. වැලිකන්ද පොලිස් වසමේ අසේලපුර කුරුළුබැද්ද මාර්ගයේ අසේලපුර ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක මාර්ගය හරහා ගමන් කල දරුවෙකු ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දරුවෙකි. මේ අතර මහනුවර – යාපනය මාර්ගයේ දියබුබුල පාලම අසලදී මාතලේ දෙස සිට ඇල්වල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.…

Read More

අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙට්ම්පත් සම්මත නොවීම හේතුවෙන් එක්සත් ජනපදය තුළ හටගෙන ඇති අර්බුද තවත් උග්‍ර වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් රජය වසා දැමීමත් සමග ගමනාගමනය කපා හරින ලෙස ගුවන් සමාගම්වලට දැනුම් දීමෙන් පසු එක්සත් ජනපදයට යාම් සහ ඒම් ඇතුළත් ගුවන් ගමන් 1,400කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. ගුවන් ගමන් නිරීක්ෂක FlightAware ආයතනයට අනුව පසුගිය සිකුරාදා දිනයේදී ගුවන් ගමන් 7,000කට වඩා ප්‍රමාදයක් සිදුව තිබුණි. අමෙරිකානු පාර්ලිමේන්තුවේ මූල්‍ය පනත් කෙටුම්පතට අවසර නොලැබීම හේතුවෙන්, රජයේ අංශවලට අරමුදල් වෙන් කිරීමට නොහැකි වී ඇති අතර, එදිනෙදා වැඩ…

Read More

දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීම අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව අද පෙරවරු 10.00ට අම්පාර උහන නගරයේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර පසුගිය දා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව මෙම ව්‍යාපෘතිය පැවැත්වේ. මෙහිදි, උතුරු පොල් ත්‍රිකෝණය සඳහා…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත. 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 20.1%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම වසරේ මුල් මාස නමය තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවය. ඒ අනුව, 2025 මුල් මාස නමය තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙස වාර්තා වන…

Read More

නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් මත මෙම තීරණය ගත් බවය.

Read More

ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සැමවිටම සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා පවසයි. ඉන්දීය සංචාරය තුළ එරට ‘NDTV’ නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී විපක්ෂනායකවරයා මේ බව පැවසීය. NDTV නිවේදිකාව, “මෙම කලාපය තුළ වර්ධනය වෙමින් පවතින චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානයක් යොමුවී තිබෙනවා. චීන ක්‍රියාකාරකම් ගැන ඉන්දීය ජනතාවගේ කනස්සල්ල සම්බන්ධව විපක්ෂ නායකවරයා ලෙස ඔබේ ස්ථාවරය කුමක්ද ?” සජිත් ප්‍රේමදාස – විපක්ෂ නායක “ඉන්දියාව කිසි විටෙකත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. අපි ඔබ සමග සමීපව කටයුතු කිරීමට සූදානම්. ඒ වගේම මම කියන්න ඕන ශ්‍රී ලංකාවට ඉන්දියාව සමග විශේෂ සම්බන්ධතාවක් තිබෙනවා. අප දෙරටේ අනාගතයන් අතිශයින්ම…

Read More

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ. කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය. වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව පොලීසිය පැවසීය.

Read More

ගාල්ල, සීනිගම තෙල්වල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (8) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග එක්ව සිදුකරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

Read More

මත්කරල් 400ක් සමග සැකකරුවකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වන එගොඩඋයන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එගොඩඋයන පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම මත්කරල් තොගය සොයා ගෙන ඇත. අදාළ සැකකරු කලක පටන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම සැකකරුට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බව පොලීසිය සඳහන් කළේය.

Read More

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවය. සැකකරුවන් කාර් රථයකින් පැමිණ ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. ————————————- කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් කොළඹ, කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.

Read More