Author: LFN

තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊයේ (07) පෙ.ව.10.00 සිට නොවැම්බර් 28 රාත්‍රී 12.00 දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර නියමිත දිනට පසුව ඉදිරිපත් කරන අයදුම්පත් වලංගු නොවන බවය.

Read More

තම බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ පලා යාමෙන් පසු සිව් හැවිරිදි දියණිය ද ඝාතනය කර පියා ද සිය දිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. අදාළ කාන්තාව නිවසින් පිටව යාමට පෙර සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමාට ඔහු සමග ජීවත් විය නොහැකි බවත් දික්කසාද වීමට අවශ්‍ය බවත් ය. කෙසේ වෙතත් සැමියා විසින් බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර පොලීසියට ගොස් නිවසට පැමිණෙන අතරතුර මෙසේ සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. ඔහු සිය දියණිය අවන්හලකට රැගෙන ගොස් ඇය ප්‍රිය කරන ආහාර ද ඇයට රැගෙන දී ඇති අතර ඇය එම ආහාර අනුභව කිරීමෙන් පසුව වාහනය තුළදීම ගෙල සිර කර…

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (8) පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබේ. ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථය ඊයේ (07) රාත්‍රියේ ගමන්කිරිමේ දී මෙලෙස මාර්ගය හරහා පාපැදිකින් ගමන්කළ දරුවාගේ ගැටී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු‍ 11 ක් වූ කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි. මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. Most

Read More

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවය. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6 ට සිදු කෙරේ. අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. 2026 අයවැය ඊයේ (07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පැය 4…

Read More

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය යෝජනාව පහතින්. 1. පූර්විකාව ගරු කථානායකතුමනි, අපගේ දෙවන…

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ දී පැවැත්විණි. එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගනිමින් තුන්වන වරටත් වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්ව ඇත.

Read More

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ මහතා පත්කර ඇත. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර ඉකුත් 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම බලපැවැත්වේ. කොමදොරු ප්‍රසාද් ජයසිංහ මහතා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කෙරේ. ප්‍රසාද් ජයසිංහ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 30 පමණ අත්දැකීම් බහුල කාර්යශූර නිලධාරියකු ලෙස හැදින්විය හැකිය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Read More

විදෙස් ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

Read More