Author: LFN

රජරට විශ්වවිද්‍යාලයට ස්ථීර උපකුලපතිවරයෙකු පත් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කර ඇති වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව රජරට විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවය. සංකේත වැඩවර්ජනයක් ලෙස ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා තීව්‍ර කර තිබේ. අද වනවිට වැඩවර්ජනය ආරම්භ කර දින 4ක් ගතව ඇත. වසරකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලය තුළ උපකුලපතිවරයෙකු නොමැති වීම හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යවා ඇති නාමයෝජනාවලට කිසිදු හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීම ආදි හේතු මත මෙම වැඩවර්ජනය සිදුකරන බව නාලක ගීකියනගේ මහතා වැඩිදුරටත් පැවසීය. “විශ්වවිද්‍යාලයේ…

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ යන අයගේ සමීපතමයෙකු බවද පොලිසිය සඳහන් කළේය. සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890 ක් ද සොයාගෙන තිබේ. එමෙන්ම සැකකරු මනුෂ්‍ය ඝාතන පහකට සම්බන්ධ බවටද පොලිසිය සඳහන් කළේය.

Read More

හල්දුම්මුල්ල අක්කරසීය රක්ෂිතයේ කැලෑව තුළ වගාකර තිබු කංසා හේන් 6ක් වටලා එහි මුරට සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කංසා හේන් 6හි විශාල ගස් 85,000කට වැඩි ප්‍රමාණයක්ද, කුඩා පැළ තවාන් 4ක්ද තිබී ඇති අතර ඒ සියල්ල පුලුස්සා දමා විනාශ කළ බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බේගමුව හා කල්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් අද (03) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දෙනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 46 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ කාන්තාවකි. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ කාන්තාව රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබුණි.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක උසස් පෙළ විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවය. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිතය. එමෙන්ම මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විශයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම, දේශණ සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම…

Read More

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

මිනිස් ජාවාරම් ඇතුළු ක්‍රියාකාරකම් රැසකට චෝදනා ලබා වරෙන්තු නිකුත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක තායිලන්තයේදී අත්අඩංගුවට..

Read More

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) සිට එළැඹෙන 08 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත. ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කෙරේ. මෙම සංචාරය අතරතුරදී, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය හමුවන අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟද නිල සාකච්ඡා පවත්වනු ඇත. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට එළැඹෙන 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ…

Read More

හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ ඊයේ (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ. බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ මෙහෙයුමක්ද දියත් කර ඇත.

Read More

නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කිරීමට ගිය කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට තිබේ. අදාළ නිලධාරීන් පිරිස රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලකුලම් ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කර සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ යකඩ පොලු හා ලී පොලු රැගෙන පැමිණි පිරිසක් විසින් නිලධාරීන්ට පහරදී සැකකරු මුදවා ගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇත. ඒ අනුව රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 32ත්…

Read More