Author: LFN

කිතුල්ගල පොලිස් වසමේ හැටන් කිතුල්ගල මාර්ගයේ 39 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කිතුල්ගල දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු‍ 44ක් වූ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය තැලිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිතුල්ගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ‘වන සුරැකුම‘ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (03) සිට ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය පවසයි. මෙම මෙහෙයුම් ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ ක්‍රියාත්මක වේ. පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන මෙම ඒකකය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුක්ත වනු ඇත. මේ ඔස්සේ ලංකාවේ වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිතව සිදුවන හානි තත්ත්වයන් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දිය හැකි බවද අමාත්‍යාංශය පවසයි. වැඩිවන වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමත්, එම අපරාධ මැඩලීමේ මෙහෙයුම් සිදු කිරීමත්, මහජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව තොරතුරු ලබා දිය හැකි පසුබිමක් සැකසීමත්…

Read More

මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන් දෙදෙනා මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කරන සිදුවීමට අදාළ වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම වීඩියෝ පටයට අදාළ සිදුවීම ඊයේ (02) රාත්‍රී කාලයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසලදී සිදුව ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් අද (03) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වේ. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මධ්‍යම රාත්‍රියේදී සහ අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.

Read More

වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් 31 වැනිදා රාත්‍රියේ හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේවෙතත්, සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණයට නවකවධ සිදුවීමක් හේතු වී ඇති බවය. මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස් නිර්මාල් වික්‍රමදාස නමැති සිසුවාය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි පුවරසන්කුලම පොලිසිය අද දෙරණට සඳහන් කළේය. ජීවිතක්ෂයට පත්වන මොහොතේ සිසුවාගේ ශරීරයේ සැළකිය යුතු මට්ටමක මත්පැන් සාන්ද්‍රණයක්ද අන්තර්ගතව තිබී ඇති බවට සැක පළ කරන බවද පොලිසිය වැඩිදුරටත් පවසයි. කෙසේවෙතත් සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම හදිසි මරණයට නවකවධය හේතු වූ බවය. අද දෙරණ…

Read More

පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අවධානයෙන් යුතුව කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ 2025/26 මහ කන්නය මේ වන විට ආරම්භ වී ඇති බැවින් අදාළ වී වගාව සඳහා බිම් සැකසීම් ආරම්භ කර ඇති බවත් එහි ආරම්භක අවධියේ පැවැත්ම හේතුවෙන් වී වගා භූමි සුරක්ෂිතව පවතින අතර හානි තත්ත්වයන් මේ දක්වා වාර්තා වී නොමැති බවය. නොමිලේ රක්ෂණය යටතේ ආවරණය ලබන අනිකුත් භෝග වන බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව දිස්ත්‍රික් භාර නිලධාරීන් ඇස්තමේන්තුගත…

Read More

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න වන බවය. —————————- බටහිර දෙසින් ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇතැයි තහවුරු වෙයි බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව පවසයි. ඒ අනුව එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ. එමෙන්ම තවදුරටත් එම යාත්‍රාවේ ඇති උර කිරුම් කටයුතු සිදුකරනු ඇති බවත් නාවික…

Read More

මධ්‍යස්ථාන හරහා ලොකු ලූනු මිලදී ගැනීමේදි වට ප්‍රමාණයේ මැන බැලීමක් සිදු නොකරන බව ලංකා සතොස ආයතනය පවසයි. එම ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා පැවසුවේ ලූනු ගෙඩියේ ප්‍රමාණය මැන බැලීමක් සිදු නොකරන බවත් අදාළ නිලධාරීන් විසින් ඇස් මට්ටමින් පරීක්ෂා කර අදාල මිලදී ගැනීමේ ක්‍රියාවලියන් සිදු කරන බවත්ය. ගොවීන්ගේ ලොකු ලූනු අලෙවි කරගැනීමට නොහැකිවීමේ ගැටලුව විසඳීම සඳහා ලංකා සතොස ආයතනය ලොකු ලූනු අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබුවේ පසුගියදාය. නමුත් ඒ සඳහා කොන්දේසි 17ක් පැනවූ අතර ඒ අනුව ලොකු ලූනු ගෙඩියක විශ්කම්භවයය 35-65mm අතර විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි 8ක් පමණක් අන්තර්ගත විය යුතු බවත්…

Read More

ත්‍රිරෝද රථයක් සේදීම සඳහා බාල්දියක් ගැනීමට සූදානම් වූ තරුණියක් කැලණි ගඟට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය බේරා ගැනීම සඳහා ඇයගේ 25 හැවිරිදි පෙම්වතා ද ගඟට පැන ඇති අතර ඔහු බේරා ගැනීමට ඔවුන් සමග පැමිණි පිරිසට හැකිවුණත් තරුණිය දියේ ගිලී ඇති බව වාර්තා වේ. නුවරඑළිය, බගවන්තලාවේ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන පස්දෙනෙකු කොළඹ බලා යන අතරතුර අද පස්වරුවේ කොහිලවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය නවත්වා තිබුණි. ඒ කැලණි ගඟ අසල වාහන සෝදන ස්ථානයකින් එම රථය සෝදා ගැනීම සඳහාය. එම අවස්ථාවේ ත්‍රිරෝද රථය සේදීම සඳහා බාල්දියක් ගැනීමට සූදානම්වීමෙන් මෙසේ තරුණිය ගඟට ඇද වැටී ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් තිබුණේ 21 හැවිරිදි තරුණියකි.

Read More

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණේ මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. සැකකරුව මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More