Author: LFN

මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ වනවිට පැවත්වෙන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනි.

Read More

සීනිගම ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් සමඟ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව සතුව කිලෝග්‍රෑම් 06කට අධික හෙරොයින් ප්‍රමාණයක් තිබූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Read More

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යෙදවීමට පියවර ගෙන ඇත.

Read More

මෙම වසරේ අපේක්ෂිත රේගු ආදායම තවත් දින තුනක් තුළ ළඟා කරගත හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, රේගු ඉතිහාසයේ දිනක් තුළ ඉපැයූ වැඩිම ආදායම වන රුපියල් බිලියන 27.7ක ආදායමක් පසුගිය 06 වැනිදා වාර්තා වූ බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා, ”රේගු ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරලා තිබෙන මේ දක්වා 2025.10.15 වැනිදා. අපි එක් දිනකදී රුපියල් බිලියන 24කට අධික ප්‍රමාණයක් එනම් 24.4ක් වගේ ප්‍රමාණයක ආදායමක් ලැබුණා. මේ මාසේ නොවැම්බර් මාසේ හය වෙනිදා රුපියල් බිලියන 27.7ක ආදායමක් ලැබුවා. එතකොට ඒක තමයි දැන් මේ වෙනකොට එක් දිනකදී ලබපු වැඩිම ආදායම. මේ හය…

Read More

අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල්/ තැනැත්න් මෙම යතාවත් කිරීම් සිදු කිරීම් සිදුකළ යුතු බවය. කෙසේ නමුත් 2024 වසරේ දුක්ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යථාවත් කිරී අනිවාර්ය නොවන බවත් මීට හේතුව වනුයේ තොරතුරු සමීක්ෂණය සඳහා එම අයදුම්කරුවන් දැනටමත් යොමු කර ඇති බවත් එම මණ්ඩලය සඳහන් කර තිබේ. එමෙන්ම නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පතේ සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශය බවද එම මණ්ඩල සඳහන් කළේය. එම මණ්ඩලය සඳහන් කළේ අන්තර්ජාල සහිත…

Read More

ඉන්දියාවේ මැර කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ දාවුඩ් ඊබ්‍රහිම් නැමැත්තාගේ කල්ලිය වන ඩාවුඩ් ඊබ්‍රාහිම් සින්ඩිකේට් නම් සංවිධානය දකුණු ඉන්දියාව හරහා තම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා මාර්ග ගවේෂණය කිරීමට උත්සාහ දරන බව ඉන්දීය බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මත්ද්‍රව්‍ය සහ ජාවාරම් සඳහා දිගු කලක් ප්‍රසිද්ධව සිටින D සින්ඩිකේට් නම් සංවිධානය විසින් සිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් වූ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් LTTE සංවිධානයේ හිටපු ඇතැම් සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගෙන ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. ඒ අනුව මෙම කල්ලි විසින් ඇති කරගන්නා…

Read More

ගම්පහ, ඉදුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර වැසිකිළිවලකට දමා තිබූ පුද්ගල මළ සිරුරක් අධිකරණ නියෝග මත ගම්පහ පොලිසිය විසින් ඊයේ (08) ගොඩගනු ලැබීය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉදුරුගල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 61 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. අදාළ ඝාතනය පසුගිය 2024.09.08 දින සිදු වී ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සොහොයුරකු විසින් අතුරුදන් වීමක් සම්බන්ධව ගම්පහ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි. කෙසේවෙතත් වසරක පමණ විමර්ශනයකින් පසුව අනාවරණය වූ කරුණු අනුව පොලීසිය විසින් පසුගිය (06) දිනයේ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමට හැකි වී ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) උදෑසන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් අණ නොතකා ධාවනයකළ මෝටර් රථයක් පසුපස හඹා ගොස් එම රථය නවතා පරීක්ෂා කර ඇත. එහිදී එම රථයේ රියදුරු අසුන යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්, එම පතරොම් ගැබක් තිබී හමුවී ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව, මෝටර් රථය හා එහි රියදුරු ලෙස සිටි පුද්ගලයා ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම අවිය තවත් පුද්ගලයෙකුට ලබාදිමට රැගෙන…

Read More

සීගිරිය පොලිස් වසමේ අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවය. මියගොස් ඇත්තේ වදළුගම, කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. මෙම දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More